Saturday, August 16, 2025
Epaper
Home මනෝ උපදේශනතනිකම මකාලන්න ආදරණීයකු ළංකර ගන්න

තනිකම මකාලන්න ආදරණීයකු ළංකර ගන්න

by Test

ජීවිතයේ තනිකම දැනෙන අවස්ථා බොහෝය. සමහරවිට ඔබ සමාජයේ දුරස්වීම, ඔබ නව නගරයකට, රටකට පදිංචියට යාම, ඔබ වෙන්වීමකට මුහුණ දීම හෝ මෑතකදී පවුලේ සමාජිකයෙක් අහිමිවීම ආදී කරුණු නිසා තනිකම උරුම විය හැකිය. සුරතල් සතෙකු තබා ගැනීමෙන් අනෙක් සබඳතා අස්ථායි වූවත් ස්ථාවර සබඳතාවක් ලබා දිය හැකියි.

ඉතින් මේ සියල්ලට විසඳුමක් ලෙස ආදරණීය සතෙකු ඇති කළ හැකියි.

ඔබ අප හැමදෙනාම වගේ සතුන්ට ආදරෙයිනෙ. ඒ නිසාම නිවෙසෙහි සුරතලයට කවුරුන් හෝ සත්වයෙක් ඇති කරන්න බොහෝ දෙනා පුරුදු වෙලා ඉන්නවා. බොහෝ විට නිවෙසෙහි ඇති කරන්නේ වැඩිපුරම බල්ලන් සහ පූසන්. ඒ වගේම සුරතල් සතුන් ඇති කිරීම මඟින් මානසික සෞඛ්‍ය ඉතාමත් හොඳ තත්වයකට පත් කරනවා.

ඉතින් මේ කියන්නේ සුරතල් සත්වයෙකු ඇති කිරීම මඟින් ඔබට ලබා ගත හැකි වාසි මොනවාද කියලයි.

 

01) තනිකම

 

ඔබ කාලයත් සමඟ තනිව සිටින විට ඇල්මයිසර් රෝගය, හදවත් රෝග සහ මානසික ගැටලු ඇති වීමේ හැකියාව ඇති වෙනවා. ඒ වගේම දැඩි මානසික පීඩනය ඇති වෙනවා. නමුත් නි‍ෙවසෙහි සුරතලෙකුගේ ආශ්‍රයට වැටුනොත් ඔබ තුල පවතින තනිකම නැති වී යනවා.

 

02) හදවත් රෝගයන් අඩු කිරීම

 

ඔබ හදවත් රෝගවලින් මිය යාම සුරතලෙකු ඇති කිරීමෙන් අඩු කරනවා. ඒ වගේම පුසෙකු ඇති කරනවා නම් මානසික ආතතිය නැති කර මනස සැහැල්ලු කිරීමට හැකියාව තිබෙනවා.

 

03) මතක ශක්තිය

 

මනස දුර්වල වීමට වයස, මානසික ආතතිය ආදිය වැනි හේතු නිසා ඇති වෙනවා. නමුත් සුරතලෙකු නි‍ෙවසෙහි සිටීමෙන් මතක ශක්තිය ආරක්ෂා වෙනවා.

 

04) ශාරීරික වේදනාව

ඔබ අසනීපයෙන් සිටින විට, ශාරීරික අපහසුතාවලින් පෙලෙන විට සුරතලෙකු සමඟ කාලය ගත කරන්නේ නම් ඔබේ අපහසුතා තුරන් වී යනවා.

 

05) බබාට අාසාත්මිකතා අවදානම අඩු කරයි.

 

කුඩා කාලයේ සුරතල් සතුන් ඇති කරන දරුවන්ට අනාගතයේදී අාසාත්මිකතා ඇති වීම වළක්වනවා.

 

06) ළමා විය දියවැඩියාව.

දරුවන් සුරතලුන් රැක ගැනීම සඳහා ක්‍රියාකාරී වන විට, වගකීම් සහගත හැඟීම් ඇති වූ විට පළමුවැනි මට්ටමේ දියවැඩියා රෝගය ඇති වීමේ අවදානම අඩු කරන බව පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා.

 

 

උපදෙස්:-

පශු වෛද්‍ය

නුවන් වික්‍රමසිංහ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?