Saturday, August 16, 2025
Epaper
Home Bridleදෙවැනි මනාලියයි මේ සැරසෙන්නේ

දෙවැනි මනාලියයි මේ සැරසෙන්නේ

by Thanushika

බටහිර ක්‍රමයට මෙන්ම පහතරට ක්‍රමයට සැරසෙන මනාලියන්ගේ දෙවැනි මනාලියන් ගවුමකින් සැරසෙන අවස්ථා දැකගත හැකියි.

යොවුන් වියේ පසුවන ඇගේ සුන්දරත්වය ඔප් නංවන්නට මෙවැනි කොණ්ඩා මෝස්තරයක් සමත් වනු ඇත.

මේ එවැන්නියක් සඳහාම වූ කොණ්ඩා මෝස්තරයකි.

පළමුව කොණ්ඩය Ear to ear ලෙස සෙක්ෂන් වෙන් කරගන්න. (1වැනි ඡායාරූපය)

පසුව පිටුපසින් අඟලක පමණ කෙස් කොටසක් පහළට දමා ගන්න. (2 වැනි ඡායාරූපය)

විශාල ප්‍රමාණයේ ක(ර්)ලිං ටොන් එකක් භාවිත කර තරමක් ඈතින් සිටින ආකාරයට අයන් එක වටා කොණ්ඩයේ පහළ පමණක් ඔතා ගන්න. (3, 4, 5 ඡායාරූප)

ඒ ආකාරයට තරමක් පිටුපස කෙස් තීරු පහළට දමමින් කොණ්ඩය රැලි ගන්වා ගන්න. ( 6 වන ඡායාරූපය)

හිස් මුදුනෙන් කුඩා කෙස් තීරු ගෙන බැක් කෝම්බ්කර පෆ් කරගන්න. (7 වන ඡායාරූපය)

කොණ්ඩය ආපස්සට බුරුල තබමින් පීරා ක්ලිප් කරගන්න.(8 වන ඡායාරූපය)

ඉදිරිපස කොණ්ඩය පැත්තෙන් බෙදා කෑලි අල්ලමින් ගොතා ගන්න.(9, 10 ඡායාරූප)

අගට වන විට ඇඹරුමක් කර පිටුපස හරි මැදට රඳවා පහළින් නැති කොණ්ඩයේ රැලි ගන්වා නොගත් කොටස ඇතුළට ඔතා, බන් එකක හැඩය සාදා, හෙයා නෙට් එකක් දමාගන්න. (11, 12 ඡායාරූප)

පසුව රැලිගන්වා ගත් කෙස් තීරු බන් එක මත තබමින් හෙයා ක්ලිප් රඳවා ගන්න.(13, 14 ඡායාරූප)

සියල්ල අවසානයේ ඇඳුමට ගැළපෙන අන්දමින් මල් සැරසිලි රඳවා ගන්න.( 15, 16 ඡායාරූප)

MODEL – රුවනි

PIX BY –  Awinka Photography

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?