නිවෙසක වාස්තු බැලීමේ පළමු සහ හොඳම වේලාව වන්නේ නිෙවස සැලසුම් කරන අවස්ථාවයි. ඒ පසුවට ඇතිවන දෝෂ නිවැරදි කිරීමේදී සිදුවිය හැකි කැඩීම්, වෙනස් කිරීම් මෙහිදී සිදු නොවන නිසා. වාස්තු බැලීම මඟින් ඉඩම තුළ නිෙවස ස්ථානගත කරන ආකාරයත්, නිෙවසේ අත්තිවාරමේ සිට වහළය දක්වා ඇති සියලුම වාස්තු කරුණුත්, ඉඩම තුළ වැසිකිළි වළ, අපජලය රැස්වන වළ, කුණු වළ, ළිඳ ආදිය කැපීමට සුදුසු ස්ථාන සහ නිසි පරිදි ගේට්ටුව තැබිය යුත්තේ කොතැනකද යන කාරණාවන් පිළිබඳ අවබෝධයක් ලබාගත හැකියි.
බොහෝ දෙනා විසින් සිදු කරන වාස්තු වැරදි කීපයක් අද ලිපියෙන් ඔබට පෙන්වා දෙන්නම්. එය ඔබේ නිවෙස දෝෂ රහිතව ගොඩනඟා ගැනීමට පහසු මඟකි.
නිවාස සැලසුම අඳින්නට පෙර ඉහත කී ළිඳ හෝ වැසිකිළි වළ කැපීම බොහෝ දෙනා විසින් කරන දෙයක්. සුදුසු දිශාව ගැන පමණක් අවධානය යොමු කරමින් සිදු කරන මෙවන් දේ මඟින් බොහෝ විට සිදුවන්නේ දෝෂ තත්ත්වයක්මයි. හදන්නට යන නිෙවස ගැන අවබෝධයක් නොමැතිව මේවා කැපීම මඟින් වාස්තු දෝෂ ඇති වෙන්නේ නිෙවස ඉදිකිරීමේදීයි. මේ නිසා නිෙවසේ සැලැස්මට මූලිකත්වය ලබා දෙමින්, සෙසු කාරණාවන් එයත් සමඟ සැලකිල්ලට ගැනීම ඉතා වැදගත් වාගේම, එය ඔබ විසින් දුරදිග බලා සිදු කරන බුද්ධිමත් ක්‍රියාවක්.
ඔබට තිබෙන්නේ සමතලා නැති, යම් ආනත ඉඩමක් නම් මේ කාරණය ගැනත් හිතන්න. වැඩි දෙනෙකු හිතන ආකාරයට සම්පූර්ණ ඉඩම ඩෝසර් මඟින් සමතලා කර නිෙවසේ සැලැස්ම ඇඳීමට තීරණය කිරීම ඇතැම් විට වරදින්නට හැකි තැනක්. ඉඩමේ පිහිටීම ඒ ආකාරයටම නිෙවසේ සැලසුම්කරුට පෙන්වීම ඉතා වැදගත් දෙයක්. මෙමඟින් ලැබිය හැකි වාසි බොහොමයි. වියදම් අඩු සහ පහසු ඉදිකිරීමේ ක්‍රම අනුගමනය කළ හැකි වීම, ස්වාභාවික ජල බස්නා ක්‍රම සහ වාස්තු කරුණු ඉඩමට සහ නිෙවසට ඇතුළත් කිරීමේ හැකියාව, ස්වභාවධර්මයෙන්ම ලැබෙන අලංකාරය වැඩි දියුණු කිරීමේ හැකියාවන් මේ අතරින් කීපයක් පමණයි. මේවා ගැන නොසිතා ගෙමිදුල සමතලා කිරීමෙන් ඔබේ ඉඩම ඇතැම් විට අවට ඉඩම්වලට වඩා පහත් විය හැකි සේම, අවට ඉඩම්වල වැසි ජලය ඔබේ ඉඩමේ රැඳීම හෝ ඒ හරහා ගලා යාමටත් හැකියි. ඒ වාගේම මායිම් ආසන්නයේ සිදු කරන පස් කැපීමේදී යාබද ගොඩනැඟිලි ආදියේ ස්ථායිතාවය ගැන අවධානය යොමු කළ යුතු වන අතර, නීත්‍යනුකුලව අදාළ ආයතනවලින් පස් කැපීම සඳහා අනුකූලතාවය සමඟ ඉංජිනේරු අධීක්ෂණ වාර්තා ලබා ගැනීමත් කළ යුතුයි.
ඉහත කියූ කාරණය වාස්තු විද්‍යාව සහ තාක්ෂණය යන අංශ දෙකම එකට සම්බන්ධවන අවස්ථාවක් බව ඔබට පැහැදිලි ඇති. මුල සිටම මෙම කාරණාවන් ගැන අවබෝධයෙන් කටයුතු කිරීම සෑම අතින්ම නිවැරදි ක්‍රියාවක්. එලෙසින් සිදු නොකර හෝ නොපිළිගෙන නිෙවසක් තනාගෙන යාමේදී ඇතිවෙන ගැටලුකාරී තත්ත්වයන් හමුවේ වාස්තු පරීක්ෂා කිරීම හෝ නිවෙස තනා පදිංචි වූවායින් පසුව වාස්තු බැලීම මඟින් මුල් අවස්ථාවේදී තරම් සරල, ඉක්මන්, අඩු වියදම් පිළියම් ලබාගත නොහැකි වෙන්න පුළුවන්.
මේ සඳහා පුංචි උදාහරණයක් ගෙනහැර දක්වන්නම්.
නිෙවසක්, සාදාගෙන යන අවස්ථාවේදී වාස්තු පරීක්ෂා කරන්නට යෙදුණ එකක්. නිෙවසේ හිමිකරු විදේශ රැකියාවක නියුතු අයෙකි. ඔහු හරි හම්බ කළ දෙයින් වැඩි හරියක්ම නිෙවස වෙනුවෙන් වියදම් කර තිබුණා. කෙටි නිවාඩුවකට ඔහු ලංකාවට පැමිණියේ නිෙවසේ දැන් තත්ත්වය සොයා බැලීමට සහ නව නිවෙසේ නැකත් කීපයකට සහභාගී වීමටයි. නිෙවසේ වැඩ කටයුතු සෑහෙන දුරකට නිමකර, උළුවහු තැබීම සඳහා නැකැතකුත් සාදාගෙනයි හිටියේ. නැකැත සුබ වුවත්, වැරදි තැනක ප්‍රධාන දොර තැබුවොත් සුබ නැහැ. මෙම නිෙවසේ උළුවස්ස තැබීමට යෝජිත ස්ථානය දෝෂ කීපයක එකතුවක් ලෙසයි පැවතුණේ. නිවෙසේ පඩිපෙළ වේ නම් දෝෂ සහ ප්‍රධාන දොර වෙත අවටින් සිදුවන පීඩා ගැන අවධානය යොමුකළ යුතුමයි. නිෙවසක ඇතුළත අංගයන් වැරදියට ස්ථානගත කර තිබීම බොහෝ වාස්තු පරීක්ෂාවන්හිදී නිතරම හමුවන දෝෂයක්. උදාහරණයට ගත් මෙම නිෙවසේත් ඉහත කී ආකාරයට වැරදි ස්ථානගත කිරීම් තිබූ අතර, සුදුසු පරිදි නිෙවසේ අංග දිශාවන් සහ ස්ථානය අනුව හුවමාරු කිරීමෙන් සරලව දෝෂ දුරු කර ගැනීමේ හැකියාවක් තිබුණි. නිෙවසක් සාදාගෙන යන අවස්ථාවේදී හෝ වාස්තු දෝෂයන් තිබේදැයි අවධානය යොමු කිරීම ඉතා සුදුසු දෙයක් බව මෙමඟින් ඔබට වැටහේවි.
නිවෙසක් සැලසුම් අවස්ථාවේදීම විවිධ හැඩතල දමා අලංකාර කිරීමට උත්සාහ කිරීමෙන් සිදුවන දිශාවන් හිස් වීම සුදුසු දෙයක් නොවේ. ඊසානය හිස් වීම අධ්‍යාපනය අඩපණ වීම සහ හිතට නිතර පීඩාකාරී තත්ත්වයන් උද්ගත වීම කෙරෙහිත්, ගිනිකොන දිශාවේ හිස් බව නිසා ව්‍යාපාර කටයුතු හෝ ලැබීම් අංශය අඩපණ වීම දක්නට ලැබෙන දෙයක්. නිරිත දිශාව යනු නිෙවසක ප්‍රධානීන් හට අයත් දිශාවක්. මේ අනුව එම දිශාවේ අඩුපාඩු පවතී නම් ගෘහ මූලිකයන්හට බලපෑම් ඇති කරයි. මේ ආකාරයට ඉතිරි දිශාවන් හිස් වීමෙන් විවිධාකාරයේ වාස්තු දෝෂයන් උද්ගත විය හැකියි. ඒ වාගේම, වාස්තු විද්‍යාත්මකව ඉදිකළ නිෙවසක වුවත් නිෙවසේ එක් එක් කොටසින් උපරිම ඵල ලැබෙන ආකාරයට පරිහරණය කළ යුතු ආකාරය දැන සිටීමත් වැදගත් දෙයක්. නිෙවසේ පදිංචි වෙන්න කලින් මේ දේවල් ගැනත් හරියටම දැන සිටීම ඉතා වැදගත්. මේ ගැනත් ඉදිරියේදී කතා කරමු.
අද ලිපියෙන් ඔබට විශේෂ කාරණා දෙකක් පවසනවා. පළමුව, නිෙවස වාස්තු විද්‍යාත්මකව සැලසුම් කිරීමේ වැදගත්කම. දෙවනුව, මෙලෙස පළමු අවස්ථාවේ දී වාස්තු බැලීමට නොහැකි වුවත්, සම්පූර්ණයෙන්ම නිෙවසේ වැඩ කටයුතු ඉදිකර අවසන් වීමට පෙර අතරමැද අවස්ථාවකදී හෝ වාස්තු පරීක්ෂාවක් සිදුකර ගැනීමෙන් පවතින දෝෂයක් හෝ හානිකර දෙයක් සරලව සහ අඩු වියදමකින් වළක්වාගත හැකි බව.
උපදෙස්:-
සිවිල් ඉංජිනේරු, වාස්තු විද්‍යා විශාරද
ආචාර්ය ගයාන් එරමුදුගොඩ