ලග්න පලාපල

මැයි 5, 2021

 

2021.05.05 දින සිට 2021.05.11 දක්වා

 

 

මේෂ ලග්නය

සිතේ සතුට

මේෂ ලග්නයට අනුව මෙම සතිය ඔබට උසස් ආදායම් හිමිකමක් සමඟ කාලය ගත කිරීමට හැකිවෙයි. චන්ද්‍රයා 11, 12, 01 යන ස්ථානවල හැසිරීම මෙම සුබතාවට හේතුවන අතර දිනචරියාවේ වෙනසක් පෙනෙන්නට තිබේ. දුර බැහැර ගමන් බිමන්ද යෙදෙනු ඇත. සිතේ සතුට රජයන දිනකි.

 

වෘෂභ ලග්නය

රැකියාගත අභිවෘද්ධිය

වෘෂභ ලග්නයට අනුව මෙම සතිය ඔබට ඔබ රැකියා ස්ථානගත පැසසුම් ගලා එයි. චන්ද්‍රයා 10, 11. 12 යන ස්ථාන පසුකර යාම නිසා උසස් ප්‍රතිලාභ ද සහිතයි. මව් පාර්ශවයේ ඇප උපකාර හා උරුමකම් හිමිකම් ද සහිත වෙයි. පාදයේ වළළුකර ආශ්‍රිත උවදුරු පෙනේ. ප්‍රවේශම් වන්න.

 

මිථුන ලග්නය

සතිය මුල අසුබයි

මිථුන ලග්නයට අනුව ඔබගේ කේන්ද්‍රයේ මේ සතියේ චන්ද්‍රයා 08, 09, 10 යන ස්ථාන පසුකර ගමන් කරන නිසා සතිය ආරම්භයේ ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන නමුත් සතිය මැදභාගයේ සිට අභිවෘද්ධිය ළඟාවේ. කෙසේ නමුදු තුනටියේ ආපදා පෙන්වයි. ප්‍රවේශම් වන්න.

 

කටක ලග්නය

උසස් පිරිසකගේ ඇසුරට

කටක ලග්නයට අනුව ඔබට සතිය ඇරඹෙන්නේ උසස් පිරිසකගේ සුහද හමුවක් සමඟයි. ඒ අනුව ප්‍රිය සම්භාෂණ - මංගල උත්සව ආදිය නිසා ඔබ එහිදී දක්වන කැපවීම පිළිබඳ පැසසුම් ගලා එයි. වියදම අධික වුවද ලැබීම් අතින් ද යහපත් වනු ඇත. තම උගුරේ ආසාදිත පෙන්වයි. ප්‍රවේශම් වන්න.

 

සිංහ ලග්නය

නොසැලෙන ගුණය මතුවේ

සිංහ ලග්නයට අනුව මෙම සතියේ ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා 07, 08, 09 යන ස්ථාන පසුකර යන නිසා අවිවාහක අයට මංගල යෝග හා ආදර සබඳතා මතුවීම මෙන්ම විවාහ වී ගැටලු වලට මුහුණදී සිටි අයට යහපත අභිවෘද්ධිය උදාවීමකි.

සිතට සැනසුම ගෙන එයි.

යම් තරමක බාධක ආවද නොසැලෙන ගුණය මතු කරන සතියකි.

 

කන්‍යා ලග්නය

පිටරට ගමනකට බාධා

කන්‍යා ලග්නයට අනුව ඔබට මෙම සතිය පිටරටකට යාමට තිබූ උනන්දුව හා උත්සාහය අත්හැර දැමීමට සිදුවනු ඇත.

බොහෝ විට එබඳු ගමනකට යොදවා තිබූ මුදල් පවා යළි ඔබට නොලැබෙන තරමට බාධා ඇතිවේ. එහෙත් තම ඥාති අයකුගේ මැදිහත්වීම නිසා ගැටලු රැසක් විසඳා ගැනීමට ඔබට හැකිවේ.

 

තුලා ලග්නය

දරු සම්පත් හිමිකම්

තුලා ලග්නයට අනුව මෙම සතියේ චන්ද්‍රයා 05, 06, 07 යන ස්ථාන පසුකර යාම නිසා සුවිශේෂි සතියකි. දරු සම්පත් හිමි වීම හා අසනීපව එක්තැන්වී සිටි අයකු නම් සහනය හා යළි පෙර ලෙස කටයුතු කිරීමට හැකිවීම නිසා යහපත් ය. තම දූ දරුවන්ගේ කටයුතු නිසා ආත්ම අභිමානය සිතට දැනෙනු ඇත.

 

වෘෂ්චික ලග්නය

වාහන ලාභ

වෘෂ්චික ලග්නයට අනුව මෙම සතිය වාහන, ඉඩම්, නව නිවාස උරුමකම් සහිතවෙයි. චන්ද්‍රයා 04, 05, 06 යන ස්ථානවල ගමන් කිරීම මෙම සුබයට හේතුවෙයි. නව නි‍ෙවසක උරුමයක් හිමිවන අතර ආර්ථික ප්‍රතිලාභයක්ද සහිතයි. සතිය අවසානයේ කාර්යබහුලතාව නිසා ඇතිවන වෙහෙසකාරී බවට හේතුවෙයි.

 

ධනු ලග්නය

දේපළ හිමිකම්

ධනු ලග්නයට අනුව මෙම සතිය ඔබට ඉතා සුබයි. මහපොළොවෙන් ලැබෙන උරුමකම් සහිතයි. මැණික් ගැරීම් ආදියේ් නියැලෙන අයට උසස් හිමිකම් ඇත. තමාට සමීපව සිටි අයකු නිසාද ආර්ථික වාසි ලැබේ. කලක් පැවති නීති ගැටලුවක් නිරාකරණය වන ලකුණු පෙනෙන අතර ඔබට හිමිවිය යුතු මුදලක් ද ලැබීම් අතර වෙයි.

 

මකර ලග්නය

ලැබීම් උසස්වේ

මකර ලග්නයට අනුව මෙම සතියේ ඔබ කේන්ද්‍රයේ චන්ද්‍රයා 02, 03, 04 යන ස්ථාන පසුකර යාම යහපත පිණිස වෙයි. වියදම් අධික වුවද ලැබීම් ද සහිතයි. තම ජිවිතයේ් නැවුම් අත්දැකීමකට මුහුණ දෙනු ඇත. ඒ තම වෘත්තීයමය වෙනසක් සමඟයි. දූ දරුවන්ට යහපත ගෙනේ. ඔබට ද සුබයි.

 

කුම්භ ලග්නය

සිතේ සතුට අභිවෘද්ධිය

කුම්භ ලග්නයට අනුව මෙම සතිය ඔබට ඉතා සුබයි. සිතේ සතුට අභිවෘද්ධිය නිර්මාණාත්මක කුසලතා හෙළිවීම පොත පත, රචනා කරන ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ හා නර්තන ක්ෂේත්‍රයේ අයගේ කුසලතා මතු කෙරෙන හා ඒ තුළින් උසස් ආදායම් මතු කෙරෙන සතියකි. ඒ ඔබ කේන්ද්‍රයේ චන්ද්‍රයා 01, 02, 03 යන ස්ථානවල හැසිරෙන නිසාය.

 

මීන ලග්නය

සුබවාදී ආකල්ප මතුවේ

මීන ලග්නයට අනුව මෙම සතිය ආරම්භයත් සමඟ සුබවාදී ආකල්ප ඇතිවන අතර ගුරු වෘත්තිය හා නීති වෘත්තියේ නියැලෙන අයට තම ආදායම් මාර්ග මතු කෙරෙන සතියකි. කෙසේ නමුදු දුර ගමන් බහුල කෙරේ. ඒ තුළින් ලැබීම් ද යහපත් වනු ඇත.

 

 

සුබසෙත

ජ්‍යෙෂ්ඨ කර්තෘ

අජිත් ධර්මසිරි