මහරට ගී රස
මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “පිපෙන කැකුළු” ළමා සමාජයේ දරුවන් වෙනුවෙන් ආකල්ප සංවර්ධන හා ගී රසවින්දන වැඩසටහනක් පසුගිය දා ඇල්දෙණිය, අභිනවාරාම විහාරස්‌ථානයේ පැවැත්විණි.
මෙම වැඩසටහන 286 B, ඇල්දෙණිය, බටහිර ග්‍රාම නිලධාරි A.A.A.C. අධිකාරි මෙණෙවිය විසින් සංවිධානය කළ අතර මහර ප්‍රාදේශීය සංස්කෘතික නිලධාරී සුභාෂි නාත්තණ්ඩියගේ විසින් මෙයට සම්පත් දායකත්වය සපයන ලදී. මේ සඳහා ගීත ගායනයෙන් තමාලි දිනුෂිකා සහය දැක්වූවාය.
“සවිවර හෙටකට නිලදරු අත්වැල” බුත්පිටිය මහා විද්‍යාලයේ දී.
බුත්පිටිය මහා විද්‍යාලයේ 8, 9,10,11 ශ්‍රේණිවල සිසු දරුවන් වෙනුවෙන් “සවිවර හෙටකට නිලදරු අත්වැල” වැඩසටහන පසුගිය දා එම විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි.
වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරින්ගේ විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු විෂයපථයන්ට අදාළ වැඩසටහන් රැසක් මෙහිදී පවත්වන ලදි.
ෙමහි වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන් සඳහා සම්පත්දායකත්වය ලබාදුන්නේ නිපුණතා සංවර්ධන නිලධාරී චන්දිමාල් රත්නායක විසිනි. මානව සම්පත් සංවර්ධන නිලධාරින් වන සුරංග සෙනෙවිරත්න හා කාංචනා ගීතානි, සිසු සිසුවියන් සඳහා උසස් පෙළ විෂයන් තෝරාගැනීම, විභාග අරමුණ ජයගැනීමට අවශ්‍ය මානසික ශක්තිය සහ මාර්ගෝපදේශය ලබා දීම සිදුකරනු ලැබීය. දරුවන්ගේ ඉගෙනුම් කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ දරුවන්ගේ මවුපියන් දැනුම්වත් කිරීමට ද මෙහිදී පියවර ගත්හ.
එමෙන්ම ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක, 2025 රාජ්‍ය භාෂා සතිය වෙනුවෙන් පවත්වන පාසල් වැඩසටහනක් ලෙස “ආසාවෙන් භාෂාව උගනිමු” භාෂා ප්‍රවර්ධන වැඩසටහන හා “සස්රුත අරුත් විමසුම” අන්තර් සංස්කෘතික දැනුම් සම්ප්‍රවේෂණ වැඩසටහන පැවැත්වූ අතර එහිදී ත්‍රෛභාෂා කුසලතාව සංවර්ධනය කරගැනීමේ වැදගත්කම, භාෂා ඉගෙනුමට අදාළ කෙටි ක්‍රම, සෞන්දර්යාත්මක භාෂා කුසලතා ක්‍රියාකාරකම් හා විවිධ භාෂාවන් කතා කරන ජනතාවගේ විවිධ සංස්කෘතික අනන්‍යතා පිළිබඳ සිසු දරුවන් දැනුම්වත් කෙරිණි . මේ සඳහා සම්පත් දායකත්වය ඒ.කේ. අංජානි දිනුෂිකා සෙනෙවිරත්න විසිනි.
Business Creation පුහුණු වැඩසටහන
දැනට ව්‍යාපාරයක් සුළුවෙන් ආරම්භ කර ඇති හා ආරම්භ කිරිමට අපේක්ෂිත ව්‍යවසායකයන් සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ගම්පහ දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් ” Business Creation ” දෙදින පුහුණු වැඩසටහනක් පසුගිය දා මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි.
ගම්පහ දිස්ත්‍රික්කය පුරා පවත්වනු ලබන වැඩසටහන් මාලාවේ සිවුවැනි වැඩසටහන වන මෙමඟින් ව්‍යවසායකත්ව හැකියාව හා ව්‍යාපාර අදහස තෝරා ගැනීම, එය වෙළෙඳපොළට ඉදිරිපත් කළ යුතු ආකාරය, නිෂ්පාදනවල වියදම හා මිල තීරණය කිරීම පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරින් දේශන පවත්වනු ලැබීය. ගම්පහ දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරීන් වන නාලිකා මුණවීර, ගයත්‍රි ගුණතිලක හා ක්‍රිශ්නි වාසනා යන අයගේ සම්පත්දායකත්වය මෙයට ලබා දුන්හ.
මත්ද්‍රව්‍ය නිවාරණය නිට්ටඹුව බෞද්ධ විද්‍යාලයේදී
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය නිමිත්තෙන් නිට්ටඹුව බෞද්ධ විද්‍යාලයේ සිසු දරුවන් වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් පසුගිය දා එම විද්‍යාලයේ දී පැවැත්විණි.
මේ සඳහා සම්පත් දායකත්වය අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක හර්ෂනී ආරියරත්න මහත්මිය හා පුනරුත්ථාපන කාර්යාංශයේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලුතිනන් කර්නල් නලින් ජයසුන්දර මහතා විසිනි.
නිට්ටඹුව පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති වසුන්දරා විසින් සංවිධානය කරන ලද මේ වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන නිලධාරී කුමාරි විසින් සිදුකරන ලදී.
සහජීවන වැඩසටහනක් ජා ඇළ දී
“සහජීවනය තුළින් ආකල්ප සංවර්ධනය ” මැයෙන් පාසල් දරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ජාඇළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
විවිධ ආගම් නියෝජනය කරන පාසල් දරු දැරියන් 75 දෙනෙකු මෙම වැඩසටහනෙහි ඉලක්ක කණ්ඩායම වූහ.
කණ්ඩායම් ලෙස වැඩ කිරීමේදී ලබා ගන්නා අත්දැකීම්, සාමය සහ සහජීවනය වැඩිදියුණු කරන ආකාරය, කලාව තුළින් ආකල්ප සංවර්ධනය (ගීත හා විචාර තුළින්) පිළිබඳ ක්‍රියාකාරකම් ඇසුරින් මෙහිදී දැනුම්වත් කිරීම් සිදු කරනු ලැබීය.
මේ සඳහා සම්පත් දායකත්වය තරුණ සේවා නිලධාරි දමින්ද අධිකාරි හා ජාතික ඒකාබද්ධතා සම්බන්ධිකාරක ජයලත් සමන් කුමාර යන මහත්වරුන් විසින් සපයන ලදී.
මේ වැඩසටහන සංවිධානය කාරන ලද්දේ ජාඇළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා සම්බන්ධිකාරක වී.ජී.ඩී. නිල්මිණි මහත්මිය විසිනි.