වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
පුංචි ඇඟලුම් කම්හලකට අවශ්‍ය මැෂින් වලට අදාළ ඉඳිකටු වර්ග හඳුනා ගනිමු
මෙයට ඉහත පාඩමකදී විවිධ අවශ්‍යතා සඳහා භාවිත කෙරෙන මැෂින් වර්ග හඳුන්වා දීමක් සිදුකර ඇත. හෙණ්ඩුව නොමැතිව අලියකුගෙන් පලක් නැතුවා සේම ඉඳිකටුවක් නැති මහන මැෂිමකින් කුමක් කරන්නද? මෙය මැහුම් ශිල්පයේ දී අතිශය වැදගත් පාඩමකි. ඒ ඒ මැෂිමට අදාළ වන ඉඳිකටු මොනවාදැයි යන්න පිළිබද නිසි අවබෝධයක් නොමැති නම් ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවේ. ඉඳිකටුව භාවිත වෙන නම, එහි ප්‍රමාණය (D Size) යනාදිය අතිශය සංකීර්ණය.
ලංකාවේ රෙදිපිළි නිෂ්පාදනයේ අතීතය වසර දහස් ගණනක ඈතකට දිව ගියද, එය ඉන්දියාවේ තරමට ම ප්රභාවත් වූවක් නොවේ.
ඉන්දියානු පට පිළී, කපු පිළී ආදිය පුරාණයේ සිටම ලෝ ප්‍රසිද්ධ වූවකි. කවර ආක්‍රමණයක් හමුවේ වුවද එය අභාවයට ගියේ නැත.
මහනුවර යුගයෙන් පසුව ස්ථාපිත වූ අත් යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තය ඉන්දියානු ආභාෂයෙන් පෝෂණය වූවක් බව හඳුනා ගැනීමට පුළුවන. පෙර සතියේ සඳහන් කළ තලගුණේ පැවැති පේෂ කර්ම අත්යන්ත්රය ඉන්දියානු තාක්ෂණයට වඩා ප්‍රාථමික මට්ටමේ වූවකි. පුරාණ ලංකාවේ පැවැති මෙම තාක්ෂණය පිළිබඳ මාහැඟි විස්තරයක් ආනන්ද කුමාරස්වාමි මහතා විසින් රචිත ‘මධ්‍ය කාලීන සිංහල කලා‘ නමැති කෘතියෙ දක්නට ලැබේ. අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තය අද පවතිනුයේ පණ නළ අයදින මට්ටමකය. එහෙත් නිර්මාණශීලී ව්‍යවසායකයකුට මෙය ජාත්‍යන්තරයට ගෙන යා හැකි කර්මාන්තයක් බව අවධාරණය කළ යුතුව ඇත. එම කරුණ ද ඔබගේ අවධානයට යොමු කරමින් ම තරුණී මැහුම් ඉස්කෝලේ නවවැනි පියවරට එළැඹෙමු.
ඉඳිකටුවක කොටස් හඳුනාගැනීම සහ මැෂිමට ඉඳිකටුවක් නිවැරැදිව සවි කරන්නේ කෙසේද?
සාමාන්‍ය මැෂිමේ ඉඳිකටුවේ පැත්තක් පැතලි ස්වභාවයක් ගනී. අධිවේගී මැෂිමේ ඉඳිකටුවේ සේම මෙම ඉඳිකටුවේ ද උඩ කොටස අර්ධ කවාකාරව නිර්මාණය කර ඇත. යන්ත්‍රයට ඉඳිකටුවක් සවි කිරීමේ දී ෆුට් එක පහත් කර නීඩ්ල් බාර් එක ඉහළට ඔසවන්න. සවි කිරීමේ දී ඉඳිකටුව නීඩ්ල් බාර් එකේ උඩටම ඇතුළු කර ඉඳි කටුවේ පීල්ලක් මෙන් ඇති කොටස මැෂිමේ වම් පසට සිටින සේ හරවා සවි කර ගත යුතු වේ. එවිට ඉඳිකටුවේ කවාකාර හැඩය ඇත්තේ දකුණු පසටය.
අනතුරුව ඉඳිකටුව සිර කරන ඇණය හෙමිහිට තද කළ යුතුය. ඉඳිකටුව නිසි ආකාරව සවි වී ඇති දැයි සැක හැර තහවුරු කර ගැනීම සඳහා හෑන්ඩ් වීල් එක තමාගේ පැත්තට කරකැවීමේ දී ඉඳිකටුව නැමීමක් හෝ කැඩීමක් සිදු නොවේ නම් එය නිසි ලෙස සවි වී ඇත. ඉඳිකටුවේ පැති මාරු වී තිබේ නම් නූල කැඩීයාම හෝ Troth Plate එකෙන් ඉහළට ඒමක් සිදු නොවේ.