ජූලි 28 සිට අගෝ. 03 දක්වා

ජූලි 28, 2025

කන්‍යා ලග්න හිමියන්ට තරමක් යහපත් සතියකි.

සිංහ ලග්න හිමියන්ගේ වියදම් පාර්ශ්ව ඉහළ යන සතියකි.

 

මේෂ

 

පිටස්තර අය හා ගනුදෙනු කිරීමේදී ඉතා ප්‍රවේසම් විය යුතු වෙයි. රැකියාවේ තිබූ කරදර තරමක් අඩුවෙයි. උසස් නිලධාරීන්ගේ අවධානය හිමිවේ. හෘද රෝගවලින් තරමක් ප්‍රවේශම් විය යුතුයි. අධ්‍යාපනයට සුබවේ.

 

වෘෂභ

 

සහෝදර පාර්ශ්වයේ හා තිබු කනගාටුව සමනය වේ. ශාස්ත්‍රීය අධ්‍යපනයට ඉතා ඉහළ ඵල ලැබෙයි. ආගම දහමට බර වේ. දුර ගමන් බිමන් යෙදේ. රැකියාවේ ගමන් බිමන් යෙදේ. එ්වායේ ප්‍රශ්න එයි. ප්‍රවේශම් වන්න. ගෙදර දොර තත්ත්වය යහපත් වේ.

 

මිථුන

 

කාලයකට පසු මිතුරන් හා ඇසුරු කරන අය මුණ ගැසෙන කාලයකි. මූල්‍ය තීරක අඩුපාඩු මතුවේ. ඒවා තේරුම් ගෙන යහපත උදාකරගත හැකි සතියකි. වචනයෙන් පාඩු හානි මතුවේ. ප්‍රවේසම් වන්න. ආගමට බරවෙයි. අධ්‍යාපනයේ හොඳ දැනුම් ගෙනඑන සතියකි. විදෙස් ගමන් ඇති වේ.

 

කටක

 

උසස් අධ්‍යාපනයේ දියුණුව ඇති කරයි. සිතුවිලි ශක්තිමත් වන සතියකි. තැනට සුදුසු නුවණ ඇති වේ. වචනයෙන් ප්‍රවේසම් වන්න. වැඩ අධිකවන කාර්යබහුල සතියකි. පෙර කුසල් මතුවේ. ශරීර සෞඛ්‍ය අහිතකර වේ.

 

සිංහ

 

වියදම් පාර්ශ්ව ඉහළ යන සතියකි. අාදායම ඇතත් ප්‍රයෝජන නැති ඒවාට වියදම් වීම නිසා අසාර්ථක ප්‍රතිඵල උදාවෙයි. අධ්‍යාපනයේ බාධා වේ. ව්‍යාපාර ඉතාමත් ප්‍රවේශමින් කළ යුතු වේ. පාඩු හානි මතු වේ. ශාරීරික අප්‍රාණිකතා හා අස්ථි සම්බන්ධයෙන් ප්‍රවේශම් වන්න.

 

කන්‍යා

 

තරමක් යහපත් සතියකි. බොහෝ අය මුණ ගැසෙන කාලයකි. පෙර අතීතයේ වූ දේපොළ නැවත මතකයට එන අවස්ථා උදාවේ. වචනය ඉතා ප්‍රවේශම් කර ගන්න. නොසිතූ ලෙස සතුරු කරදර මතුවිය හැකි බව කල්පනාවෙන් ඉන්න. සමාජයේ ප්‍රසාදය ලබන සතියකි. නීති ප්‍රශ්න එන අතර මාර්ග නීති ප්‍රශ්න එයි.

 

තුලා

 

කාලයක සිට එන තම රැකියා තනතුර ඉහළට යන යෝග වේ. රැකියාවේ ඉහළ යන සතියකි. වගකීම් බහුලවන සතියකි. වාහනවලින් ප්‍රවේශම් වන්න. ඉදිකිරීම් හා ආරක්ෂක අංශවල අයට තරමක් පාද ආශ්‍රිත අනතුරු මතුවේ. අධ්‍යාපනයේ ඉහළට යයි. නීති වෘත්තිකයන්ට ජනප්‍රියත්වයක් හිමි කරයි.

 

වෘශ්චික

 

නිර්භීතකම හා ස්ව ශක්තිය වර්ධනය වේ. විදෙස් ගමන් බිමන් සවාරි සාර්ථක වේ. අධ්‍යපනයේ දියුණුවක් ළඟා වේ. විවාහ මංගල කටයුතුවලින් දියුණුව ඇතිවේ. නීති ප්‍රශ්නවලින් සාධාරණය ඉටුවේ. වන්දනා ගමන් බිමන් යෙදේ. සමාජ සේවා කටයුතුවලට සුබ වේ. තම පවුලේ වැඩිහිටියෙකුගේ අසනීපයක් හේතුවෙන් කලබල මතුවේ.

 

ධනු

 

තරමක් තමා අතින් වැරදි සිදුවන සතියකි. අනතුරු ද මතු වේ. පෙර සතුරු කරදර ඇතිවන සතියකි. පියාට හා පිය පාර්ශ්වයට අගුණ වේ. තරමක් ඉක්මන්කාර ගති සහ නුරුස්සන ගති ද මතු වේ. අධ්‍යාපනයේ දී සුළු සුළු ප්‍රශ්න මතු වේ.

 

මකර

 

ප්‍රේම සබඳතා හා විවාහයේ ප්‍රශ්න මතුවේ. තමාගේ අත්සන නිසා අනාගතය කරදර කරගන්නා යෝග ඇත. ණය වීම් හා අැපවීම්වලදී ද ගනුදෙනුවලින් ප්‍රවේසම් වන්න. වංචාවලට හසුවීමට යෝග අැත. උත්සාහය ඇතත් තරමක් පරාදවීම් ඇති වේ. සාමදානයෙන් ඉවසීමෙන් සිටිය යුතු සතියකි. අධ්‍යාපනයට තරමක් සුබ වේ.

 

කුම්භ

 

තමාගේ සත්‍යභාවය ඉස්මතු වන සතියකි. තමාගේ විරුද්ධවාදීන්ගේ යහපත ජය ලබන සතියකි. පෙර පැවැති රෝගී තත්ත්ව සුවවී යයි. කෘෂිකර්මයට හා බර වැඩ කරන අයට සුබ ලාභ හිමි වේ. අධ්‍යාපනයට සුබ ප්‍රතිඵල උදා වේ.

 

මීන

 

තමාගේ දරුවන් නිසා සිත් තැවුල් වන සතියකි. නීති ප්‍රශ්න ද මතුවන අතර රැකියා හා ව්‍යාපාරවලට සුබ තත්ත්ව උදාවේ. තරමක් නුරුස්සන ගති කේන්තිකාර ගති මතු වී විවාහයේ ප්‍රශ්න මතුවේ. තීන්දු අපහාස හා චෝදනා ඇතිවිය හැකි අතර ඉවසීමෙන් යා යුතු වේ. ක්‍රීඩා කරන අයට සුබ වේ.