Friday, October 3, 2025
Epaper
Home කතිර මැහුම්කොට්ට උරයට මසාගත හැකි සමනල්ලු රැනක්

කොට්ට උරයට මසාගත හැකි සමනල්ලු රැනක්

සුවහසක් තරුණී පාඨකයන්ගේ ඉල්ලීම් ඉටු කරන කතිර මැහුම් ඉස්කෝලේ

by Thanushika

විසිතුරු මැහුම් ක්‍රම අතරින් බෙහෙවින් ජනප්‍රිය, සුන්දර, පහසු මැහුම් ක්‍රමයක්වන කතිර රටාවේ තවත් අනගි තිළිණයකි මේ.

ලෝකයේ විවිධ රටවල කාන්තාවන් ඈත අතීතයේ සිටම, තමන්ගේ නිවෙසේ ඇඳන් ආවරණ, කොට්ට උර, මේස රෙදි, කුෂන් කවර වැනි දේවල් අලංකාර කිරීමට කතිර මැස්ම යොදාගෙන තිබේ. ඇඳුම් පැළඳුම් වන සාය, ගවුම්, හැට්ටය, තොප්පි ආදියත් මෙවැනි කතිර මැහුම් යොදා ලස්සන කරගෙන ඇත.

ඈත කාලයේ ඡ්‍යාමිතික හැඩතල අනුව මල්, කුරුල්ලන්, සමනළුන්, ගස්, ගෙවල් ආදිය මෝස්තර සකස් කරගෙන තිබුණු අතර රතු, නිල්්, කහ, කොළ වැනි තද වර්ණවලින් කතිර මෝස්තර ලෙස නිම කරගෙන තිබුණු බව අසන්නට ලැබේ. පෙර කී දෑවලට අමතරව තෑගි දීම සඳහා පුංචි ඉදිකටු කොට්ට, ආභරණ කබන පෙට්ටි, බෑග්, සුබ පැතුම් පත් සඳහා මේ සමනල කතිර මෝස්තර යොදා ගත හැකිය. කතිර ගෙත්තමේ රෙදි තෝරා ගැනීමේදී රෙද්දේ වියමන, දිග නූල් සහ හරස් නූල් එකම ප්‍රමාණ නූලක් වීම වැදගත්ය. එය මෝස්තරය ක්‍රමානුකූලව මසා ගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

අඟලට කොටු 10,11ක් හෝ 14ක් ඇති සුදු පැහැති අයිඩා රෙදි

නොම්මර 24 සිට නොම්මර 26 දක්වා ට්‍රැපැස්ටි ඉදිකටු

අවශ්‍ය වර්ණවල කපු කැරලි නූල්

රාමුව

ඉදිකටු

කතුර

මෙම නිර්මාණය අඟල් 4.1 x 7.2 ප්‍රමාණයේ නිර්මාණයකි. එහෙත් ඔබට කැමැති ප්‍රමාණයට සකසාගත හැකියි. ඔබ අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්ද භාවිත කරන්නේ නම් හෝ අඟලට කොටු දහයක් හෝ 11ක් ඇති රෙදි භාවිත කරන්නේ නම් නිර්මාණයේ ප්‍රමාණය තව විශාල වේ. ඒ නිසා රෙද්දේ ඇති අඟලට කොටු ප්‍රමාණය අනුව නිර්මාණයේ ප්‍රමාණය වෙනස් වේ. කෙසේ වෙතත් නිර්මාණය රාමුකර ගැනීමට අවශ්‍ය ලෙස ඉඩ තබා රෙදි කොටස කපාගත යුතුයි. ඒ සඳහා වටේට අඟල් 2ක් හෝ 3ක් ඉඩ තබා රෙදි කොටස කපාගන්න. නැත්නම් නිර්මාණය මැසුවාට පසු රෙදි කොටස කපා ගන්න. කොටු 10න් 10ට නූල් ඇදගැනීමෙන් මැසීම පහසු වේ. කොටු ගණන් කර මසන්න. නැත්නම් නිර්මාණය හරි මැද සිට මැසීම අරඹන්න. රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ. අඟලට කොටු 14ක් නම් නූල් පොටවල් 2ක් සෑහේ. අඟලට කොටු 11ක් නම් නූල් පොටවල් 4ක් හෝ 6ම භාවිත කරන්න.

අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?