කෙස් කලඹට පි‍්‍රය මිතුරියක් ඔලිව් තෙල්

නොවැම්බර් 11, 2020

දැන් සෑම නිවෙසකම පාහේ ඔලිව් තෙල් බෝතලයක් අනිවාර්යයෙන් තිබෙනවා. සලාද රස ගැන්වීමේ සිට හිස කෙස් අගිස්ස දක්වාම ඔලිව් තෙල් මඟින් තෘහණියකට ලද හැකි ප්‍රයෝජන අප්‍රමාණයි. පරිසර දූෂණය නිසා හෝ වියළි කාලගුණය නිසා හිසකෙස්වල දීප්තිමත් පෙනුම නැතිවී ගොස් ඇත්නම් ඔලිව් තෙල් බිඳු කිහිපයකින් ඔබේ කෙස් කළඹ ප්‍රාණවත් කළ හැකියි. ඔලිව් තෙල් කන්ඩිෂනර්වලට ද හොඳ විකල්පයක්. නිතර කන්ඩිෂනයක් විදියට ඔලිව් තෙල් භාවිත කරනවා නම් දිළිසෙන. සුමුදු කෙස් කළඹකට හිමිකම් කීමට ලැබෙනවා.

ඔලිව් තෙල්වලින් හිස සම්බාහනය කිරීමට පෙර මඳක් රත්කරන්න. වෙනස අත්හදා බලන්න. හිස් හොරි පළවා හරින්නත් ඔලිව්තෙල් යොදා ගන්න පුළුවන්. ඒ සඳහා ඔලිව් තෙල් කොටස් තුනකට ලෙමන් යුෂ එක් කොටසක් ගැල්වීම ප්‍රමාණවත්.

ඔලිව් තෙල් කෙතරම් ගුණදායක වුණත් නිවැරැදිව ඔලිව් තෙල්වලින් හිස සම්බාහනය කරන්න වැඩි දෙනෙක් දන්නේ නැහැ. ඔලිව් තෙල් හා පොල්තෙල් මිශ්‍ර කරන්න. තෙල් මිශ්‍රණය රත්කර නිවුණාට පසු ඇඟිලි තුඩුවල ගල්වා හිස් කබල සම්බාහනය කරන්න. තුවායක් ජලයෙන් තෙමා වැඩිපුර ජලය මිරිකා හැර තෙල් ගැල්වූ හිස වටා ඔතන්න. මිනිත්තු 20 - 30 ක් තබා මෘදු ෂැම්පු වර්ගයකින් සෝදා හරින්න.

 

අන්තර්ජාලයෙනි