වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
වොෂිං මැෂිමෙන් රෙදි සෝදන කලාව දන්නවා ද?
කාර්යය බහුල ජීවන රටාවත් එක්ක නැතිවම බැරි උපකරණ රාශියක් අපේ ජීවිතයට එකතු වෙලා. වොෂිං මැෂිම (washing machine) කියන්නෙත් එවැනි උපකරණයක්. නාගරික නිවෙසකට නම් වොෂිං මැෂිමක් නැතිවම බැහැ. කාර්යය බහුල ජීවිතේ ගෙදරක රෙදි සේදීමත් සුළු පටු රාජකාරියක් නොවෙයි. ඒ නිසාම ගෘහණියගේ වගකීම් ලැයිස්තුවේ ඉහළින්ම ලියැවෙන කරුණු අතර රෙදිසේදීමත් තියෙනවා.
අපේ අම්මලා අතීතයේ රෙදි සේදුවේ අතින් අපුල්ලා අපූරු කලාවකට. දැන් රෙදි සෝදන එක මැෂිමකට භාර දීලා. ඒත් ඔබ දන්නවාද මැෂිමෙන් රෙදි සෝදන්නත් කලාවක් තිබෙන බව.
අප අද ඔබව දැනුවත් කරන මේ මැෂිමෙන් රෙදි සේදීමේ කලාවේ පළමුවැනි දේ තමයි ඒ සඳහා යොදන රෙදි සෝදන සබන්, කුඩු හෝ දියර වැනි රෙදි සේදීම සඳහා ම නිෂ්පාදනය කර ඇති සේදුම් කාරක භාවිත කිරීමේ වැදගත්කම. එම සේදුම් කාරක නිසි ප්රමිතියට අනුව යෙදීම හා වොෂිං මැෂිමක ක්රියාකාරිත්වය අතර පවතින අන්තර් සම්බන්ධතාවය හොඳින් හඳුනා ගැනීම එම කලාවයි. එසේම මෙය ගෘහණියගේ දැනුම පොතට වටිනා පාඩමකි.
රෙදි සෝදන යන්ත්රය ගැන නොදන්නා කෙනකුට එය සංකීර්ණ උපාංගකි. එය භාවිත කිරීම දුෂ්කර බව පෙනෙන්නට තිබුණත් නිවැරැදි ක්රමවේදන්ට අනුව භාවිතා කිරීමෙන් ඔබටත් රෙදි සේදීමේ ප්රවීණයකු විය හැකියි.
ඒ සඳහා රෙදි සෝදන යන්ත්රයක් භාවිතයේදී ඔබ දැනුවත් විය යුතු ප්රධාන සාධක කිහිපයකි.
1 රෙදි සෝදන යන්ත්රයක් තෝරා ගැනීම
2 නිවැරැදිව ස්ථාන ගත කිරීම
3 නිවැරැදි භාවිතය හා නඩත්තුව
4 භාවිතයෙන් ඉවත් කිරීම
රෙදි සෝදන යන්ත්රයක් තෝරා ගැනීම
පිට රටකින් ලැබෙන හෝ තෑගි වශයෙන් ලැබෙන යන්ත්රයක් භාවිතා කිරීමේදී නම් ඔබට තෝරා ගැනීමේ අවස්ථාව හිමි නොවෙයි. එහෙත් ඔබ අප රටේ අලෙවි කරන යන්ත්රයක් මිලදී ගන්නේ නම් එය නිවැරැදිව භාවිතා කරන්නේ කෙසේද යන්න සහ සවි කරන්නේ කෙසේද යන්න නිෂ්පාදකගේ මාර්ගෝපදේශන පොතේ පෙන්වා ඇත.
උපදෙස් -
ජල නළ තාක්ෂණ උපදේශක අජන්ත කාරියවසම්
2020/11/04 තරුණි පුවත්පත බලන්න