බාහිර පෙනුම කියන්නේ ඇත්තටම අපි ඕෙනම කෙනෙක් සෑහෙන්න හිතන දෙයක්නේ. ඒ කියන්නේ, පෙනුම නෙවෙයි ගතිගුණ තමයි වැදගත් වගේ කතන්දර ඇහුණට, ඇත්තටම පෙනුම ගැන උනන්දු වෙන කීයෙන් කී දෙනෙක් ඉන්නවද? අපි කෙනෙක්ව හරියට දැන අඳුනගන්නකොට පෙනුම කියන එක වැදගත් නොවී යන්න පුළුවන්. හැබැයි එහෙම වුණත්, ගොඩක් වෙලාවට මුලින්ම කෙනෙක්ව දකිනකොට වුණත්, කෙනෙක්ගේ හිතේ අපි ගැන ඇතිවෙන හැඟීමට පෙනුම කියන එක සෑහෙන්න දායකත්වයක් දක්වනවා. පෙනුම ගැන කියනකොට ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් වෙන්නේ ඇඟ වුවමනාවට වඩා මහත් වෙලා කියන එකනේ.
තෙල් පිරුණු ඇඟ අඩු කරගන්න ව්‍යායාම වගේම ආහාර රටාවත් වැදගත් කියලා කිව්වට කොහෙන්ද ඒවා ගැන හිතන්න වෙලාවක්. හැබැයි සුම්බා කියන්නේ පුංචි වෙලාවකින් ලොකු ව්‍යායාමයක් ශරීරයට ලබා ගත හැකි අපූරු සංගීත රිද්මයක්.
Zumba හි ප්‍රචාරණ පාඨය වන්නේ ” ව්‍යායාම අතහැර, උත්සවයට එකතුවෙන්න යන්නයි.” එය තවත් අර්ථවත් වෙන Zumba වල එන Samba (සම්බා) නර්තන ශෛලීය ගැනයි අද අපි කතා කරන්නේ.
මෙම නර්තන විලාසය බ්‍රසීලියන් ජන නර්තනයක් වන අතර එහි අප්‍රිකානු හා බ්‍රසීලියානු සම්ප්‍රදායික නර්තන මූලයන් දක්නට ලැබෙනවා.
සම්බා විලාශයන් Zumba වලට එක් වන්නේ ඇයි?
මෙය උද්යෝගීමත් ශක්තිමත් නර්තනයක් වීම ප්‍රධාන හේතුවයි. සුම්බා නර්තනයේ එන වේගවත් චලන, සම්බා නර්තනයට ශක්තිමත් කාඩියෝ වර්ධකයක් ලෙස කටයුතු කරමින් ශරීරයට මනා හැඩයක් ගෙන දෙනවා. මෙය ශරීරයේ අත් පා චලනය වැඩි දියුණු කිරීමට හේතු වේ. එමෙන්ම උකුල්, තට්ටම්, පාද හා උදර ප්‍රදේශයේ ප්රණාවර්තන ලෙස ක්රියාවේ යෙදවීම ද මෙයට හේතු වෙනවා.
සම්බා නර්තනය විනෝදාත්මක රසය වැඩි කර දෙන නර්තන ක්‍රමයක් ලෙසත් හඳුන්වනවා.
Samba නර්තනයේ ප්‍රධාන චලනය වන්නේ පාද චලනය සමඟ උකුල පැද්දවීමයි. එය Bouncy steps යනුවෙන් හඳුන්වයි. සම්බා නර්තනයේ යෙදෙන විට දණහිස නිතර සුළු නැම්මක් සහිතව තබාගන්න. එනම් කෙළින් සිටගැනීමකින් තොරව, අත් ස්වභාවිකව චලනයක් සහිතව, වැළමිට නැමී චලන ප්‍රමාණයක් පවත්වා ගත යුතුයි.
එහිදී ඉරියව් කෙළින් තබා ගැනීම වැදගත්. උඩුකයෙහි සෘජුබව ගැන ද සැලකිලිමත් වන්න. නර්තනයේ යෙදෙන ගමන් සංගීත රසය විඳිමින් විනෝද වෙන්න අමතක නොකරන්න.
පාද පමණක් නොව, මුළු ශරීරයම එකසේ චලනයේ යොදවමින් මෙම ශෛලිය වැඩි දියුණු කර ගත හැකිය.
උපදෙස් –
සුම්බා, ලතින් අමෙරිකානු
සහ බෝල්රූම් ආචාර්ය
නලින්ද ප්‍රසාද් සුබසිංහ