මුල් පිටුව

මාර්තු 21, 2022

කවරය සරසන-කාවින්ද්‍යා

 

කලා නිර්මාණ ගණනාවක විවිධ චරිත නිරූපණය කරමින් තිරයට පැමිණි මේ සොඳුරු යුවතිය කාවින්ධ්‍යා දුල්ෂානි.

හදවිල අරණ, අහස් මාලිගා වැනි ටෙලි නාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂකයා අතරට පැමිණි ඇය අද වන විට පුංචි තිරයේ ඉන්න අහිංසකාව වශයෙන් ද බොහෝ දෙනා හඳුන්වනවා.

රංගන ශිල්පිනියක ලෙසින් කටයුතු කරන අතරම නිවේදන කටයුතුවලට ද දායක වන ඇය හිරු නාළිකාවේ විකාශය වූ හිරු ටොප් 10 වැඩසටහන මෙහෙයවීමේ අවස්ථාව ද උදාකර ගත්තාය.

2015 වසරේ ස්වාධීන රූපවාහිනී නාලිකාව සංවිධානය කරන ලද අවුරුදු කුමරිය තරගාවලියෙන් අවසන් දෙළොස්දෙනා අතරට තේරී පත්වීමෙන් පසුව රංගන වරම් ඇයට උදාවිය. උතුරු සුළඟ සිනමාපටය සඳහාත් ඇය රංගනයෙන් දායක විය.

හිරු ටීවී ඔස්සේ විකාශය වූ සිද්ධාර්ථ ගෞතම ටෙලියේ යශෝධරාට පණ පෙව්වේද ඇයයි.

පුංචි තිරයට වඩා සිනමාවට ප්‍රිය කරන කාවින්ධ්‍යා තමන්ගේම ව්‍යාපාරයක නියැළෙමින් කලාවෙන් ඉදිරියට යෑමට බලාපොරොත්තුවෙන් සිටියි.

-විදුමිණි