කරනවනම් මෙන්න වැඩ

ජුනි 5, 2019

දැන් ඉතින් ඉස්සර වගේ බෑ. මොකද අම්මල වුණත් කියන්නේ මේ ළමයා නම් කොස්සක් අතින් අල්ලලා වැඩක් පලක් කරන්නේ නෑ කියලා. එහෙම නැත්තං ඉතින් හැම වෙලාවෙම බැලුවොත් කාත් එක්ක හරි කුටු කුටුව කියලා කියයි. කෙල්ලෙක් ඉන්න හැම ගෙදරකම වගේ බොහොමයක් වෙලාවට කතන්දරේ ඉතින් ඕක තමා.

“ඔය ෆෝන් එකම බදාගෙන ඉන්නේ ඔය ළමයට වෙන වැඩක් ඇත්තේම නැද්ද?”

මේ කතාව තමයි ඇහෙන්න තියෙන ජනපි‍්‍රයම කතාව. ඒ දේවල් එහෙම වෙනකොට ඒ අතර වාරෙ මෙහෙමත් කතා එන්න බැරි නෑ.

“ගහනවා ෆෝන් එක පොළවේ කෑලි යන්න”

ඔන්න එතකොට නම් ඉතින් හිත ගැස්සෙන වාර ගණන සක්කරයටවත් කරන්න බැරි ගාණයි. ඉතින් මොකද ඔයා නිකන් බැණුම් අහන්නේ. හිතුණෙ නැද්ද ? නිකන් ඉන්න වෙලාවට ප්‍රයෝජනවත් දෙයක් කරන්න ඕනේ කියලා.

ම්.. ම්.. දැන් ඔන්න නිකමට වගේ හිතෙන්න පටන් ගත්තා නේද දෙයියනේ ගෙදරට වෙලා ඉන්න අපි මොනවද කරන්නෙ කියලා. ඒක ඒ තරම් හිතන්න දෙයක් නෙමෙයි. ඒකට පාර අපි ඔයාලට කියන්නම්. අද ඉඳන් තරුණි පත්තරෙන්. ඔයාලට අලුත්ම අලුත් වැඩ ටිකක් බලාගන්න පුළුවන් වෙයි. හැම සතියෙම අපිත් එක්ක රැඳිලා හිටියොත්. බලන්න විතරක් නෙමෙයි අත්හදා බලලා තමන්ට ප්‍රයෝජනයක් ගන්නත් පුළුවන්. ඒකේ ආයේ කතා දෙකක් නෑ.

පොඩ්ඩකට බලන්න, මේ වගේ Denim short එකක් හින්දා ඔබත් අපහසුතාවයට පත්වෙලා තියෙනවද කියලා. එහෙනම් ඒකට විසඳුම මෙන්න. මේ ක්‍රමය ඔයාට විවිධ විදියට අත්හදා බලල, පැත්තකට දාන්න වෙලා තිබුණ ඔයා ආසම කරපු Denim short එක ඔන්න ආයෙමත් ප්‍රයෝජනයට ගන්න පුළුවන්.