වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ඉඳිආප්ප අවශ්‍ය මිනිසුන්ට නූඩ්ලස් අලෙවි කළ නො හැකියි
‘ගෝර්ඩන් රැම්සේ’ යනු කවුරුන්දැයි මම ඔබට කීවෙමි. දැන් ඔබ ඔහුව හඳුනයි. ජීවිතයේ අතිෂය දුෂ්කර තැනක සිට ප්‍රකෝටිපතියකු දක්වා ඔහු ගිය ගමන විටෙක පුදුම සහගතය.
තවත් විටෙක එය රසවත් කතාන්දරයකි. එය අපට කියන්නේ මිනිසකුගේ ධෛර්යයේ හා නොපසුබට උත්සාහයේ කතාවයි.
‘ඔබ දුප්පත්ව ඉපදීම ඔබේ වරදක් නොවේ. නමුත් ඔබ දුප්පතකු ලෙසම මිය යනවා නම් එය ඔබේ වරදකි.’ මෙහෙම කිව්වේ ලෝකයේ අංක එකේ ධනවතා වන බිල් ගේට්ස්. මේ කියමන රැම්සේට ද වලංගුය. මන්ද ඔහු ඉපදුණේ දුප්පතකු ලෙසය. එහෙත් අද ඔහු මිය යනවා නම් එලෙස මිය යන්නේ කෝටිපතියකු ලෙසය. ඒ ඔහු දුප්පත්කම ගැන හිතමින් ළතැවෙමින් නොඉඳ ජීවිතය ජයගත් නිසාය. ඉදින් එය රැම්සේට පමණක් නොව ඔබට ද වලංගු කියමනකි. ඇත්තකි. ඔබ ඉපදී ඇත්තේ දුප්පත් පවුලක නම් එය ඔබේ වරදක් නොවේ. එහෙත් ඔබ තවමත් දුප්පත් නම් එය ඔබේ වරදකි. එනිසා රැම්සේ මෙන් ඔබත් ජීවිතය දිනන මාවතට පිවිසෙන්න. එවිට ඔබට ද දිනෙක ජීවිතය දිනූ මිනිසකු, ගැහැනියක ලෙස දිවියෙන් සමුගත හැකි වේවි.
රැම්සේ ජීවිතය දිනාගත් පසු තමන්ට ජීවිතය දිනන්නට උපකාරී වූ හා පසුකලෙක දී සිය ව්‍යාපාරික ගමනේ දී අවබෝධ කරගත් කරුණු කිහිපයක් ඔබ වෙනුවෙන් පෙළගස්වා ඇත. ඒවා හඳුන්වන්නේ රැම්සේගේ සාර්ථකත්වයේ පාඩම් ලෙසිනි. මෙන්න ඒ පාඩම්.
ඕනෙවට වඩා දක්ෂ වෙන්න එපා
2019/03/13 තරුණි බලන්න.