Saturday, August 16, 2025
Epaper
Home ජ්‍යෙතිෂයඋප රේඛා

උප රේඛා

by Test

මෙම රේඛා සුවිශේෂ රේඛා සහ උප රේඛා ලෙස හඳුන්වනු ලැබුව ද සැබැවින්ම අත්ලක පිහිිටි සෑම රේඛාවක්ම ඒ ඒ කරුණු පිළිබඳව ප්‍රධානත්වයක් දරන බැවින් නොසලකා හැරිය හැකි හෝ නොසලකා හැරිය යුතු රේඛාවන් ලෙස නොසිතුය යුතු වේ. ජීවිතයේ ඉතා සුවිශේෂ අංශයන් පිළිබඳ අපට ඇඟවුම් කරන මෙම රේඛා කිහිපයක් පිළිබඳව පමණක් අප මෙහිදී සාකච්ඡා කරන්නෙමු.

 

01. සිකුරු මේඛලාව

දබරැඟිල්ලටත්, මැදඟිල්ලටත් අතරින් ඇරඹෙන මෙම කුඩා රේඛාව වෙදැඟිල්ලටත්, සුළැඟිල්ලටත් අතර ප්‍රදේශයකදී අවසන් වෙයි. කවාකාර ස්වභාවයකින් දක්නට හැකි සිකුරු මේඛලාව යමෙකුගේ විවාහය, රාගය පිළිබඳ තොරතුරු ඔහුගේ හෝ ඇයගේ හැසිිරිම්, ලිංගික ශක්තිය වැනි අංගයන් පිළිබඳ තොරතුරු සපයයි.

මෙම රේඛාව සෑම අත්ලකම පිහිටන්නේ නැත. රේඛාව කැපීම්, කෙටීම්, බිඳීයාම හෝ බාධක ලක්ෂණ නොමැතිව ප්‍රබලව පිහිටියේ නම් උසස් ඥාන ශක්තියක් ඇතිවන අතර කවියන් ලේඛකයන් වැනි කලා කෞශල්‍යයන් ප්‍රකට කෙරෙන පුද්ගලයන් බිහි කරයි. එහෙත් බාධකවලින් දූෂිත වූයේ නම් මෙම රේඛාව අත්ලේ පිහිටි පුද්ගලයන් රාගාධික වෙයි. එහෙයින් බොහෝ කරදරවලට මුහුණ දෙන්නට ඔවුන්ට සිදුවෙයි. එවන් පුද්ගලයන් බොහෝ විට වෙනස්වන ගතිගුණවලින් යුක්ත වන අතර දොම්නස් ස්වභාවයෙන් යුක්ත වෙති. එසේම මුරණ්ඩු වෙති. අන්‍යයන්ට ඊර්ෂ්‍යා කරති.

සිකුරු මේඛලාව ගැඹුරුව ද රතු පැහැයෙන් යුක්තව ද පිහිටියේ නම් බලවත් සේ රාගාධික වන අතර මේ අත්ල හිමි පුද්ගලයන් අනාචාරයට යොමුවිය හැකිය. ඒ හා සම්බන්ධ රෝගාබාධාවලට මුහුණ දීමට ද සිදුවිය හැකිවේ.

සිකුරු මේඛලාව විවාහ රේඛාව සමඟ ස්පර්ශ වූයේ නම් විවාහය අවුල් වීමට ද ඉඩ තිබේ. සිකුරු මේඛලාව කැඩී බිඳී විපරිත වී නම් විවාහ ජිවිතයට ඇතුළුවිය යුත්තේ බෙහෙවින් සොයා බලා ඉන් අනතුරුවය. නොගැළපෙන අයෙක් සමඟ විවාහ වීමට සිදුවුවහොත් ඉතා ඉක්මනින් විවාහ බිඳී යාමට හේතුවනු ඇත.

සිකුරු මේඛලාව තැනින් තැන බිඳී යාම අත්ල හිමි පුරුෂයා හෝ ස්ත්‍රිය රාගයෙන් දැවෙන බවට සලකුණක් වේ. රවී මණ්ඩලයේදී මෙම රේඛාව හරස් ඉරකින් ඡේදනය වුවහොත් පුරුෂයෙක් නම් ස්ත්‍රියක් නිසා ද ස්ත්‍රියක් නම් පුරුෂයෙක් නිසා ද මහත් විපතකට පැමිණෙයි. මේ අනුව බලන කල සිකුරු මේඛලාව යම් අත්ලක පිහිටියේ නම් ඉතා උනන්දුවෙන් පරීක්ෂා කළ යුතු රේඛාවක් වෙයි.

 

 ‍ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ගුප්ත විද්‍යා ආචාරිනි

නිරංගා බාලසූරිය

 

[email protected]

රූ රටා – නිලක්ෂි ආරියරත්න

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?