ඔබත් පිරිමි සිත් වසඟ කරගන්නට සමත් කෙස් කළඹක හිමිකාරියක් ද?

ජුනි 16, 2021

 

වරක් දුටු විට දෙවරක් හැරී බලන්නට සිතෙන රූපයක් හිමි නම් ඇය පංච කල්‍යාණියක විය හැකිය. දිගු නීල වර්ණ කෙස් කලඹක් තිබේනම් මෙවැනි යුවතියකගේ රුව වඩාත් කැපී පෙනේ. ඒ පංච කල්‍යාණියක සතු ගුණාංග පහ අතරින් කේශ කල්‍යාණයට ප්‍රධාන තැනක් හිමි වන නිසාය.

මේ නිසා පිරිමි සිත් වසඟ කරන්නට සමත් හිස කෙස් ගැහැනියකට ආභරණයකි. එසේම එයින් ඈ සතු චරිත ලක්ෂණ ද මැනවින් පිළිබිඹු කරයි. අද සිරුරේ භාෂාවෙන් කියැවෙන ලක්ෂණ අතරින් කෙස් කලඹේ පිහිටීම අනුව යුවතියකගේ ගතිගුණ මෙන්ම ඇගේ අනාගතය පිළිබඳව කියැවෙන ලක්ෂණ මොනවාදැයි දැනගනිමු.

කාල වර්ණව හිසකෙස් කලාත්මකව ඇත්නම් වාසනාවේ ප්‍රතිමූර්තියකි. ධන ධාන්‍යවලින් සම්පත් වලින් පරිපූර්ණ වේ. යුග දිවිය අති සාර්ථක වේ. වාසනාව ලැබේ.

කේශ කලාපය මී මැසි රංචුවක් සේ අලංකාර බවින් යුක්ත වේ නම් පුණ්‍යවන්ත වේ. කෙස් අග වක්‍රව කලාත්මක නැමී ඇත්නම් නොයෙක් සැප සම්පත් ජීවිතයේ මැද භාගයේ හිමි වේ. ශුභ ඵල ලැබෙන ජීවිතයක් වේ.

කෙස් දිගැටිව සිහින්ව ඇත්නම් ආගම දහමට ලැදි වේ. යහපත් චරිතයක් ඇති අතර අන්‍යයන්ගේ පැසසුමට ලක් වේ.

රැලි ගැසුණ කේශ කලාපය ඉඟටියෙන් පහළට වැටී ඇත්නම් වාසනා ගුණයෙන් පිරිපුන්ය. කලට වෙලාවට විවාහය සිදු වේ. සතුට, ප්‍රීතිය නො අඩුව ලැබේ. මූල්‍යමය සම්පත් හිමි වේ.

හිස කෙස් වියැළී දුඹුරු පැහැයෙන් යුක්ත වී නම් කෙටි හිස කෙස් නම් කපටිකම් ඉස්මතු වේ. ආත්මාර්ථකාමීය. මුදල් මතම යැපෙන්නියකි. දුෂ්ට ගති සහිතයි.

ඉතා ඝනව වැඩුණ කෙස් කළඹ ඇත්නම් ටිකක් උදව් කර බොහෝ දෑ ලැබීමට ක්‍රියා කරයි. අධිකව මසුරු වේ. තමන් ගැනම සිතයි. අහංකාර කපටි ගති ඇත.

ඝන කෙටි හිසකෙස් නළලට වැටීමත් විශාලව පෙනෙන කියඹු වැල් වේ නම් ජීවිතය ගුප්තයි. අන්‍යයන් රවටයි. අහංකාරයි. හිත් රිදවයි. අනුකම්පාවක් නැත. අපේක්ෂා කෙසේ හෝ ඉටුකර ගනී. මුදල් මතම යැපෙන්නියකි.

පළල් නළලත දුඹුරු කේඩෑරි වී හිස කෙස් වැටිය බෙල්ල දක්වා වැටී ඇත්නම් ඇසුරට සුදුසු නැත. ඉක්මනින්ම කෝප වේ. හරිම ආත්මාර්ථකාමීය. අයථා සබඳතා වහා ඇතිකර ගනී. මුදල් පසුපස හඹා යයි. පවුල් අවුල් වේ. අන්‍යයන්ට ගැටුම් ඇති කරයි. සැබැවින්ම අයහපත්ම චරිතයකි. යුග දිවිය අසාර්ථක වේ.

දිගු කෙස් කළඹ උරහිසින් දෙපස දමා පපු පෙදෙසින් ගලා යනසේ දමා ගෙන සිටී නම් සැඟවුණ රහස් ඇත්තිකයකි. අවසර ලද තැන නිසැකවම වරදේ බැඳේ.

කියඹුවැල පිරිමදිමින් කතා බහේ යෙදෙන ඇය ගැන නම් කිසියම් අපේක්ෂාවක් තැබිය නොහැකිය. සැඟවුණ කාම ආශාවේ එක්තරා පැහැදිලි ඉඟියකි. නොඉවසිලිමත්ය. බාඳුරා කොපුවක් වැනිය.

කෙස් අග පැලී ඇතිව වියළී ගොස් අප්‍රසන්න පෙනුමකින් යුත් අය උසස් සැප සම්පත් පවුලක උපත ලැබුවත් එකී භාග්‍යය වහා ගිලිහී යනු ඇත. උරුමයෙන් ලැබෙන සම්පත් අහිමි වේ.

කිතුල් රෑනක් සේ පිහිටි කෙස් කලඹ භාග්‍ය සම්පන්නකමකි. පංච මහා සම්පත් හිමියි. සුන්දර කලාත්මක ආදරණීය ප්‍රේමාන්විත යුග දිවියක් ගත කිරීමට හැකියි.

 

 

උපදෙස්

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී, දේශබන්දු

ටී. හෙන්රි බෙම්මුල්ල