අම්මේ, තාත්තේ කෝවිඩ් කාලයේ දරුවන්ගේ මනස ගැනත් හිතන්න

නොවැම්බර් 11, 2020

මුළු ලොවම භීතියට පත් කරවමින් කෝවිඩ් රැල්ල වඩාත් භයානක අන්දමින් අපව වෙළා ගෙන ඇතැයි සිතේ. විවිධ වයස්වල ජන කොට්ඨාසයන් විවිධාකාර අන්දමින් පීඩා වි½දිමින් සිටියි. දුව පැන ඇවිදින වයසේ සිටින දරුවන්ගේ පටන් ක්‍රියාශීලීව කටයුතු කළ දරුවන්ට මොකද වුණේ?

එළිමහන් ක්‍රීඩා කටයුතුවල නිරත වෙමින් සිටි දරුවන්ගේ එම ක්‍රියාකාරකම් සියල්ලම පාහේ මේ වසරේ අන් කවරදාකවත් නොවූ ලෙස ඇනසිට තිබේ.

පොතපතටම සීමාවෙමින් කාලය ගත කළ දරුවන්ට වඩා පූර්ණ කාලීනව බාහිර ක්‍රියාකාරකම්වල නියැළුණු දරුවන්ට කොවිඩ් කාලසීමාව තදින්ම දැනෙන්නට විය.

කුසලතා නිද්‍රාවට පත් නොකරමු

*ක්‍රියාශීලීව කටයුතු කළ දරුවන්ගේ කුසලතාවන් නිද්‍රාවට පත් නොකිරීමට මාපියන් වගබලා ගත යුතු වේ.

ගතින් එක්තැන් ව සිටින ඔවුන් මනසින් එක්තැන් කළයුතු නැත.

පවුලේ අය සමඟ හෝ එක්ව බැඩ්මින්ටන්, ටෙනිස් වැනි ක්‍රීඩාවල තම මිදුලේ ඉඩකඩ ඇත්නම් සෙල්ලම් කිරීම වටී. සාමූහිකව ක්‍රීඩාංගණවලට එකතු වීම නම් නොකළ යුතුයි. එහි යම් අවදානමක් තිබේවි.

අසල්වැසි දරුවන් සමඟ මෙතෙක් කල් සෙල්ලම් කළත් දැන් පවතින තත්ත්වය අනුව එය නුසුදුසු නිසා පවුලේ අය සවස් වරුවේ එළිමහනට බැස සෙල්ලම් කිරීම දරුවන්ට මානසික අස්වැසිල්ලක් වේවි.

බට්ටා පැනීම, හැංගිමුත්තන් සෙල්ලම්, සෙල්ලම් ගෙවල් දැමීම වගේ දේවල් කිරීමටත් අවස්ථාව දෙන්න. අලුත් අවුරුදු කාලය නොවුණත් වත්තේ ගස් තිබේ නම්, ඉඩකඩ ඇත්නම් ඔංචිල්ලාවක් වුණත් බැඳලා දෙන්න පුළුවන්. දරුවන් මෙවැනි දේවල්වලින් අසීමිත සතුටක් භුක්ති විඳීයි.

 

*මීට අමතරව චෙස්, කැරම් වැනි මොළය වෙහෙසවන ක්‍රීඩාවල පහසුවෙන් ම සෙල්ලම් කළ හැකියි. ඒ සඳහා කාලවේලාව සොයා ගැනීම මේ කාලයේ අසීරු නොවනු ඇත.

උදෑසන හිරු එළියට නිරාවරණය වීමේ වැදගත්කම

*උදේ කාලය මනාව හිරුඑළියට නිරාවරණය වී සිටීම මේ දිනවල අත්‍යවශ්‍ය වූවකි. පවුලේ අය එකට එක්ව මිදුල ශුද්ධ පවිත්‍ර කිරීම, පැළ සිටවීම, වතුර දැමීම වැනි කටයුතුවල දරුවන් ද සමඟින් කළ යුතුය. හිරුඑළිය තරම් ස්වභාවික විසබීජනාශකයක් තවත් නොමැත. වෛරස් වර්ග සිරුරට ඇතුළු නොවීමට මෙය ද පිටිවහලක් වනු ඇත.

 

දරුවන්ගේ ජීවිතවලට අලුත් අත්දැකීම්

* නිවෙසේ කෑම පිළියෙල කරද්දී, අලුත් කෑමක් හදද්දී දරුවන්ගේ උදව් ගෙන ඔවුන්වත් ඒ සඳහා සහභාගී කරවා ගැනීම හරිම වැදගත්. මුළුතැන්ගෙයි සුළු සුළු වැඩ දරුවන් ලවා කරවීමේ වරදක් නැහැ. මෙයින් දරුවන් ජීවිතයට අලුත් අත්දැකීම් ලබාවී. මේ ඒ සඳහා සුදුසු ම කාලයයි.

* ක්ෂය රෝගය සඳහා වූ බී.සී. ජී. එන්නත

සියලු දරුවන් ලබා සිටීම මනා ප්‍රතිශක්තියකි. කෝවිඩ් වෛරසය ශරීරගත වුවත් අතුරු ආබාධවලින් හැකිතාක් වැළකී සිටීමට අපේ රටේ ක්‍රියාත්මකවන ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ සෘජුවම ක්‍රියා කරනු ඇත.

ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ වැදගත්කම

* ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම සඳහා වූ නියමිත දින ගණන පසු වී ඇත්නම් රට යථා තත්ත්වයට පත්වූ පසු ඒ පිළිබඳ සායනවලින් විමසා බලා නොවැරදීම අදාළ එන්නත් ලබාදීම කළ යුතුම වූවකි. දරුවන් සඳහා එන්නත් ලබා දීම ප්‍රමාද වුවත් පැහැර හැරීම නම් කිසිසේත් ම කළ යුතු නැත.

*අපේ දරුවන්ගේ භාග්‍යයකටදෝ දරුවන්ගෙන් සියයට දෙකක පමණ පිරිසක් පමණක් කෝවිඩ්වලට ගොදුරු වූවන් බවට පත්ව තිබෙනවා. අපේ රටේ පවතින ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩපිළිවෙළ මෙයට හේතුවක්.

* රිජ්වේ ආර්යා ළමා රෝහලේ කෝවිඩ් වැළඳුණු දරුවන් රඳවා ගන්නේ නැහැ. ධ්ඵධතචබඪධද භදඪබ එකක ආසාදිත යැයි සැක කෙරෙන දරුවෝ ඉන්නවා. යම් හෙයකින් මේ දරුවන්ගෙන් අයකු කෝවිඩ් පොසිටිව් යැයි සොයා ගතහොත් ඔවුන් ධ්ච්ඩ් රෝහල වෙත මාරුකර යැවෙනවා.

මවුකිරිවල වැදගත්කම

* මවුකිරෙන් දරුවන් පෝෂණය කරන්නට මවුවරු විශාල කැපකිරීමක් කරනවා. මාස හයක කාලයක් මවුකිරෙන් පමණකුත්, අති⁣රේක ආහාර සමඟින් මවුකිරිත් ආදී වශ⁣යෙන් වසර දෙකක් පමණ මවුකිරි බොන දරුවා ඉන් ලබන්නේ මිල කළ නොහැකි ප්‍රතිශක්තිකරණයක්. ඕනෑම රෝගයකට ඔරොත්තු දීමේ හැකියාව මුළු ජීවීත කාලය පුරාවටම ලබන්නට මවුකිරෙන් වැඩෙන දරුවා වාසනාවන්ත වෙනවා.

* ඩෙංගු, ඉන්ෆුලුවෙන්සා තත්ත්ව සඳහා ගොදුරු වූ දරුවන්ට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ලැබී තිබීමත් දරුවන් කෝවිඩ් සඳහා ගොදුරු වීම අවම වීමට හේතුවක් විය හැකියි.

 

දරුවන්ගේ පෝෂණයේ වැදගත්කම

* මේ කාලයේ දරුවන්ගේ පෝෂණය පිළිබඳ මැනවින් සිතිය යුතුයි. වත්තේ පිටියේ වැවෙන එළවළු, කොළ මැල්ලුම්, පලතුරු දෙන්න අවස්ථාව තිබේ නම් ඉන් උපරිම ඵල ලැබිය යුතුයි. මේ දිනවල මාළු කෑම පිළිබඳ යම් චකිතයක් තිබෙනවා නම් දරුවන්ට බිත්තර ලබා දෙන්න.

ඔන්ලයින් පංති පසුපස හඹායෑම

* ඔන්ලයින් පංති පසුපස ඕනෑවට වඩා හඹා යෑම නම් එතරම් සුදුසු නැහැ. සාමාන්‍ය තරමට කළාට වරදක් නැහැ. මන්ද දරුවාට යහළුවෝ ඇසුරක් නැහැ. හිතේ හැටියට සෙල්ලම් කරන්නත් නැහැ. මේ දේවල් නිසා සමනල්ලු, මල් වගේ ඉන්න පුංචි දරුවන්ව මානසිකව ඇද දැමීම කිසිසේත් ම කළ යුතු නැහැ.

 

 

උපදෙස්

ළමා රෝග විශේෂඥ වෛද්‍ය

දීපාල් පෙරේරා