රටම ගිනිතියන ගින්දරී

දෙසැම්බර් 12, 2022

 

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය නිෂ්පාදනය කළ "ගින්දරී 3" චිත්‍රපටිය මේ දිනවල අති සාර්ථක අන්දමින් EAP මණ්ඩලයේ සිනමාහල්වල තිරගත වේ. වසර තුනකට පසු සිනමා ශාලා පිරී ඉතිරී යමින් ආරම්භක දින ලක්ෂ 8 කට වැඩි ආදායමක් ඉපයූ ගින්දරී දෙවැනි දිනයේ දී ලක්ෂ 13ක ආදායමක් උපයා ඇති බවට වාර්තා වේ.

 

බහුභූතයෝ, ගින්දරී 2 චිත්‍රපට හරහා ප්‍රේක්ෂක සිත් සතන් අමන්දානන්දයට පත් කළ පබෝදා සංදීපනී, මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල ගින්දරී හී ප්‍රධාන චරිත ඉදිරිපත් කරයි. ඊට අමතරව ශ්‍රීනාත් මද්දුමගේ, සමන් හේමරත්න, රිචඩ් මානමුදලි, ටීනා ශනෙල්, චංචලා වර්ණසූරිය, නිල්මිණි කෝට්ටෙගොඩ, ටිශෝන් වැන්හෝන්, චවින් විජේසිංහ, සරත් කොතලාවල, සරත් නන්දසිරි, ආනන්ද අතුකෝරාල, කීර්ති රත්නායක, වසන්ත විට්ටච්චි, දිලීප රෝහණ, සංජීව මල්මාලා ආරච්චි, සුනීතා විමලවීර, තරින්දි ප්‍රනාන්දු, උපතිස්ස බාලසූරිය, උදේනි චන්ද්‍රසිරි, සමීර කුමාරතුංග, අනුර ශ්‍රීනාත් හෙට්ටිආරච්චි, චතුර පෙරේරා, ප්‍රියන්ත මලවි, සරත් පීරිස්, නෝමන් පලිහවඩන, උපුල් ගුණවර්ධන ආදීන් මෙයට රංගනයෙන් දායක වේ.

 

ගින්දරී 3 හි කතාව, දෙබස්, තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය උදයකාන්ත වර්ණසූරිය ගෙනි. කැමරා අධ්‍යක්ෂණයෙන් කේ ඩී දයානන්ද, සංස්කරණය සහ ශබ්ද පරිපාලනයෙන් ප්‍රවීන් ජයරත්න, සහාය අධ්‍යක්ෂණයෙන් ඩොනල්ඞ් ජයන්ත, වේශ නිරූපණයෙන් නලීන් ප්‍රේමරත්න, කලා අධ්‍යක්ෂණයෙන් අරුණ ඩයස්, ඇඳුම් නිර්මාණයෙන් ශාන්ති වර්ණසූරිය, නිෂ්පාදන කළමනාකරණයෙන් අශෝක ආරියරත්න, සටන් අධ්‍යක්ෂණයෙන් ටෙඩී විද්‍යාලංකාර, විශේෂ දෘෂ්ටි ප්‍රයෝගයෙන් තිලක් ද සිල්වා, සංගීත අධ්‍යක්ෂණයෙන් ආනන්ද පෙරේරා, ගේය පද රචනයෙන් නිලාර් එන් කාසිම්, ගායනයෙන් සංගීත් විජේසූරිය සහ එම්.ඩී. ධනුෂ්ක, නිශ්චල ඡායාරූපකරණයෙන් මහේෂ් නිශාන්ත මෙයට දායක වෙති.

-------------------

රාජකපුරු දෙසැම්බර් 16 වැනිදා බණ්ඩාරගම දී

ප්‍රවීණ රංගන ශිල්පී, නාට්‍යවේදී ජනක් ප්‍රේමලාල් නිර්මාණය කළ, රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද "රාජකපුරු" සර්වකාලින වේදිකා නාට්‍යය 16 වැනි සිකුරාදා සවස 2.30ට සහ 6.30ට බණ්ඩාරගම ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී වේදිකා ගත වේ.