වර්ෂ 2024 ක්වූ December 09 වැනිදා Monday
ජ්‍යොතිෂ ගැටලු
අපගේ පාඨකයන් නිරතුරුවම ඉල්ලා සිටියේ ඔවුන්ගේ දහසක් බාධක හා ගැටලු සඳහා ෙජ්‍යාතිෂයෙන් සහනයක් ලබාදෙන ලෙසයි. එම අපේක්ෂාව හා ඉල්ලීම එලෙසින්ම ඉටු කරමින් අප ඔබට සුවිශේෂී ෙජ්යාතිෂ ගැටලු විසඳීමේ පාඨක තීරයක් මෙලෙසින් ආරම්භ කරමු.
ඔබගේ පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීම සඳහා අන්වර්ථ නමක් හෝ ලිපිනයක් යොදා ගැනීමට ද ඔබට හැකියාව තිබේ. අපගේ ලිපිනය, ජ්‍යොතිෂ ගැටලු
තරුණී ලේක්හවුස්.
කොළඹ - 10
එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.
නිවෙසේ වාස්තු දෝෂ
මගේ ව්‍යාපාරික ස්ථානය විශාල මුදලක් වැය කර ඉදිකරන ලදි. නමුත් එය බදු දී මාස කිහිපයකින් වැසී ගියේය. දසදෙනෙකුට වඩා නිෙවස ලබා දුන්නද සාර්ථක නොවීය. ගොඩනැඟිල්ලේ වාස්තු දෝෂ ඇති නම් පවසන්න.
වේයන්ගොඩ - වත්සලා
ඔබගේ ගොඩනැඟිල්ලේ දෝෂ පරීක්ෂා කළෙමි. ඔබ සඳහන් කර තිබෙන පරිදි වැසිකිළි වළ ප්‍රධාන දොරටුවේ හරි මැදටම යොමුවී ඇත. එමෙන්ම ප්‍රධාන ගේට්ටුව ද එලෙසම පිහිටා ඇත. මෙය ඉතාම නරක දෝෂයක් බව සාමාන්‍ය අයෙක් පවා දන්නා වාස්තු දෝෂයකි. මෙය ඉදිකරන ලද කම්කරුවාගේ සිට ගෘහ නිර්මාණ ශිල්පියා ද මෙය දන්නවා යැයි සිතමි. ඔවුන් සියලු දෙනාම ඔබ සමඟ තරහක් නිසා කළ බව මා සිතමි. අනෙක් කරුණ නම් මෙම ප්‍රධාන දිශාව ඊසාන දිශාවවීමයි. කිසිම විෙටකවත් එම දිසාවට වැසිකිළි වළක් තියා කිසිම වළක් නොකපයි. ගොඩනැඟිල්ල පිටුපස උපරිම ඉඩ තිබෙන නිසා එම වැසිකිළි වළ පිටුපසින් ඉදිකර ඉදිරියේ ඇති වළේ සියලු බට ඉවත් කර අපද්‍රව්‍ය ඇද දමා. පිරිසුදු වැලි හෝ පස් දමා ගොඩ කරන්න. මෙය සාර්ථක වනු නියතයි.
දියණියගේ හැසිරීම නිසා ගැටලු
මාගේ දියණිය අනාචාරයේ හැසිරීම නිසා පවුලම අපහසුතාවට පත්ව සිටියි. මෙය නැවතීමට ක්‍රමයක් තිබේද?
වාද්දුවේ - රූපවතී
පළමුව සඳහන් කළ යුත්තේ ගසක් කුඩා කාලයේ අතු ඇද බැඳ හුරු කළ යුතු අතර වැඩුණු පසු එසේ කළ විට අතු සිඳී බිඳී යයි. ඇයගේ හඳහනට අනුව ඉතා කටකාර, නහයට නාහන, සිතූ දේ කරන, හිතුවක්කාර චරිතයකි. මුදලක් වෙනුවෙන් ඕනෑම කාර්යයක් කරයි. ඇයගේ ජීවිතය යාන වාහන මුදල් පමණකි. කිසිම දිනෙක ඇය මේ කාලයේ මේ චර්යාවෙන් මුදා ගත නොහැකි බව අවධාරණයෙන් සඳහන් කරමි. මැදි වයස ගෙවී ගිය පසු චර්යාව වෙනස් කර ගනී. එවිට ජීවිත කාලය ගෙවී අවසන්ය.
පුද පූජා කිරීමට සුදුසු ස්ථානයක්
මාගේ නිවාස සැලසුම හා ඉඩමේ පිහිටීම අනුව මා හට පුද පූජා කිරීමට සුදුසු ස්ථානය කොතැන දැයි පවසන්න. එය ඉදි කළ යුතු ආකාරයද සඳහන් කරන්න.
කඹුරුගම - දිල්හානි
ඔබගේ සැලසුමට අනුව ඊසාන දිසාව මේ සඳහා යොදා ගත හැකි ලෙස මෙය තිබීම ඉතාම වටී. නමුත් එම දිසාවට යොමුව තියෙන නිෙවසේ එක් කෝණයක් මෙම බුදු කුටිය සාදන සීමාවට හසු නොවිය යුතුයි. එම කෝණයේ නූලක් ඇද එම නූල නොකැපෙන ලෙස අඟල් 8ක් පන්නා බුදු කුටිය තැනීම සුදුසු වෙයි. ඔබ ගෘහ මූලිකයා නම් ගෘහ මූලිකයාගේ හඳහනේ උපන් නැකැතට ගැළපෙන පුරපසට යෙදෙන සුබ නැකැතකින් වැඩ අරඹා අවසන් කර සුබ නැකතකින්ම බුදුරුවත් තබන්න.
පාදයේ සුව නොවන රෝගයක්
මාගේ පාදයේ තුවාලයක් හටගෙන බිබිළි දමා එය කකුල් දෙක පුරා පැතිරී තිබේ. මෙයට ප්‍රතිකර්ම තිබේද?
කඩුවෙල - මධුෂානී
ඔබගේ හඳහනට අනුව දැනට වසර 2ක කාලයක සිට කේතුගේ මහ දසාව ලබා ගෙවෙමින් සිටින නිසා දියර ගලන රෝග ඇතිවීම, නොවැළැක්විය හැකි රෝග ඇතිවීම ඔබගේ හඳහනට අනුව පෙන්නුම් කරයි.
මේ රෝග අපල උපද්‍රව සියල්ලෙන් මිදීම සඳහා සෙනසුරාදා දිනෙක බෝධි පූජා පටන්ගෙන අඛණ්ඩව දින 7ක් බෝධි පූජා පවත්වා, ශිව පාර්වතියට භාර වෙන්න. හැකි නම් නවගමුව දේවාලයට ගොස් භාර වෙන්න.
උපදෙස්
ෙජ්‍යාතිෂවේදී ගුප්ත
විද්‍යා විශාරද
වෛද්‍ය ආචාර්ය
චන්දන සතරසිංහ