කන්‍යා ලග්න හිමියන්ගේ කලබල ගතිය ඇතිවේ.
වෘෂභ ලග්න හිමියන්ගේ ශක්තිමත් බැඳීම් මතුවේ.
මේෂ
දැඩි ගති ඇති කරයි. විදුලිය සම්බන්ධ කටයුතුවල නියුතු අයට සුබ වේ. ඉහළ නිලධාරීන්ගේ උපකාර හිමිවේ. විදේශගතවීම් සාර්ථක කරයි. පිටරට සබඳතා ඇති රැකියා ව්‍යාපාරවල ඉහළ දියුණුවක් ලබයි. ප්‍රේම සබඳතා විවාහවලට ප්‍රශ්න මතු වේ.
වෘෂභ
තම බලාපොරොත්තු ඉටුවන සතියකි. කතාව මුල්කරගෙන කරන වෘත්තීන්ට සුබවේ. කලාව හා කළමනාකරණ කටයුතු සබඳතා ඇති අයට දියුණුව ගෙන දේ. ශක්තිමත් බැඳීම් මතුවේ. විවාහ යෝග උදා කෙරෙයි. සෙම් රෝග හා පීඩා හටගනී. යටි බඩ ආශ්රිත රෝග මතුවේ. අධ්‍යාපනයට බාධා ගෙන දේ. අමතක වන ගති මතුවේ.
මිථුන
කා අතරත් හොඳ හිත පතුරා සමසේ ජනප්‍රියතාවක් ළඟාවන යෝග ඇත. තමාගේ වැදගත්කමට තැනක් හිමිවෙයි. රැකියා ස්ථානයේ ඉහළ නිලධාරීන්ගෙන් ප්‍රසාදය ඇති කරයි. අඹුසැමි සබඳතාවට ප්‍රශ්න මතුවීමට ඉඩ ඇති බැවින් ඉවසීමෙන් කටයුතු කළ යුතුය. විදෙස් ගමන් සාර්ථක වේ.
කටක
තම මතය සාක්ෂාත් කර ගැනීමට ගොස් පාඩු මතුවේ. ඉවසීම තරමක් අඩුය. පොතපත ආශ්රිත රැකියා හා අධ්‍යාපනික ක්ෂේත්රයේ උසස් තත්ත්වයක් හිමියි. විවාහයේ සිත් රිදීම් ඇතිවීමට ඉඩ තිබේ. වන්දනා ගමන් බිමන් ඇති වේ. වියදම් අධිකයි.
සිංහ
ඉවසීම හා තම වචන පාවිච්චිය තුළ ප්‍රශ්න මතු කරයි. ව්‍යාපාර ක්ෂේත්රයේ සේවක ප්‍රශ්න මතුවේ. පාඩු හානි මතු කරන සතියකි. තමා පිළිබඳ පසුතැවිලි ඇතිවන සතියකි. විවාහයේ ප්‍රශ්න හා විවාහක අයට විවාහ ප්‍රමාදය ගෙන දේ. විදෙස් සබඳතා ඇති රැකියාවලට ඉතා සුබවේ. ලියකියවිලි සම්බන්ධ ගැටලු මතුවේ.
කන්‍යා
කලබල ගතිය ඇතිවේ. හිත පාලනය අඩුවී වැරදි දේ කිරීමට පෙලඹේ. රැකියාවේ වැඩ අධිකයි. අලුත් රැකියා හිමිවේ. විවාහය කල් ගතවන යෝග ඇත. දුවා දරුවන්ගේ ප්‍රශ්නවලට ඉවසීමෙන් උත්තර සෙවිය යුතු සතියකි. අමතක වීම නිසා පාඩු මතුවේ.
තුලා
විදේශ කටයුතු සාර්ථක වේ. නමුත් මුදල් ගනුදෙනුවලදී අවාසි මතුවිය හැකියි. වෘත්තියේ ඉහළට යන යෝග ඇත. අඹුසැමි අතර ප්‍රශ්න එයි. දැඩි මානසික පීඩා මතුවේ. බරපතළ සිතුවිලි නොමැති නිසා ප්‍රේම සබඳතාවල ගැටලු මතු කෙරේ. ඔළුවට වද කරදර මතුවේ. දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ යයි.
වෘශ්චික
වෘත්තීමය දියුණුව මතුවේ. පෙර පැවති බාධාවන් ඉවත් වී යයි. අතරමඟ නතර වූ වැඩ නැවත ආරම්භ කිරීමට හැකියි. තම අනාගතය වෙනස් වන අවස්ථාවන් උදාවේ. ප්‍රේම සබඳතා කැඩී සිත් බිඳෙන අයට වටිනාකම හිමිවන සතියකි. සිත් තැවුල් ඇතිවන යෝග ඇත. ආර්ථික ප්‍රශ්න මතුවේ.
ධනු
තරමක් උද්ෙයා්ගිමත් සතියකි. විවාහ කටයුතුවලට බාධා ඇතිවේ. සැකයක් මුල් කරගෙන අඹුසැමි ප්‍රශ්න මතු කරයි. නිලබලය ලැබී රැකියාව දියුණු වේ. අධ්‍යාපන කටයුතුවල දියුණුව ඇතිවනු ඇත. පිරිසක් අතර කෝපවීම් මතුවේ. ධන ලාභ හිමිවේ.
මකර
අන් අය හා ගනුදෙනු කිරීමේදී ප්‍රවේශම් විය යුතුවේ. අලුත් ලැබීම් හා ව්‍යාපාර දියුණුව මතු කරයි. පොළොව සම්බන්ධ කටයුතුවලින් දියුණුව ඇතිවේ. දරුවන්ගේ කටයුතු නිසා සිත් තැවුල් මතුවේ. සිත් තැවුල් ඇතිවීමට ඉඩ වැඩි සතියකි. ඉවසීමෙන් යා යුතුවේ. මවට පියාට අසුබයි.
කුම්භ
සිතුවිලි වෙනස් වෙන ගති නිතර ඇති වේ. ප්‍රේම සබඳතා ස්ථිරවන යෝග ඇත. ආශ්‍රය කරන අයගේ ගරුබුහුමන් ලබයි. විදේශ ගමන් හිමිවේ. ලියකියවිලි ප්‍රශ්න මතුවේ. ව්‍යාපාර රැකියා දියුණුව ගෙන දේ. දරුඵල සාර්ථක වන යෝග ඇත.
මීන
තරමක් ආත්මාර්ථකාමී ගති මතුවෙයි. අන් අයට නිතර තමා නොගැළපේ යැයි සිතෙන සතියකි. පින්කම් කටයුතුවලට හිත් දේ. විවාහ ප්‍රශ්න එයි. විශ්වාසය කඩ කරන රහස් වැඩ ඇතිවෙයි. සතුරු කරදර ඇතිවෙයි. නින්දා අපහාස ලැබේ. වියදම් අධික වේ. ගමන් බිමන් අධික වේ. මානසික පීඩා මතුවෙයි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී සංගීතා වික්‍රමසිංහ