ඔස්කාර් වර්ණවත් කළ සුපිරි විලාසිතා

අප්‍රේල් 4, 2022

 

ලෝක සිනමාවේ මහා මංගල්‍යය ලෙසින් හඳුන්වන ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල පසුගිය දා පැවැත්වූයේ ඉතා උණුසුම් පුවත් ද නිර්මාණය කරමිනි. 94 වැනි වරට පැවැත්වූ ඔස්කාර් සම්මාන රාත්‍රීය වෙන අවුරුදුවලට වඩා වෙනස් මුහුණුවරක් ගෙන තිබුණේ සංවර, මනරම් ඇඳුම් විලාසිතා හේතුවෙනි. මෙදා සැරේ බොහොමයක් විලාසිතා විලි වැසෙන ඇඳුම් ලෙසින් කා අතරත් ප්‍රසාදය හිමිකරගෙන තිබුණි. ලොව අනර්ඝතම සන්නාම වූ ඩියෝර්, ගුසි, බැලෙන්සියාගා, වැලන්ටිනෝ, චැනල්, අර්මනී, ලුවීවූටන් වැනි මෝස්තර ලෝකයේ ජනප්‍රිය විලාසිතාවලින් ඔවුන් සැරසී සිටියේ මිහිබට සුරඟනන් ලෙසිනි.

 

මෙහිදී වඩාත් කතාබහට ලක්වූයේ හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය හිමිකරගත් විල් ස්මිත් විසින් නිවේදන කටයුතුවල නියැළුණු ක්‍රිස් රොක්ට කම්මුල් පහරක් ගැසීමයි. එයට හේතුව වූයේ විල්ගේ ආදරණීය බිරිය ජාඩා පින්කට් ස්මිත්ගේ තට්ට හිස පිළිබඳ ක්‍රිස් විසින් විහිළුවක් කිරීමයි. ඇත්තටම ජාඩා හිසකෙස් අහිමි වීමේ රෝගයකින් පෙළෙන අතර ඇයගේ තට්ට හිසට හේතුව එම රෝගයයි. කෙනකුගේ මානුෂික ගැටලුවක් විහිළුවට ලක් කිරීම නොහොඹිනා දෙයකි. එයට පාඩමක් ක්‍රිස් ඉගෙන ගන්නට ඇත. කෙසේ වෙතත් හොඳම නළුවාට හිමි සම්මානය ගත් විල් සිදුවීම පිළිබඳ සියල්ලන්ගෙන්ම සමාව ගත්තේය.

විල්ගේ බිරිය මෙදින තවත් අතකින් කතා බහට ලක් වූයේ ඇය ඇඳ සිටි තද කොළ පැහැති මනරම් ගවුම නිසාය. ඒ ඇඳුම නිර්මාණය කර තිබුණේ ජනප්‍රිය ප්‍රංශ විලාසිතා නිර්මාණකරු ජීන් පෝල් ගවුල්ටියර් විසිනි. කිම් කාඩර්ෂියන් සැරසී සිටි නිල් පැහැති ඇඳුම බැ‍ෙලන්සියාගා නිර්මාණයකි. ගුසි නිර්මාණයක් වූ ළා දම් පැහැති ගවුම හැඳ සිටින්නේ ජෙසිකා චැස්ටයින් ය. මේ ඔස්කාර් රතු පලස වර්ණවත් කළ විලාසිතා කිහිපයකි.

අන්තර්ජාලයෙනි.