ටවර් හෝල් රංග කලා උසස් ඩිප්ලෝමාව සඳහා නවක සිසුන් බඳවා ගැනේ...

අගෝස්තු 8, 2022

 

ටවර් නාට්‍ය හා රංගකලා පාසලෙහි දෙවර්ෂ පූර්ණකාලීන නාට්‍ය හා රංග කලා උසස් ඩිප්ලෝමා අධ්‍යයන වර්ෂ 2021/2022 සඳහා නවක සිසුන් බඳවා ගැනීමේ උත්සවය 2022.08.01 දින මරදාන ටවර් රඟහලේ දී පැවැත්විණි.

 

නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමාව සාර්ථකව නිම කරනු ලබන සිසුන් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ ද්විතීයික හා තෘතියික අධ්‍යාපන අධ්‍යායනාංශය විසින් මෙහෙයවනු ලබන අධ්‍යාපනවේදී නාට්‍ය හා රංගකලා උපාධි පාඨමාලාවේ අවසන් වර්ෂ 02 (SLQF) - 5 හා (SLQF) - 6 සඳහා යොමු කෙරේ.

පාඨමාලා කාලය වසර 02ක් වන අතර මෙම පාඨමාලාව ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවෙහි (SLQF) 03 වන හා 04 වන මට්ටම ආවරණය කරනු ලබන අතර, (SLQF) 04 වන මට්ටමට අදාළව නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමාව පිරිනැමේ.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදාණපතිරණ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ජාතික උරුම අංශයේ අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහ, ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් අධ්‍යාපනවේදී නාට්‍ය හා රංගකලා ගෞරව උපාධි වැඩසටහන් සම්බන්ධීකාරක ප්‍රසාද් වීරසිංහ, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, සිසුහු මව්පියවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.

 

 

 

------------------------------------------

“අත්වැල” අනුග්‍රාහක මා පිය යෝජනා ක්‍රමය ...

 

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ මඟ පෙන්වීම යටතේ, පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් “අත්වැල” නමින් අනුග්‍රාහක මා පිය යෝජනා ක්‍රමයක් දියත් කොට ඇත. මෙහි මූලික අදියර 2022. 08. 03 දින සෙත්සිරිපාය 2 වැනි අදියරේ 11වැනි මහලේ දී පෙ.ව. 10ට ආරම්භ කෙරිණි.

දරුවකු හැදී වැඩීමට සුදුසු ම පරිසරය වූ පවුල තුළ දරුවන් සුරක්ෂිත කිරීමට නම්, පවුල් පරිසරයෙන් ඉවත්වීමේ අවදානමක් ඇති හා විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන දරුවන් සුරක්ෂිත කිරීමේ ජාතික වැඩසටහනක අවශ්‍යතාව මතුව ඇත. “අත්වැල” අනුග්‍රාහක මා පිය යෝජනා ක්‍රමය දියත් වන්නේ එවැනි දරුවන් ඉලක්ක කර ගනිමිනි.

 

ඔබටත් මේ සඳහා අනුග්‍රාහක දායකත්වයක් දැක්වීමට අවැසි නම්, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී, දෙපාර්තමේන්තු දත්ත පද්ධතිය තුළ සිටින දරුවකු /දරුවන් තෝරාගෙන උපකාර කිරීමට අවස්ථාව සලසා ගත හැකි යි. මූල්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ නම්, වසර දෙකකට අවම කාලයකට මසකට රු. 5000 බැගින් දායකත්වය සැපයීමට දරුවා නමින් ඇරැඹෙන ගිණුමකට මුදල් තැන්පත් කිරීමෙන් හෝ අනෙකුත් භාණ්ඩ, ද්‍රව්‍ය හෝ සේවා සපයන්නේ නම්, ඔබ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්ගේ අධීක්ෂණය යටතේ, සේවයේ නියුතු ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්/ ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාර ඇතුලු ළමා හා කාන්තා ඒකකයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදු කළ හැකි යි.

අඩු ආදායම්ලාභී පවුල්වල අවශ්‍යතා ඇති දරුවන් කේන්ද්‍ර කර ගනිමින් ඔවුන්ට උපකාර කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහනට දේශීය මෙන්ම විදේශීය පරිත්‍යාගශීලීන්ගේ පින්බර දෑත් දැනටමත් යොමු වී ඇති අතර ඉදිරියේ දී එය තවත් වැඩිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වැඩිදුර විස්තර සඳහා - 011 218 606 1, 011 218 606 2 අංකය ඇමතීම මඟින් හෝ කොමසාරිස්, පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව, 2වැනි පියවර ,3 වැනි මහළ, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයෙන් හෝ [email protected] යන ýn´l‰ තැපැල් ලිපිනය මඟින් දැනුවත්විය හැකි යි.

 

 

වින්ධ්‍යා පාදුක්කගේ