තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

මංගල චොකලට් සිරස්තල

2018 අප්‍රේල් 24, අඟහරුවාදා 15:44

විවාහ ගිවිසගන්න දිනට නිර්මාණාත්මක කේක් විශේෂාංග

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(0 මනාප)
දෙහදක බැඳි පෙම විකසිත වී සොඳුරු විවාහයට එළැඹෙන මංගල මල් සමයත් උදා වුණා. අපේ ආදරණීය පාඨක ඔබ දැන් විවාහ ගිවිසගන්න ලස්සනම ලස්සන කේක් නිර්මාණත් සොයනවා ඇති.

 

ඒ වෙනුවෙන් හැමදාමත් ඔබේ මිතුරිය තරුණී ඔබ ළඟින්ම ඉන්නවා. මැයි, ජුනි, ජූලි මාසවල මංගල මල් සමය නිසා ඔබේ විවාහ ගිවිස ගැනීමටත් මේ හොඳම කාලයක් වෙන්න ඇති. එහෙම නම් බලන්න, මේ ලස්සක කේක් නිර්මාණ පෙළ අතරින් ඔබේ තෝරාගැනීම කුමක් ද කියලා. දැන් කාලේ විවාහ ගිවිසගන්න නේක්ඩ් කේක්, පින්තාරුවෙන් හැඩකළ කේක් ජෙලි අයිසිං කේක් මෙන්ම එදා ඉඳන්ම තියෙන පැරැණි මෝස්තරත් තවමත් භාවිත වෙනවා.

ඒ නිසා මේ සියලු ක්‍රමවලට අදාළ විවිධ මෝස්තර කිහිපයක් මෙතැන තියෙනවා.

ඕපන් රෝස මල්, කෝලා ලිලී මල්, රෝස ආදී අයිසිං මලුත් මේ වෙනුවෙන් හරිහරියට භාවිත වෙනවා. ඒ අතරට පරණ ක්‍රමයට රිබන්, ලේස් ආදී රෙදිත් යොදාගන්න පුළුවන්. ඕපන් රොසස් යොදා පින්තාරුවෙන් හැඩ කළ කේක් එකත් හරිම ලස්සනයි. අයිසිං ලේස් සහිත බේජ් වර්ණ රෝස මල් ඇති හදවත් හැඩැති කේක් එකත් නිර්මාණාත්මකයි.

හදවත් හැඩය, කුඩා තට්ටු, සීනු හැඩ ආදියත් තියෙනවා. මේ දේවල්වලින් තමන් අඳින වර්ණයට ගැළපෙන ලෙස විවාහ ගිවිස ගැනීමේ නැත්නම් එන්ගේජ්මන්ට් කේක් එක ඔබට කැමැති ලෙස හැඩකර ගත හැකියි.

1341 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 අප්‍රේල් 24, අඟහරුවාදා 15:47
අදහස් එක් කිරීමට ලොග් වෙන්න