මේෂ
උත්සාහය, උනන්දුව නිතර බලවත් වේ. තම නිපැයුම් නිර්මාණ බිහිවන සතියකි. ස්වයං රැකියා බලාපොරොත්තු සාර්ථක වේ. රැකියාවේ සාමකාමී තත්ත්ව උදාවේ. විදේශ රැකියාවලට හිතවත් අයගේ සහාය හිමිවේ. ප්‍රේම සබඳතාවල දුරස්ථභාවයක් මතුවෙයි.
වෘෂභ
වාචික කටයුතුවලින් රැකියාව කරන අයට ජනප්‍රියත්වයට හා ඉහළ තත්ත්වයකට යන යෝග ඇත. පෙර කරගෙන ආ කටයුතු සාර්ථක වන යෝග ඇත. විවාහය ස්ථිර වේ. බෙල්ලෙන් උඩ අසනීප මතුවෙයි. අධ්‍යාපනයේ පාඩු, හානි සහ පසුබෑම් මතුකරයි.
මිථුන
සමාජ සේවා කටයුතුවල දියුණුව මතුවේ. ඉහළ නිලධාරීන් හා සබඳතා වර්ධනය වන රැකියාවේ ස්ථිරත්වය ලබන යෝග ඇත. සමගිය පතුරයි. ඉක්මන්කාර ගති නිසා පවුලේ ප්‍රශ්න මතුකරයි. දරුවන්ගේ කටයුතුවලට වැඩි වියදම් ඇතිවේ. විදේශ ගමන් සාර්ථක වේ.
කටක
දැඩි මතධාරී තත්ත්වයක් මතුවේ. ඉක්මන් කෝපය ද ඇතිවේ. තර්කානුකූල ගති ඇති වේ. නිර්මාණ ක්ෂේත්‍රයේ දියුණුව ඇත. අඹු සැමි ප්‍රශ්න මතුවේ. තම වැරදි නොවැටහෙන යෝග ඇත. ආගමට, දහමට ලැදි වේ. පවුලේ දුවා දරුවන්ගේ කටයුතුවලින් සතුට හිමි වේ. නීති වෘත්තිකයින්ට ඉතා සුබවේ.
සිංහ
ඉක්මන් කෝපය ඉහළ යයි. යාළු මිත්‍රයන් අතර ප්‍රශ්න මතුකරයි. දැඩි මතධාරී ගති ඇතිවේ. නායකත්වයට සුබ වුවත් මේ කාලයේ බාධා ඇතිවේ. රැකියාවේ බාධා මතුවේ. බලාපොරොත්තු කල්ගතවේ. විවාහය ප්‍රමාද වේ. රියැදුරු රැකියා හිමි අයට සුබයි. නීති ප්‍රශ්න මතුවෙයි.
කන්‍යා
ඉක්මන් කෝපය මතුවේ. පවුලේ ප්‍රශ්න ඇති කරයි. රැකියාවේ ඉහළ නිලධාරීන් හා සුහදතා ඇතිවේ. නව රැකියා යෝග ඇතිවේ. සතුරු කරදර ඇතත් ඒවා ජයගත හැකිය. දරුවන්ගේ ප්‍රශ්න මතුවේ. රැකියාවේ කලබල ගති මතුවේ. සතුරු කරදර පාලනය වේ.
තුලා
විදෙස් ගමන් සාර්ථක වන සතියකි. නීති ප්‍රශ්න එයි. කල්පනාකාරී විය යුතුවේ. කලාවේ ඉහළට යයි. අලුත් සමාජ තත්ත්වයක් ළඟා කර ගනී. තරග විභාග කටයුතුවල සාර්ථකත්වය හිමි වේ. බොහෝ ඉවසීමෙන් යා යුතුවේ. ස්ථීර ගති අඩුවීම නිසා ප්‍රශ්න මතු වේ. මානසික පීඩා මතුවේ.
වෘශ්චික
තම බලාපොරොත්තු කරා යාමට උත්සාහය, ක්‍රියාශීලීත්වය ඇති වේ. තමාගේ වටිනාකමින් දියුණුව හිමිවේ. රැකියා අවස්ථා උදාවේ. හැර ගිය අයට තමාගේ වටිනාකම තේරුම් යයි. විවාහ යෝජනා හා ස්ථිරවන යෝග ඇත. මුදල් ප්‍රශ්න මතුවේ.
ධනු
නව පිරිපුන් භාවයකින් ප්‍රබෝධයක් ඇති සතියකි. අන් අය හා සබඳතා පළුදු වන යෝග ද, මානසික ලෙස පීඩා මතුවීමට ද යෝග ඇත. රැකියා හා අධ්‍යාපනික කටයුතුවලදී ඉහළට යයි. රැකියාවේ බලය ලැබේ. ඉවසීම් ඇති විය යුතු සතියකි. මිල මුදල් සරුවන යෝග ඇත.
මකර
මිතුරන් අමනාප වන සතියකි. කතාවෙන් ඉතාමත් ප්‍රවේසම් වන්න. වැවිලි ක්ෂේත්‍රයට ඉතා සුබය. ව්‍යාපාරවලට හොඳයි. දරුවන්ගේ නොගැළපෙන වැඩ කටයුතු නිසා සිත් පීඩා මතුවේ. දරුවන් ඈත්වීමට යෝග ඇත. අන් අයට පවුලේ අය නිසා කැපවීම් ඇතිවන සතියකි. සූදුවෙන් මානසික පීඩා හා ධන හානි මතුවේ.
කුම්භ
ගෙවූ කාලය පිළිබඳ සිත් පීඩා හා යහපත් සිතුවිලි මතුවේ. සබඳතා යහපත්ව ඇතිවන සතියකි. වටිනා දේවල් අහිමි වන යෝග ඇත. සංචාරක ක්ෂේත්‍රයට යහපත් සතියකි. වෙෙළඳ ව්‍යාපාරවල පාඩු මඟහැරිය හැකි සතියකි.
මීන
තමා පිළිබඳ පමණක් කටයුතු කරන සතියකි. විවාහ කටයුතුවලට බාධා මතුවේ. තමාගේ දුර්වලතාවන් ලෙස වචනයෙන් බාධා මතුවේ. රහස් ගති නිසා තම විවාහයේ ප්‍රශ්න මතුවේ. මානසික පීඩා දැඩි ලෙස මතුකරයි. විවාහයේ සතුරු කරදර ඇතිවී සිත් තැවුල් ගෙන දේ. කාර්යබහුල සතියකි. පාද ආශ්‍රිත රෝග මතු වෙයි.
අචිනි ලක්මාලි චන්ද්‍රසේකර