Thursday, August 14, 2025
Epaper
Home Beautyඋඩරට මනාලිය හැඩ වැඩ කරවන කොණ්ඩ විලාසිතාවක්

උඩරට මනාලිය හැඩ වැඩ කරවන කොණ්ඩ විලාසිතාවක්

by Test

උඩරට ක්‍රමයට හැඩ වැඩ වෙන්නට සිතන මල් මනාලියකට, දෙවැනි මනාලියකට හෝ උත්සවයකට සහභාගිවන්නියකට මේ කොණ්ඩා මෝස්තරය වඩාත් ගැළපේවි.

මෙම කොණ්ඩා මෝස්තරය දැමීමේදී බැක් කෝම්බ් කළ යුත්තේ මුහුණේ හැඩය හඳුනාගෙනයි. මුහුණේ හැඩයට අනුව බැක් කෝම්බ් එකේ හැඩය වෙනස්වනු ඇත.

කොණ්ඩා මෝස්තරයේ පිටුපස බන් එක හදන විට මුහුණේ ප්‍රමාණය අනුව සකස්කර ගැනීම වැදගත් වේ. හොඳින් පිරුණු මුහුණකට කුඩා බන් එකක් දැමීම සුදුසු නොවේ. පිරුණු මුහුණක් ඇත්නම් volum එක වැඩිකර පෙන්විය යුතුයි. විශේෂයෙන් පළල් හකු ප්‍රදේශයක් සහ කෙටි බෙල්ලක් ඇත්නම් බන් එක තරමක් පහතට යෙදීම වඩාත් සුදුසුයි. පිටුපසින් බලද්දී බෙල්ලේ පළල අඩුකර පෙන්වයි. බන් එක රවුම් හැඩයට සකසනවාට වඩා ඕවල් හැඩයට සැකසීම පහසුයි.

*ඉදිරිපස කොණ්ඩයෙන් කොටසක් ඉදිරියට දමා ඉතිරි කොණ්ඩය පිටුපසට පීරා පෝනිටේලයක් දමා ගන්න.( 1 ඡායාරූපය)

*පසුව ඉදිරි කොණ්ඩය බැක් කෝම්බ් කර පිටුපසට පීරා හෙයා ක්ලිප් රඳවා ගන්න. ( 2, 3 ඡායාරූප)

*පසුව පෝනිටේලයේ මුල කෙස් කොටසකින් ආවරණය කර පෝනිටේලය එක් කොටසක් කුඩාවට සහ එක් කොටසකට වැඩිපුර කෙස් සිටින ආකාරයට කොටස් දෙකකට බෙදා ගන්න. (4 ඡායාරූපය)

*ඉන් වැඩිපුර කෙස් ඇති කොටස ගොතා ඡායාරූපයේ පෙනෙන ආකාරයට එක් පැත්තකින් ඇද බුරුල තබා තුණ්ඩු ආකාරයට සාදන්න. (5, 6 ඡායාරූප)

*ඒ ආකාරයට කුඩා කෙස් තීරුවක් සකස් කරගන්න. (7 ඡායාරූපය)

*පළමුව මහතින් වැඩි කෙස් තීරුව පෝනිටේලය වටා ඔතා පසුව කුඩා කෙස් තීරුව ඡායාරූපවල පෙනෙන ආකාරයට මැදට වන ලෙස ඔතා ගන්න. (8, 9 ඡායාරූප)

*එය පිටුපස මැදට වන ලෙස රඳවා ගැළපෙන ආකාරයට මල් සහ තැල්ල රඳවා ගන්න.(10, 11 ඡායාරූප)

උපදෙස් :

ප්‍රවීණ රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය උපදේශිකා

නදීකා පෙරේරා

MODEL – රුවනි

PIX BY –  Awinka Photography

 

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?