City of Dreams Sri Lanka විවෘත වෙයි.
ශ්‍රී ලංකාව තුළ මෙතෙක් ඉදි වූ විශාලතම ආයෝජන ව්‍යාපෘතිය මෙන්ම දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka පසුගියදා විවෘත කරනු ලැබීය.
City of Dreams Sri Lanka යනු ජෝන් කීල්ස් හෝල්ඩන්ස් සහ මෙල්කෝ රිසෝර්ට් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට්හි ශක්තිමත් අති සාර්ථක ව්‍යාපෘතියකි.
මෙය අපේ රටේ මෙතෙක් සිදු කරන ලද විශාලතම පෞද්ගලික ආයෝජනයයි. මෙම ව්‍යාපෘතිය මෙරට ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට මෙන්ම ලෝකය තුළ ශ්‍රී ලාංකේය නාමය තවදුරටත් විශිෂ්ටත්වයට පත්කිරීමට හේතුවක් වනු ඇති බව ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර පැවසීය.
මෙල්කෝ රිසෝට් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි ලෝරන්ස් හෝ පැවසුවේ අධි සුඛෝපභෝගී Nuwa හෝටල් සංකීර්ණය මෙන්ම විනෝදාස්වාදය පවත්වාගෙන යෑමට මේ අප කලාපයේ ජාත්‍යන්තර මට්ටමේ සංචාරක ව්‍යාපාරය සඳහා නව මිනුම් සලකුණු සකසන්නට City of Dreams වෙත හැකිවන බවයි.
කාමර 687 කින් සමන්විත Cinamon Life අතිසුඛෝපභෝගී කාමර 113කින් සමන්විත Nuwa හෝටල් සමඟින් ජාත්‍යන්තර තත්ත්ව හා පාලන ක්‍රමය කලාපයක් තුළින් දෙස් – විදෙස් සංචාරකයන් වෙත අසමසම සේවාවක් ලබාදීමට කටයුතු කරනු ඇත.
ප්ලාස්ටික් සහ රබර් සඳහා වන PRISL සම්මාන උළෙල සහ COMPLAST-RUBEXPO-COMXPO 2025 ප්‍රදර්ශනය
ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය (PRISL) විසින් ගෝලීය කර්මාන්ත සහ කාර්මික නවෝත්පාදනය සවිබල ගැන්වීම වෙනුවෙන් සුවිශේෂී අවස්ථා ද්විත්වයක් සැලසුම් කරයි.
ඒ අනුව PRISL සම්මාන උළෙල සහ COMPLAST-RUBEXPO-COMXPO 2025 ප්‍රදර්ශනය පැවැත්වීම සඳහා සියලුම කටයුතු මේ වන විට සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් සහ රබර් කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉහළම පිළිගැනීමක් සහිත උත්සව අවස්ථාවක් වන 2025 PRISL සම්මාන උළෙල 2025 නොවැම්බර් 25 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
මෙහිදී විවිධ කාණ්ඩ යටතේ සම්මාන රැසක් ප්‍රදානය කෙරෙන අතර ඒ අනුව ‘පොලිමර් තාක්ෂණ අධ්‍යයන අංශයේ විශිෂ්ටත්වය’, ‘වසරේ විශිෂ්ටතම නව නිපැයුම'(රන්, රිදී, ලෝකඩ සම්මාන ), ‘තිරසාරභාවය පිළිබඳ සම්මානය – පාරිසරික වගකීම (රන්, රිදී, ලෝකඩ සම්මාන), ‘මහා පරිමාණ ව්‍යාපාර අංශයේ වඩාත්ම කැපී පෙනෙන ව්‍යවසායකත්වය’ (රන්, රිදී, ලෝකඩ) ,කුඩා හ මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයේ වඩාත්ම කැපී පෙනෙන ව්‍යවසායකත්වය’ ආදී සම්මාන රැසක් මේ යටතේ පිරිනමයි. එමෙන්ම ප්ලාස්ටික්, රබර් සහ ප්‍රතිචක්‍රිකරණය පිළිබඳ සම්මාන (සම්මාන 9), ප්ලාස්ටික් සහ රබර් අංශයේ වසරේ හොඳම සේවා සපයන්නා , වසරේ ශ්‍රී ලාංකේය සන්නාමය (කුඩා හා මධ්‍ය පරිමාණ අංශය); වසරේ වෘත්තිකයා (ක්‍රියාකරුගේ සිට ප්‍රධාන විධායක නිලධාරියා දක්වා සියලුම මට්ටම් නියෝජනය කරමින්); වසරේ ව්‍යවසායකයා; සහ වසරේ කැපී පෙනෙන අපනයනකරු (රන්, රිදී, ලෝකඩ) ආදී සම්මාන ද මෙහිදී ප්‍රදානය කෙරේ.
ප්ලාස්ටික් සහ රබර් සඳහා වන ශ්‍රී ලංකාවේ විශාලතම කාර්මික වෙෙළඳ ප්‍රදර්ශනය වන COMPLAST-RUBEXPO-COMXPO 2025 ප්‍රදර්ශනය 8 වැනි වරටත් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මේ මස 29 සිට 31 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඒකාබද්ධ රග්බි තරගාවලියක්
ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඒකාබද්ධ රග්බි කණ්ඩායම් එකට තරග වදින ක්‍රීඩා තරගාවලියක් මේ මස 30 වැනිදා CR&FC Grounds හි දී පැවැත්වේ.
හිටපු රග්බි ක්‍රීඩක සහ ජාතික රග්බි ක්‍රීඩක මෙන්ම රග්බි ක්‍රීඩා ක්ෂේත්‍රයේ ක්‍රියාකාරිකයකු වන AGOAL International අධිපති ඩිල්රොයි ප්‍රනාන්දු විසින් මෙම තරගාවලිය අටවැනි වරටත් සංවිධානය කර ඇත. එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් හත් දෙනෙකු බැගින් ඇතුළත් වන C-Rugby Tag Rugby තරගාවලියට කණ්ඩායම් දහසයක් ඇතුළත් වෙති.
ලීග් තරග 24ක් සහ අවසන් වටයේ තරග 15 කින් සමන්විත මෙම තරගාවලියේ මුළු තරග සංඛ්‍යාව 39කි. පස්වරු 4ට ඇරඹෙන තරඟාවලිය තණතිලි දෙකකදී මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වෙයි. The Bowl Finals තරගතරග රාත්‍රී අටයි තිහට ඇරඹීමට කටයුතු යොදා ඇති අතර Plate Finals සහ Cup Finals තරඟ ඉන් අනතුරුව පවත්වනු ලැබේ. එක් එක් කණ්ඩායමට අවුරුදු 25ට වැඩි ක්‍රීඩකයන් දෙදෙනෙකු, අවුරුදු 35ට වැඩි ක්‍රීඩකයන් තිදෙනකු බැගින් සහ පිරිමි ළමයින්ගේ කණ්ඩායමේ සොයුරු පාසලින් ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට සහභාගි වීමට ඉඩ ලැබේ.
Diva පවුලේ වාසනාව
‘Diva පවුලේ වාසනාව’ නවතම පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන දියත් කරයි. සිය විශ්වසනීය පාරිභෝගික ජනතාවගේ පවුලේ සියලුම සාමාජිකයන් වෙනුවෙන් වටිනා ප්‍රතිලාභ රැසක් පිරිනැමීම මෙහි මූලික අරමුණයි.
ශ්‍රී ලාංකේය පවුල් අගයමින් එහි සෑම සාමාජිකයකුටම ගැළපෙන ත්‍යාග පිරිනැමීමට Diva පවුලේ වාසනාව ඔස්සේ හැකි වනු ඇත.
මෙහි සුපිරි ත්‍යාගය වශයෙන් TOYOTA Wigo මෝටර් රථයක් පිරිනැමීමට සැලසුම් කර ඇති අතර, ඊට අමතරව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා උපකාරී වන laptop පරිගණක, පවුලේ සියලු දෙනාගේ විනෝදාස්වාදය වෙනුවෙන් රූපවාහිනී මෙන්ම Day out පැකේජ ද, නිවෙසේ වැඩ කටයුතු පහසු කිරීම සඳහා ස්මාර්ට් ජංගම දුරකතන, රෙදි සෝදන යන්ත්‍ර සහ විදුලි ස්ත්‍රික්ක ඇතුළු තවත් ත්‍යාග රැසක් පිළිගැන්වීමට නියමිතය. Diva Fresh කිලෝ ග්‍රෑම් එකක හිස් දවටනයක් හෝ Diva fresh සැෂේ හිස් දවටන පහක් පාරිභෝගික ඔබගේ නම, දුරකතන අංකය, ජාතික හැඳුනුම්පත් අංකය සහ මිලදී ගත් වෙළෙඳසලේ නම, තැපැල් පෙට්ටිය 1289, කොළඹ යන ලිපිනය වෙත යොමු කළ යුතු අතර ඔබ සැමට ජයග්‍රාහකයකු වීමේ අවස්ථාව හිමිකර දෙමින් දිනපතා, සතිපතා සහ මාසික දිනුම් අැදීම් හරහා ජයග්‍රාහකයින් රැසක් තෝරා ගනු ලැබේ.
Uber Springboard 2025 න් නවෝත්පාදකයන් දිරිගැන්වේ.
Ride-hailing සහ බෙදා හැරීමේ ඩිජිටල් සේවාවක් වන Uber සමාගම දෙවැනි වරටත් සංවිධානය කරනු ලැබූ Uber Springboard 2025 වැඩසටහන පසුගියදා සාර්ථකව නිම විය.
ශ්‍රී ලාංකේය තරුණ ව්‍යවසායකයන්ට සිය ව්‍යාපාර සාර්ථකව සිදුකරගැනීමට අවශ්‍ය උපදේශනය, මඟ පෙන්වීම සහ ජාත්‍යන්තර පුහුණුවට අවස්ථා ලබාදීමේ අරමුණින් Uber සමාගම ශ්‍රී ලංකා රජයේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සමඟ එක්ව මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.
Uber Springboard 2025 මඟින් තෝරා ගත් ව්‍යාපාර යටතට AnyBanq.lk ( ඩිජිටල් බැංකු සේවා වෙළෙඳපොළක්), PayMedia (බැංකු මූල්‍ය විදුලි සංදේශ හා නවෝත්පාදන අංශවල ගෙවීම විසඳුම් සපයන Fintech සමාගමක්), Helios P2P ( ණය ගන්නන් හා දෙන්නන් සම්බන්ධ කරන peer-to-peer ණය වේදිකාවක්), Articom (ව්‍යාපාරවලට බුද්ධිමත් පාරිභෝගික සහායකයින් නිර්මාණය කිරීමට උපකාර වන AI වේදිකාවක්, Ceylon Speechie (ඔටිසම් රෝග තත්ත්වයෙන් පසු වන දරුවන් සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඔස්සේ කථන චිකිත්සක ප්‍රතිකාර සේවාවන් වෙත යොමුවීමේ පහසුකම සපයනු ලබන අවකාශයකි) අයත් වේ.
අලියාන්ස් ඉන්ෂූවරන්ස් ලංකා ලිමිටඩ් වෙතින් මත්ද්‍රව්‍ය නිවාරණ දැනුම්වත් වීම්
අලියාන්ස් ඉන්ෂූවරන්ස් ලංකා ලිමිටඩ් විසින් ගණේමුල්ල ගලහිටියාව හේමමාලි මහා විද්‍යාලයේදී මත්ද්‍රව්‍ය නිවාරණ දැනුම්වත් කිරීමේ වැඩසටහනේ දෙවැනි සැසිය සාර්ථකව පැවැත්විය.
මෙම වැඩසටහන හරහා සිසුන් 350කට අධික පිරිසකට මත්ද්‍රව්‍යවලින් ආරක්ෂා වීම සහ සෞඛ්‍යසම්පන්න තීරණ ගැනීම පිළිබඳ වැදගත් දැනුමක් ලබාදුනි.
‘මතින් තොර දේශයක් ගොඩනඟමු’ නම් ව්‍යාපෘතියේ සභාපති ආචාර්ය රසික බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් පැවති මෙම සැසියට අලියාන්ස් ඉන්ෂූවරන්ස් ලංකා ලිමිටඩ් හි ජා-ඇල ශාඛාවේ කාර්ය මණ්ඩලයේ සහාය ලැබූහ.