වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ගෙන්දගම් පොළොවේ
විඩාබර රථ වාහන තදබදයට විරාමයක්
බෙරේ වැවේ සුඛෝපභෝගී බෝට්ටු සවාරිය
කොළඹ නගරය ලෝකයේ අති සුන්දරම නගරයකි. අපි ඒ ගැන ආඩම්බරයෙන් කතා කරමු.
දශක පහක් හයක් පුරා ඉතාම වේගයෙන් වූ සංවර්ධනය වූ අප රට විවිධ ක්ෂේත්‍ර තුළ ලැබූ ජයග්‍රහණ ද රැසකි. එහෙත් අපගේ පොදු ප්‍රවාහන සේවය තවමත් මන්දගාමී ලෙසින් දිව යයි.
මහමඟ පැය ගණනක් එකම තැන අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් ගත කරන කාලය වෙනුවට කොළඹ නගරයේ සිරි නරඹමින් ගමන් ගන්නා බෝට්ටු සවාරියක සුවය අලුත්ම අත්දැකීමකි. එය අත්දැකීම විඳ ගැනීමට අවස්ථාව උදාකර දුන් බස්නාහිර පළාත් සංවර්ධන හා මෙගා පොලිස් අමාත්‍යංශයේ අමාත්‍ය පාඨලී චම්පික මැතිතුමාගේ සංකල්පයකි. මේ සංකල්පය විකසිත කරමින් කොළඹ බේරේ වැවේ සිට ආරම්භ කළ සුඛෝපභෝගි බෝට්ටු සේවාව ගැන අපට අදහස් දැක්වීමට ඉතාම සමීප ලෙසින් එක්වූ ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා අප සමඟ බෝට්ටු සවාරියකට එක්වෙමින් දැක්වූ වදන් පෙළෙහි වටිනා අරුතක් කැටි වී තිබුණි.
මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය ලෙස අප කල්පනා කළේ මධ්‍යම පාංතික ජනතාව පොදු ප්‍රවාහනයට ඇදගන්නා ආකර්ෂණීය සේවයක් ගැන. ඒ නිසා තමයි අපි වායු සමීකරණය කළ අති නවීන පහසුකම් ඇති ආසන 30 ක බෝට්ටු සේවයක් හඳුන්වා දුන්නෙ. එයට අමතරව කැමැති කෙනකුට වාතාස්රය විඳිම්න් ගමන් කළ හැකි ආසන 15 ක විවෘත කුඩා බෝට්ටු දෙකකුත් මේ කටයුත්ත සඳහා යොදවා තිබෙනවා. සැප්තැම්බර් මාසයේ 10 වැනිදාට පෙර තවත් වායු සමනය කළ සුඛෝපභෝගී දෙවැනි බෝට්ටුව නිර්මාණය කර දියමතට පැමිණෙනවා. එවිට මෙය මගීන් 50 කට ගමන් කළ හැකි බෝට්ටු ප්‍රවාහන සේවයක් බවට පත්වෙනවා.
බත්තරමුල්ල සිට වැල්ලවත්ත දක්වා අපට ඇළ මාර්ගයක් තිබෙනවා. මෙම මාර්ගයේ දිගටම ගමන් කිරීමට පෙර නියමු ව්‍යාපෘතියක් ලෙසයි මෙය අප ආරම්භ කළේ. එසේම හැමිල්ටන් ඇළත් මෙවැනිම බෝට්ටු ප්‍රවාහනයට සුදුසු මාර්ගයක්. අපගේ දෙවැනි ව්‍යාපෘතිය වී තිබෙන්නේ බත්තරමුල්ලේ සිට වැල්ලවත්ත දක්වා මෙම බෝට්ටු සේවය ආරම්භ කිරීමයි. ඉන් පසුව හැමිල්ටන් ඇලත්, කැලණි ගඟත් යොදාගෙන මේ බෝට්ටු සේවය ක්‍රියාත්මක කරනවා. කැලණි ගඟේ හංවැල්ල සිට මට්ටක්කුලිය දක්වා ඇති මාර්ග තදබදයටත් මෙය හොඳම විකල්පයක්. ඒ සඳහා අත්දැකීමක් අවබෝධයක් ලබා ගැනීමටයි මෙම නියමු ව්‍යාපෘතිය අප මේ අයුරින් ක්‍රියාත්මක කරන්නේ.
ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති
රොෂාන් ගුණවර්ධන මහතා
2019/09/04 තරුණි බලන්න
ඡායා
ශාන් රූපස්සර