Wednesday, August 20, 2025
Epaper
Home පුවත්යොවුන් මිහිකත රූ රැජන 2025 තරගාවලියේ Best in National Costume සම්මානය

යොවුන් මිහිකත රූ රැජන 2025 තරගාවලියේ Best in National Costume සම්මානය

පුන්සරණිට

by Thanushika

ඉන්දියාවේ පැවති අට වැනි යොවුන් මිහිකත රූ රැජන – 2025” තරගාවලියට (Miss Teen Earth – 2025) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ, මවිති පුන්සරණි එම තරගාවලියේ හොඳම දේශීය ඇඳුම් නිර්මාණයට (Best in National Costume) හිමිවන සම්මානය දිනා ගැනීමට සමත් වූවාය. එම සම්මානය දිනාගත් ඇය පසුගියදා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියාය.

මෙම තරගාවලිය වයස අවුරුදු 20ට අඩු ලෝකයේ රටවල් 15ක රූ රැජනියන් 15 දෙනෙකුගේ සහභාගි ත්වයෙන් ඉකුත් 08වැනි දින සිට 09 දින දක්වා දින දෙකක් ඉන්දියාවේ ජායිපූර් නුවර පවත්වා තිබුණි.
19 හැවිරිදි මවිති පුන්සරණි නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කරන අතර, ඇය විසින් ඉදිරිපත් කළ දේශීය අනන්‍යතාව පිළිඹිබු කෙරෙන ඇඳුම් නිර්මාණය සඳහා මෙම සම්මානය හිමි වී තිබේ.
මවිති, ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි මොහොතේ ඇය පිළිගැනීම සඳහා යොවුන් මිහිකත රූ රැජන තරගාවලියේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ සහ ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක, මවිතිගේ මවුපියන්, නැදෑ හිතවත්හු විශාල පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

කටුනායක - ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?