උදේටත් රස්නෙයි, රෑටත් රස්නෙයි මොනවද පිළියම්

මැයි 29, 2019

උහුලාගත නොහැකි තරමේ උෂ්ණත්වය සහිත කාලගුණයක් මේ දිනවල පවතින නිසා අප කොයි කවුරුත් සිටිනුයේ පුදුම තරමේ අපහසුතාවකිනි.

දවසේ පැය 24 ම පාහේ ගත වනුයේ ඉර මුදුන් වූවාක් ලෙසටයි. රාත්‍රියට, හිමිදිරි පාන්දරට යැයි කියා ද වෙනසක් නොමැත.

දැඩි රශ්මිය යැයි සිතා දවල් කාලයේ අපට සුපුරුදු වැඩ රාජකාරීවලින් මිදෙන්නට නුපුළුවන.

දහවලේ දී එළිමහනේ ගමන් බිමින් යන්නට, තම අත්‍යවශ්‍ය කටයුතු සඳහා මඟතොට යන්නන් අව් රශ්මිය නිසාවන පීඩාවෙන් දිගුකාලීන අහිතකර ප්‍රතිඵල විඳිනුයේ අපේ සමයි. අව්වට නිරාවරණය වන සම දුර්වර්ණ වීම කිසිසේත්ම වැළැක්විය හැකි නොවේ. එසේ යැයි කියා අපට අත්‍යවශ්‍ය කටයුතුවලින් මිදීමට නොහැකි වේ.

දැඩි අව් රශ්මියට නිරාවරණය වන ඔබ මුහුණ, ගෙල, අත්, පා යනාදියෙහි සන් ප්‍රොටෙක්ෂන් ක්‍රීම් එකක් ආලේප කිරීම අත්‍යවශ්‍ය වේ. එසේම මෙය පැය දෙකින් දෙකට ආලේප කළ යුතු අතර රැකියාවට යෑමට පිටත්වන ඔබ නිවෙසේ දී සන් ප්‍රොටෙක්ෂන් ක්‍රීම් එකක් ආලේප කරනවා විය හැකියි. කාර්යාල වේලාව අතරතුරේ එළිමහනට බසින ඔබ එසේ යෑමට පෙර සන්ප්‍රොටෙක්ෂන් ක්‍රීම් නැවත ආලේපය වැදගත් වේ. ඒ පැය දෙකකින් පසු ක්‍රීම් එකෙන් අදාළ කර්තව්‍යයන් වඩාත් නිවැරැදිව සිදු වන්නේ නැත. සමහරු ඉභද ර්‍ථපධබඥජබඪධද එඪබඩ ච්චර ඛ්පඥචථ ආලේප කරයි. මෙම වර්ගයේ ක්‍රීම් ද සම අව් රශ්මියට නිරාවරණය වන්නේ නම් පැය දෙකින් දෙකට ආලේප කළ යුතු වේ. අව්වට පිළිස්සෙන සම නැවත යථා තත්ත්වයට පත් කිරීම කාලයට භාරදීමට සිදු වේ. මෙවැනි කාලගුණ තත්ත්වයක දී බොහෝ දෙනකුගේ යටිපතුල් පැළේ. අත් හම යයි. අල්ල නිතර දහඩියෙන් තෙත් වේ. මේ සියලුම අපහසුතා නිතරම අපව නුරුස්නා ගති ඇති කරයි. වෙනදාට වඩා දහඩිය දමන නිසා ඒ සඳහා පිළියම් සොයන්නට ද සිදු වේ. දහඩිය දුගඳින් යුතු අයට උෂ්ණ කාලගුණය අපහසුතාවට පත් කරයි.

ඇස්වලින් දැවිල්ලක් හට ගනියි. තද හිසේ කැක්කුමක් හට ගනියි. පාරජම්බුල කිරණ සමට වැදීමේ අහිතකර ප්‍රතිඵල ලෙස උෂ්ණ බිබිලි හට ගනියි. අත්, පා වියළීම නිසා කොරල ගතිය ඉස්මතු වේ. හිසකෙස් යෑම, අකලට හිසකෙස් හැලේ. කාලගුණ තත්ත්වය කවර ආකාරයෙන් පැවතියත් ශරීරය උෂ්ණ බවින් යුතු අයට උෂ්ණ කාලගුණයකදී වන අපහසුතා සාමාන්‍ය අයට මෙන් දෙගුණයක් බලපැම් කරයි. ඔවුන් අල්ල හා යටිපතුල් දැවිල්ල නිසා පීඩා විඳියි. තොල් වේළෙයි. මේ සඳහා විවිධ පිළියම් කරා යා යුතු වේ.

 

2019/05/29 තරුණි බලන්න