අලුතෙන් නිෙවසක් ඉදිකිරීමේදී බැලිය යුතු පරාසය පිළිබඳව ඔබගේ දැනුම්වත් බව ඉතා වැදගත් වේ. අද ලිපියෙන් එම සියලු කාරණා එක්තැන් කර සංක්ෂිප්ත සටහනක් ඔබට ලබා දෙන්නෙමු.
දෝෂ නොවී ලස්සන නිෙවසක් සාදා ගැනීම යනු අප හැමදෙනාගේම ප්‍රධාන බලාපොරොත්තුවක්. නමුත්, බොහෝ දෙනා වාස්තු විද්‍යාව අංශයෙන් දන්නේ සාම්ප්‍රදායිකව සිදු කරන කටයුතු කීපයක් ගැන පමණයි. කරුණු එකක් දෙකක් පමණක් ගැන දැනීමෙන් හා කටයුතු කිරීමෙන් වාස්තු විද්‍යාව අතින් නිවැරැදි ගෘහයක් කිසිසේත්ම බිහිවෙන්නේ නැහැ. වඩාත් විධිමත්ව විශාල පරාසයක පවතින කරුණු ඔස්සේ දෝෂ නිවාරණයෙන්, තාක්ෂණිකව ඉතා නිවැරදි සහ ශාස්ත්‍රානුකූලව සිදු කළ නිවහනක, සුවපහසුව – අසිරිය විඳින්නට ඔබටත් හැකි වේවි.
නිෙවසක් ඉදිකිරීමේදී ගැටලු ඇති වෙන තැන් ප්‍රධානවම අංශ පහක් ඔස්සේ පවතී.
01) නිෙවස නිර්මාණයේදී සිදු වූ දෝෂ
02) නිෙවස ආරම්භයේදී සහ ඉදිකිරීම් කාලය තුළදී සිදුවූ දෝෂ
03) පරිසරයේ සහ නිවසින් බාහිරව සිදුකරගත් දෝෂ
04) නිවැසියන්ගේ චර්යා දෝෂ
05) වෙනත් කෙනෙකු විසින් සිදු කළ දෝෂ (අනියම් දෝෂ)
නිෙවසකට ප්‍රධානවම බලපාන මෙම දෝෂ කාණ්ඩ පහේ විස්තර කෙබඳු දැයි සැකෙවින් සලකා බලමු.
01) නිෙවස නිර්මාණය කිරීමේදී සිදුවූ දෝෂ (සැලසුම් දෝෂ)
වාස්තු විද්‍යා අංශයෙන් සලකන විට නිෙවස නම් වූ සංවෘත පද්ධතිය තුළ සැලසුම් අවස්ථාවේදී සිදුවූ දෝෂයන් මේ යටතට ගැනේ. දිශාවන් අනුව නිෙවසේ අංග නොගැළපීම, වර්ගඵලය වැරදීම, ද්වාර සටහන් දෝෂ, මධ්‍ය සහ මර්ම රේඛාවන්හි වැරදි පිහිටීම සහ වැරදි ඡේදනය වීම්, ප්‍රායෝගික බව නොසලකා නිර්මාණය කිරීමෙන් වන අපහසුතා සහ දෝෂ ආදිය මේ යටතට ඇතුළත් වේ.
02) ආරම්භයේදී සහ ඉදිකිරීම් කාලය අතරතුර සිදුවූ දෝෂ
නිෙවසක වැඩ කටයුතු ආරම්භයේදී සිදු කළ යුතු චාරිත්‍ර වාරිත්‍ර විධි තිබේ. එම කටයුතු නිසි පරිදි ඉටු නොකිරීමත්, ගෘහය සාදාගෙන යන අවස්ථාවේදී තාක්ෂණික සහ ශ්‍රමදායක යන අංශවලින් සිදුවන වැරදීම් ආදියත් මේ යටතට ගැනේ.
a ) නිෙවසේ වැඩ කටයුතු ඇරඹීමට කලින් සිදු කළ යුතු ඉඩම සුද්ද පවිත්‍ර කිරීම් සිදු නොකිරීම, නැකත් චාරිත්‍ර ඉටු නොකර වැඩ ඇරඹීමේදී සිදුවන දෝෂ තත්ත්වය හෝ නැකත් වැරදීම, නුසුදුසු තැන්වල මුල්ගල් තැබීම ආදිය
b ) ගෘහිණිය ගැබිනියකව සිටින කාලයකදී හෝ නුසුදුසු කිළි ආදියට නිවැසියන් ලක්වන අවස්ථාවකදී ඉදිකිරීම් කටයුතු සිදු නොකළ යුතු බව වාස්තු විද්‍යාවේ සඳහන් වේ.
c ) නිෙවස ආරම්භක දිනයේදී දකින දෝෂමය පෙරමඟ සලකුණු මත වැඩකටයුතු අඩාළ විය හැකි බවත් වාස්තු විද්‍යාවේ සඳහන්.
d ) නිෙවසේ වැඩ පටන්ගත් නැකත් අවස්ථාවන්හිදී නූල, කූඤ්ඤ හෝ භාවිත කරන ආයුධ කැඩීයාම, පහන් පැල ගිනි ගැනීම ආදියත් නුසුදුසු දේවල්. නොසැලකිලිමත්කම, පෙර සූදානමක් නැතිවීම ආදී කරුණු මත බොහෝවිට මේවා සිදු විය හැකි නිසා කරන කාර්යය පිළිබඳ නිසි අවධානයෙන් කටයුතු කිරීම සෑම අතින්ම යහපත්.
03) පරිසරයේ (භූමියේ) සහ නිෙවසින් බාහිරව සිදුවූ දෝෂ
a ) වාස්තු විද්‍යාවට අනුව නිෙවස පිළියෙළ කරන ඉඩම ඉතා වැදගත් අංගයක්. එහි හැඩය, බෑවුම, මායිම්වලට පිටතින් ඇති භූ ලක්ෂණ හා ඉදිකිරීම් ආදියේ ස්වභාවය, මාර්ගයේ සිට ඉඩමට පැමිණෙන ආකාරය වාගේම ඉඩම තුළ නිසි පරිදි නිෙවස ස්ථානගත කිරීමත් වැදගත්. දිශාවන් අනුව මායිමේ සිට සුදුසු පරතරයක් නොතබා නිවෙස තැනීමේදී (මිදුලේ ඉඩකඩ මනාව ඇති තැන්වලදී) දෝෂ සිදුවන අවස්ථාද තිබේ. ගෙදරත්, ගෙමිදුලත් බද්ධවන වාස්තු පරිසරය නිසි පරිදි පිළියෙල කර ගැනීම වැදගත් වන්නේ මේ නිසයි.
b ) නිෙවසින් පිටතදී දෝෂ විය හැකි ළිඳ, වැසිකිළි වළ, ගේට්ටුව, පිටත කුස්සිය, මඩු, වතුර ටැංකිය ආදිය නිසි පරිදි වාස්තු පරිසරයේ ස්ථානගත කළ යුතුයි. එසේ නොවුණහොත් ඔබ කොපමණ නිවැරැදි ලෙස නිෙවස සම්පූර්ණ කළත් බාහිරව පවතින මෙවැනි දේ යළිත් දෝෂ ඇති කරයි.
04) වැරදි චර්යා දෝෂ
a ) නිෙවස පරිහරණයේදී ඔබේ ක්‍රියා කලාපයන් නිවැරදිව සිදුවේ දැයි විමසිලිමත් වන්න. නිෙවසේ අංගයන් නිසිපරිදි සහ සුදුසු තැන්වල ඉදිකළත්, එතුළ ඇති බඩු මූට්ටු ආදියත් නිවැරදිව ස්ථානගත කිරීමෙන් තවදුරටත් ශුභ ඵල ළඟා කර ගත හැකියි. උදාහරණ ලෙස වහලය මඟින් දෝෂ සිදු නොවන පරිදි සහ නිවැරැදි දිශාගත කිරීම් මත නිදාගන්නා ඇඳ සහ පාඩම් කටයුතු සිදු කරන මේසය තැබිය යුතුයි. කබඩ්- අල්මාරි සහ මුදල් ලාච්චු ආදියටත් වඩා සුදුසු තැන් තිබේ. මුළුතැන්ගේ තුළ ළිප දල්වන ස්ථානයත්, වතුර කරාමයත්, මිරිස්ගල – වංගෙඩි ආදිය භාවිත කරනවා නම් ඒවා තැබීමට වඩාත් උචිත තැන් තෝරා ගත යුතුයි.
b ) රෙදි වැල්, රෙදි තබන ස්ථාන වැරදි ලෙස භාවිත කිරීමෙන් නිෙවසේ යාදීම් අඩුවේ.
c ) නිෙවසේ අංග පිහිටුවීමේදී යම් නොගැළපෙන දෝෂයක් ඇති වුවහොත්, එහි ප්‍රතිඵල ලෙස නිවැසියන් රෝගී කිරීමත්, රණ්ඩු දබර ආදියටත් හේතු විය හැකියි. වැරදි රැකියාවලට හෝ සමාජ විරෝධී ක්‍රියාවන්ට යොමුවීමත් සිදු විය හැකියි. මෙවැනි සියලු දේ නිෙවසේ පදිංචි වී පසුවට ඇතිවූ “චර්යා දෝෂ” ගණයට වැටේ.
05) අනියම් දෝෂ නිවසට බලපෑම.
නිෙවසේ සියලු දේ නිවැරැදිව තිබුණත්, බාහිරව සිදුවන නුසුදුසු දේ මඟින් ඔබේ බලාපොරොත්තු ඉටු නොවිය හැකි බව ඔබ දන්නවාද ?
a ) විරුද්ධවාදීන් විසින් ඔබට එරෙහිව කරන ලද අන වින, කොඩි වින ආදිය මඟින් නිෙවස – වතුපිටි පාළුවට යාම.
b ) දේපළ ආදියට තණ්හාවෙන් මියගිය අයගේ බැල්ම නිසා දියුණුව අඩාළ වීම. මේ දේවල් සඳහා වාස්තු විද්‍යාවට අමතරව ගුප්ත විද්‍යා අංශයෙන් නිවැරැදිව පිළියම් යෙදිය යුතුයි.
c ) වැරදි ලෙස පුද පූජා පැවැත්වීමත්, ගුප්ත විද්‍යා කටයුතු අන් අයට හානිදායක ලෙස නිෙවස තුළ සිදු කිරීමත්, නුසුදුසු පිළිම – රූප ආදිය නිෙවස තුළ තැබීමත් යෝග්‍ය නොවිය හැකියි.
d ) දිගු කාලයක් නිෙවස අතහැරදමා තිබීම මඟින් සිදු වන්නේත් භූත – ප්‍රේත ආදී අනියම් දෝෂයි.
e) නිෙවසට අකුණු ගැසීම් හෝ ගිනි ගැනීම් සිදු වීම, පෙර නිවැසි කවුරුන් හෝ නිෙවස තුළ සියදිවි නසාගෙන තිබීම, ගෙමිදුලේ මිනී පිලිස්සීම හෝ මිනී අළු – ඇටකටු ආදිය නිෙවස තුළ තබා ගැනීම, ගුප්ත ශබ්ද ඇසීම, දුර්ගන්ධය හෝ ඉක්මනින් කෑම පිළුණු වීම ආදිය පෙන්වන්නේ දෝෂ තත්ත්වයකි. මෙවන් දේ තුළින් ශුභ ප්‍රතිඵල ඈත්වේ. එමනිසා ඔබ ඉඩමක්, නිෙවසක් මිලදී ගන්නවා නම් මේවා ගැන දීර්ඝව සොයා බලන්න. මෙවන් දෙයක් පවතින අයෙකු නම් ධාර්මික ක්‍රියා කලාපයෙන්, දෝෂ සහිත දේ ඉවත් කිරීමෙන් සහ ගුප්ත – වාස්තු වැනි ශාස්ත්‍ර මඟින් පිහිටක් බලාපොරොත්තු විය හැකියි.
ඉහත සඳහන් අංශ පහ පිළිබඳව ඔබගේ විධිමත් අවධානය යොමුකරන්න. නිෙවසක් හදන්නට – මිලදී ගන්නට බලාපොරොත්තුව සිටින සෑම දෙනාටම මෙම කරුණු මහෝපකාරී වනවා නියතයි.
මෙලෙසින් නිවැරැදි දැනුමෙන් සන්නද්ධව, විචක්ෂණ බුද්ධියෙන් ඒවා පෙළ ගස්වා ක්‍රියාවට නැංවීමෙන් යහපත් ප්‍රතිඵල ඉක්මනින්ම ළඟා කර ගත හැකියි.
උපදෙස්:-
සිවිල් ඉංජිනේරු, වාස්තු විද්‍යා විශාරද
ආචාර්ය ගයාන් එරමුදුගොඩ