Friday, August 15, 2025
Epaper
Home වෛද්‍යසැහැල්ලු සිරුරකට Reggaeton

සැහැල්ලු සිරුරකට Reggaeton

by Test

ලස්සන ලාලිත්‍යයෙන් පිරුණු සිරුරකට කවුද අකමැති. ඉතින් සුම්බා කියන්නේ ඒ සඳහා ඉතාමත්ම සුදුසු විනෝදයෙන් පිරුණු ව්‍යායාම ක්‍රමයකට.

රිද්මයානුකූල සංගීතයක් හා නර්තන ආකාරයට කණ්ඩායමක් සමඟින් ව්‍යායාම්වල යෙදීම තමා මෙහිදී සිදු කරන්නේ. ඉතින් සති කිහිපයක් පුරාවට සුම්බා නර්තනයේ විවිධ ප්‍රභේදවලට අයත් ව්‍යායාම මාලාවක් ඔබ වෙත ගෙන ආවා.

අද කියන්න යන්නේ සුම්බා නර්තනයේ තවත් එක් ප්‍රභේදයක් ගැන. එය හඳුන්වන්නේ “Reggaeton” යනුවෙන්. ස්පාඤ්ඤ භාෂාවේදී එය රෙගේකෝන් නොහොත් රෙගේටෝන් යනුවෙන් ද හඳුන්වයි.

රෙගේටෝන් සංගීතය වැඩි වශයෙන් සැකසී ඇත්තේ ස්පාඤ්ඤ භාෂාව මූලික කරගනිමින්. මෙය 1990 දී ආරම්භ වූ ජවසම්පන්න විචිත්‍රවත් සංගීතමය නර්තන ප්‍රභේදයක් ලෙසත් සැලකෙනවා. මෙම සංගීතයට ආවේණික වූ “ඩෙම්බෝ” රිද්මය, මේ ප්‍රභේදය හඳුනාගැනීමට පහසු කරයි. සුම්බා නර්තනය සේම රෙගේටෝන් නර්තනයෙන්ද බොහෝ ප්‍රතිලාභ අත්පත් කරගත හැකිය. මේ නර්තනයේ නිරත වන්නන්ගේ සෞඛ්‍ය වර්ධනය කරයි. එහිදී හෘද මාංසපේශී ශක්තිමත් කරමින් හෘදයාබාධ සහ අධි රුධිර පීඩනය වැනි රෝග අවදානම අඩු කරයි. බර අඩු වීම සහ මේද දහනය සුම්බා හරහා ලැබෙන තවත් ප්‍රතිලාභයකි. පැයක් තුළ කැලරි 300- 600ක් දක්වා දහනය විය හැකි අතර මේදය අඩු කිරීමේදී ප්‍රයෝජනවත් වේ. එමෙන්ම ශක්තිමත් බව වැඩිකර ආතතිය අඩුකරයි. සංගීතය සහ නර්තනයේ විනෝදය හරහා මානසික ආතතිය අඩුවීමෙන් ශරීරයේ නීරෝගිබව වැඩි කරයි.

Reggaetone නර්තනයේ ක්‍රම ද්විත්වයකි.

 

01) Stomp

ස්ටොම්ප් යනු පාද වෙර යොදා තදින් බිමට පියවර තබා රිද්මයට ශරීරය චලනය කිරීමයි. දෙපා උරහිසේ ප්‍රමාණයට දෙපැත්තට තබා එක් පාදයක් ශක්තිමත්ව වෙර යොදමින් පියවර තැබීම මෙහිදී සිදු කරයි. එහිදී දෙඅත් සහ ඉහළ උදර ප්‍රදේශයෙන් ශක්තිමත් ලෙස බලය යොදා පියවර මාරු කරමින් රිද්මයානුකූලව නර්තනයේ යෙදීම සිදු කරයි.

 

02) Knee Lift, Destroza

මෙහිදී වේගවත් ලෙස කකුල එසවීම බලය යොදා පාදයෙන් පාදයට ශරීර බර මාරු කිරීම සිදු වේ. කකුල එසවීමේදී එය උදරය දෙසට එසවිය යුතුය. මෙය උදරයේ ඉහළ කොටසට බලය යොදා කිරීම යෝග්‍ය වේ. Destroza ස්පාඤ්ඤ භාෂාවෙන් විනාශ කිරීම, කැඩීම යනුවෙන් අදහස් වේ. උදරය ඉදිරියට නෙරා අඩු කිරීමට සුදුසු ව්‍යායාමයකි. දී ඇති රූප සටහන් අනුව මෙම නර්තනය පිළිබඳව ඔබට පහසුවෙන් අවබෝධ කරගත හැකි වේ.

Reggaetone යනු ඔබේ සෞඛ්‍ය හා ආතතිය පාලනය කරමින්, විනෝදයෙන් පිරි සුවපහසු දිවියක් ගත කිරීමට උපකාරි විය හැකි අලංකාර ව්‍යායාම නර්තන ක්‍රමයකි. එම නිසා ඔබගේ දෛනික ජීවිතයේ කාලසටහනට Reggaetone වෙනුවෙන් කෙටි වේලාවක් වෙන් කරගන්නේ නම් යහපත් දිවියකට මඟපාදනු ඇත.

උපදෙස් –

සුම්බා, ලතින් අමෙරිකානු

සහ බෝල්රූම් ආචාර්ය

නලින්ද ප්‍රසාද් සුබසිංහ

MODEL- තක්ෂිලා

PIX BY- දුශ්මන්ත මායාදුන්න

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?