බටර් අයිසිං ඩේලියා මලක්

මාර්තු 3, 2021

සොබාදහම් මෑණියන් මිහිමතට තිළිණ කර ඇති අයස්කාන්ත මල් කොමළියන් බොහෝය. ඒ මල් කොමළියන් අතරින් ඩේලියා මල බටර් අයිසිං කලාවෙන් නිර්මාණය කරන්නයි මේ සූදානම.

අවශ්‍ය ද්‍රව්‍ය

 

හාඩ් බටර් අයිසිං (වර්ණ කීපයකින්)

කප් කේක්

නොසල්

ඩේලියා මල

මේ මල නිර්මාණය කිරීමේදී ද පළමුව බටර් අයිසිං ස්වල්පයක් ගෙන කප් කේක් එක මතුපිට තවරාගන්න. පළමුවැනි ඡායාරූපය මඟින් එය ඔබට පැහැදිලි වේවි . ඉන්පසුව නොම්බර 81 ඩේලියා නොසලය ගෙන කේක් එකෙහි පිටත රවුම පෙති ආකාරයට දමා ගන්න. දෙවැනි ඡායාරූපයෙන් දැක්වෙන්නේ එයයි. දැන් දෙවැනි සහ තෙවැනි පෙති වටා එම නොසලයෙන් හෝ නොම්බර 233 ග්‍රාස් නොසලයෙන් පයිප් කරන්න. මෙහි පෙති දැමිය යුත්තේ ඉස්සී ඇති ආකාරයටය. අවසානයේ නොම්බර 2 නොසලයට කහ බටර් අයිසිං දමා කේක් එක මැදට ඩොට් කීපයක් දමන්න. තෙවැනි ඡායාරූපය මඟින් දැක්වෙන්නේ එසේ අයිසිං කරගත් මල සහ නොසලයයි. සිව්වැනි ඡායාරූපය මඟින් සාදා අවසන් වූ මල ඔබට පෙනේවි.

 

 

උපදෙස් -

ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

ප්‍රදීකා විජේසූරිය