නීරෝගි දරුවකු සමාජයට දායාද කිරීම අප සැමගේ ඒකායන පැතුමයි. එම දරුවා කායිකව මෙන්ම මානසිකවද සුවපත් විය යුතුයි. එසේ වීමට නම් දරුවන් යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතුයි.
*BMI අගය හෙවත් ශරීර ස්කන්ධ දර්ශකය එනම් උසට සරිලන බර පවත්වාගෙන යෑමට දරුවන් මනාව පුරුදු පුහුණු විය යුතුයි. ඒ සඳහා වන ස්වයංවිනය දරුවන් විසින්ම සකසා ගත යුතුවේ. එහිදී අධ්‍යාපනය තුළින් ලබන ශික්‍ෂණය ඔවුන්ට මනා ලෙස ඉවහල් වනු ඇත. තමන්ම නියාමනයකට ලක්වී සුදුසු ආහාර රටාවක් කෙරෙහි යොමුවීම අතිශය වැදගත් වේ.
*දරුවන් දෛනිකව ඉතා වැඩියෙන් සීනි පරිභෝජනය කරයි. කෙටි කලකින් දරුවන් රෝගී වීමට මෙය සෘජුවම බලපාන්නකි.
*එළවළු පලතුරු භාවිතයෙන් ඈත් වී ලුණු සහිත, තෙල් සහිත, පිටි සහිත ක්ෂණිකව පිසූ ආහාර භාවිතය කෙරෙහි දක්වන නැඹුරුව ක්‍රම ක්‍රමයෙන් වැඩිවී තිබේ. මෙම ප්‍රවණතාව වැඩිහිටියන් අතර පමණක් නොව දරුවන් අතරද ප්‍රබලව දක්නට ලැබේ.
*සෞඛ්‍ය සමීක්ෂණවලට අනුව පාසල්වල 1, 4 7, 10 වසරවල ඉගෙනුම ලබන දරුවන්ගෙන් අධිබර දරුවන් සියයට 7ක් සිටි.
*2024 වසරේ සිදු කළ ගෝලීය සෞඛ්‍ය සමීක්ෂණවලට අනුව අවුරුදු 13ත් 17ත් අතර වයසේ පසුවන දරුවන්ගෙන් සියයට 17ක් පමණ කාබනේට් බීම ගනියි. ලුණු සහිත ආහාර හා අධික තෙල් සහිත ආහාර දරුවන් සියයට 28ක් පමණ ආහාරයට ගනී. අධික සීනි සහිත ආහාර දරුවන් සියයට 41ක් පමණ පරිභෝජනයට ගනී. පාසල් දරුවන්ගේ ආහාර පරිභෝජන රටාව සුදුසු ලෙස සිදු නොවන බව මින් වැටහී යනු ඇත.
*මේ අනුව පෙනී යන්නේ බෝ නොවන රෝග වැලඳීමේ අවදානම දරුවන් කෙරෙහිද ඉතා වැඩි බවයි. අඩු වයසෙන්ම දරුවන් අතර දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇතුළු තවත් රෝග දක්නට ලැබේ. පෝෂණ ගුණයෙන් ඈත් වූ ආහාර ගැනීම මෙයට ප්‍රධානම හේතුවයි.
*දරුවන් ලෙස කුඩා කාලයේදී ගන්නා ආහාර රටාව වැඩිහිටි විය දක්වාම එලෙසම බලපායි.
*කොළඹ දිස්ත්‍රික්කයේ පෙර පාසල් දරුවන් දෛනිකව සීනි ග්‍රෑම් 57.9ක් ගනී. ඔවුන් අධික ලෙස සීනී යෙදූ පැණි බීම ගනියි.
*මේ දරුවන් දිනකට එළවළු වර්ග දෙකක්, පලා වර්ගයක්, පලතුරු වර්ග දෙකක් දෛනිකව ආහාරයට එක් කරගත යුතුයි. එම ප්‍රමාණය ගන්නේ සියයට 18.2 ක ප්‍රතිශතයක් පමණි.
*දිනකට දරුවකුට ලබා දෙන ප්‍රධාන ආහාර වේල් තුන කිසිසේත්ම මඟ හැරිය යුතු නොවේ.
*පිඟානෙන් බාගයක ධාන්‍ය සහ අල වර්ග තිබිය යුතු අතර පිඟානේ ඉතුරු බාගයෙන් හරි අඩක එළවළු සහ පලා වර්ග ගතයුතු යුතු වෙයි. පිඟානෙන් ඉතිරි හරි අඩ මාළු, මස්, බිත්තර, මේදය තෙල් සහිත පියලි සහ ඇට වර්ග සහ බීජ වර්ග මද වශයෙන් හෝ තිබිය යුතුයි.
*නීරෝගි දිවි පෙවෙතක් සඳහා දරුවා ජලය පානයට හුරු කළ යුතුයි.
දරුවකු දිනකට ගත යුතු ජල ප්‍රමාණය කොපමණද?
ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව වයස අවුරුදු 1ත් 5ත් අතර දරුවකු දිනකට ජලය මිලි ලීටර් 750 ත් ලීටර්1ත් අතර ප්‍රමාණයක් ගත යුතුයි. වයස අවුරුදු 6ත් 10ත් දරුවෙක් ලීටර් 1ත් ලීටර් 1.5ත් අතර ප්‍රමාණයක් ගත යුතුයි. වයස අවුරුදු 11ත් 18ත් දරුවකු ජලය මිලීලීටර් 1.5ත් 2ත් අතර ප්‍රමාණයක් ගත යුතුවේ.
*පෙර පාසල් දරුවන්ගෙන් සියයට 63ක ප්‍රමාණයක දන්ත සෞඛ්‍ය පිළිබඳ ගැටලු පවතී. අඩු බර දරුවන් සියයට 15.4 කි.
*සමාජය සහ චර්යාත්මක වෙනසක් ඔස්සේ ළමා සෞඛ්‍යය ප්‍රවර්ධනය සඳහා ජාතික සන්නිවේදන වැඩසටහනක් වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙයි. මෙම වැඩසටහනට අනුව චර්යාත්මක අරමුණු කීපයක්ම කෙරෙහි අවධානය යොමු කෙරේ.
1.දරුවන් පුද්ගලික සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කිරීම.
2.ඔවුන් නිසි ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීමට සහ පරිසරය පිරිසුදුව තබා ගැනීමට පුරුදු වීම
3.දරුවන් දිනපතා පලතුරු වර්ග දෙකක් එළවළු වර්ග දෙකක් සහ කොළ පැහැති පලා වර්ගයක් ආහාරයට ගැනීම.
4.දිනපතා නිර්දේශිත කාලසීමාවෙහි ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදවීම.
5.දරුවන් පාලනයකින් යුතුව නිර්දේශිත තිර කාලය පමණක් භාවිත කිරීම.
6.දිනපතා නිර්දේශිත කාල සීමාවට අනුව නින්ද ලබාගැනීම.
7.දෙමාපියන් සහ රැක බලා ගන්නන් කෑ ගැසීමකින් තොරව දරුවන්ට කාරුණික වීම.
8.දරුවන්ට ස්වාධීනව සහ විවේචනාත්මකව චින්තනයෙන් යුතුව ඉගෙන ගැනීමට පහසුකම් සැලසීම
මීට අමතරව මුත්‍රාවල පාට බලා වතුර බීමට දරුවන් උනන්දු කරවන්නට බලාපොරොත්තු වෙයි.
උපදෙස් :
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ
පෝෂණ අංශයේ අධ්‍යක්ෂිකා
විශේෂඥ වෛද්‍ය
මොනිකා විජේරත්න
ජාතික පෙර පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන
වැඩසටහනේ අධ්‍යක්ෂිකා
ප්‍රජා විශේෂඥ වෛද්‍ය
ඉනෝකා වික්‍රමසිංහ