වර්ෂ 2024 ක්වූ October 07 වැනිදා Monday
පින්සලෙන් ඇඳි සත් පියුමක සුවඳ
ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනියක හා චිත්‍ර නිර්මාණ ශිල්පිනියක වන කුමාරි පින්ටො සහ දමිතා රසාංගි, ඩිලාන් සමරතුංග, ගිහාන් කෝරළගේ, රන්දීප් තඹවිට, මයුරි ප්‍රනාන්දු, ලලනි අමරපති යන සත් දෙනාගේ එකතුවෙන් කෙරෙන SEPTENARY චිත්‍ර නිර්මාණ ප්‍රදර්ශනය මේ මස 13,14 සහ 15 තෙදින ලයනල් වෙන්ඩ්ට්හිදී පැවැත්වේ.
විවිධ මාධ්‍යයේ චිත්‍ර නිර්මාණ සියයකට අධික ප්‍රමාණයක් මෙහිදී ඔබට දැකගත හැකියි.
ඇක්ක්රලික් දියසායම්, ආලේඛය හා තෙල් සායම් චිත්‍ර ඇසුරින් ඇඳි මානව රූප, සොබා සෞන්දර්යාත්මක චිත්‍ර රැසක් ප්‍රදර්ශනය කෙරේ. එමෙන්ම අත්කම් නිර්මාණවලට ළබැඳි ඔබ වෙනුවෙන් අත්කම් නිර්මාණද මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.