Saturday, August 16, 2025
Epaper
Home Recipeජපන් ආහාර හා සබැඳි S05 සංකල්පය

ජපන් ආහාර හා සබැඳි S05 සංකල්පය

by Test

ජපන් ඵලදායි සංකල්පය, අප කවුරුත් දන්නා S5 සංකල්පය මෙන්ම ජපන් සූපවේදයේ ජපන් ආහාර හා සැබැඳි S05 සංකල්පය

1. සීනි (සැටෝ)

2. ලුණු (ෂියෝ)

3. විනාකිරි (සු)

4. සෝයා සෝස් (ෂෝයු)

5. මිසෝ (සෝස්)

ජපන් ආහාරවල ඇති මූලික සංකල්ප 05 එනම් මූලික රසයන් 05 උද්දීපනය වන පරිදි ඒවාට කුළුබඩු වර්ග මනාව ගැළපීමට ද ඔවුන් උනන්දු වෙති.

කුළුබඩු එක්කරන පිළිවෙළ

සීනි සහ ලුණු යන දෙකම භාවිත කරන විට ආහාරවල තන්තු හරහා විනිවිදව ගමන් කිරීමට උපකාරී වීම සඳහා ඊට ඉඩ දීම වැදගත්ය. ඒ සඳහා පළමුව සීනි එකතු කරන්න. පසුව ලුණු එකතු කළ යුතුය.

දෙවනුව විනාකිරි, සෝයා සෝස් සහ මිසෝ යන අමුද්‍රව්‍ය ඒවායේ සුවඳ රඳවා ගැනීම සඳහා එකතු කළ යුතුය.

 

1. රස සමතුලිතතාව

ජපන් ආහාර පිසීමේදී රසවල සමතුලිතතාවක් අවධාරණය කෙරේ. ලුණු, පැණිරස, ඇඹුල්, කටුක සහ උමාමි රස ආදී වශයෙන්.

 

2. නැවුම් අමුද්‍රව්‍ය

ආහාරයන්ගේ අව්‍යාජ රසයන් සඳහා උසස් තත්ත්වයේ, නැවුම් අමුද්‍රව්‍ය භාවිත කරන්න.

 

3. ආහාර කැපීමේ සහ ආහාර අමුද්‍රව්‍ය කොටස් කිරීමේ කුසලතා එනම් පිහි භාවිතය පිළිබඳ හැකියාවන්

රසය සහ ඉදිරිපත් කිරීම යන දෙකටම වැදගත් වන නිරවද්‍ය කැපීම් ක්‍රම සඳහා ඔබේ පිහි මුවහත් කර පිහි භාවිතය පිළිබඳ කුසලතා, ප්‍රගුණ කිරීම.

 

4. ඉවුම් පිහුම් ක්‍රම

ඉදිරිපත් කිරීම (yaku), ගිල්වීම (niru), තැම්බීම (musu) සහ බැදීම (ageru) යන මූලික ජපන් ඉවුම් පිහුම් ක්‍රම පිළිබඳ ඔබගේ හැකියාවන් ප්‍රගුණ කිරීම.

 

5. ආහාරයන් ඉදිරිපත් කිරීමේ කලාව

අලංකාරව ආහාර පිඟන් මත ඉදිරිපත් කිරීමේ කලාව ජපන් ආහාරවල ප්‍රධාන අංගයක් වන බැවින්, ඔබේ කෑමවල දෘශ්‍ය ආකර්ෂණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න.

 

6. අනුවර්තනයන් හා ආදේශක අමුද්‍රව්‍ය එක්කර ගැනීමේ කුසලතා

ඔබේ මනාපයන්ට සහ ඔබ සතුව ඇති අමුද්‍රව්‍ය එක්කර ඒවා ගැළපෙන පරිදි සංකලනය කර එම දෑ ආහාර වට්ටෝරු අනුව අත්හදා බැලීමට සහ අනුවර්තනය කිරීමට බිය නොවන්න.

 

උපදෙස් –
සූපවේදී සුමින්ද ලියනගේ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?