අලුත උපන් දරුවන්ගේ ශ්‍රවණ පරීක්ෂාව අනිවාර්යයි

මැයි 29, 2019

වසර ගණනාවක් පුරා ශ්‍රවණ සහ දෘෂ්ටි විශේෂඥයෝ ලෙසින් කටයුතු කරන වික්‍රමාරච්චි ඔප්ටීෂියන් සහ හියරින්ග් කෙයාර් හි අධිපති

මංජුලාට ආදරණීය මවු පදවිය උරුම කරදෙමින් දෝතට වැඩි පළමු දරුවාට ඇය නම් තැබුවේ රුචිර ගිහාන් කියලයි. දින, සති, මාස ගෙවෙමින් සුවසේ වැඩෙන මේ පුංචි පැටියා විවිධ ශබ්දවලට ප්‍රතිචාර දක්වන්නේ නෑ කියන එක ඇයට අවබෝධ වෙනකොට හිත විතරක් නෙමෙයි ගතත් වෙව්ලුවා.

පිහිට පතාගෙන වෛද්‍යවරුන් කිහිපදෙනකු ගාවටම ගිය ඇය අවසානයේ රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණියා. උපතින්ම ශ්‍රවණාබාධිත ඔහුට කර්ණශංඛ බද්ධය කළයුතු යැයි තීරණය වනවිටත් රුචිරට වසරක් සපිරිලා.

රුචිර වෙනුවෙන් ශල්‍යකර්මයක් කරන්න ලක ලැහැස්තිවන අතරතුරේ මංජුලා දෙවැනි වතාවටත් මවු පදවියට උරුමකම් කිව්වා. දෙවැනි පුතුට ඇය නම තැබුවේ විදුර ජයනාත් කියලා. රුචිරගේ වාගේම විදුරගේත් ශ්‍රවණය දුර්වල මට්ටමකයි තිබුණේ.

රුචිරට වයස අවුරුදු හයේදීත්, විදුරට වයස අවුරුදු හතරේදීත් කර්ණශංඛ බද්ධ ශල්‍යකර්ම කිරීමට ඔවුනට හැකි වූ අතර මේ වනවිට ඔවුන් දෙදෙනාගේම ශ්‍රවණ මට්ටම ඉතා ඉහළයි.

ඔවුන් දැන් සාමාන්‍ය පරිදි ඉගෙනුම් කටයුතු කරගෙන යනවා. රුචිර හත වසරේ. විදුර පහ වසරේ.

මෙහිදී රුචිරට වඩා ඉක්මනින් විදුරගේ ශ්‍රවණ අපහසුකම් හඳුනාගත් බැවින් නිසි වයසට විදුරට පාසල් යන්නත් ඔහුට ඉක්මනින් කතාබහ කරන්නත් හැකියාව ලැබුණා කියලයි මංජුලා අප සමඟ පැවසුවේ..

ඇත්තටම දරුවකුගේ ශ්‍රවණ හැකියා මට්ටම බිළිඳු අවධියේදීම සොයා බැලීම ඉතා වැදගත්. මන්ද දරුවකු ලෝකය අත්දකින්නේ ඇස, කන, නාසය ආදී වශයෙන් වූ මේ පංච ඉන්ද්‍රියයන් ඔස්සේ ලබන අත්දැකීම් ඇසුරෙනි. ඒ අතරින් ශ්‍රවණය ප්‍රධාන වන්නේ ශ්‍රවණය හරහා කථනය ද ගොඩනැඟෙන බැවිනි.

එංගලන්තය, ජර්මනිය වැනි රටවලින් අධ්‍යාපනය ලබා වසර ගණනාවක් ශ්‍රවණ සහ දෘෂ්ටි විශේෂඥයෝ ලෙසින් කටයුතු කරන ආයතනයක් වූ වික්‍රමාරච්චි ඔප්ටීෂියන් සහ හියරින්ග් කෙයාර් හි අධිපති මිහිර වික්‍රමාරච්චි මහතාගෙන් මේ පිළිබඳ වැඩි විස්තර දැන ගනිමු.

උපදෙස් - මිහිර වික්‍රමාරච්චි

 

2019/05/29 තරුණි බලන්න