Wednesday, August 20, 2025
Epaper
Home පුවත්BOOK STORY

BOOK STORY

by Thanushika

Heard Melodies දොරට වඩී….

කුලරත්න සූරියආරච්චි විසින් රචිත “Heard Melodies” ඉංග්‍රීසි නවකතාව පසුගිය දා කුරුණෑගල බිෂොප් හවුස් හිදී දොරට වැඩියේය. චරිතාපදාන නවකතාවක් වූ Heard Melodies දැනට දශක හයකට පමණ පෙර සාම්ප්‍රදායික නොවන ගමක වූ සමාජීය විවිධත්වය සිතුවම් කරයි. පරමාදර්ශී සමාජයක් සොයා ගොස් ඉච්ඡාභංගත්වයට පත්වූ තාරුණ්‍යයක හුදෙකලාව ද එහි තවත් එහි පැතිකඩකි.

ආවර්ජනා කාව්‍ය සංග්‍රහය

තරුණී පුවත්පතේ හිමිදිරිය විශේෂාංගයට නිරතුරුවම කාව්‍ය නිර්මාණ යොමු කරන නවක කිවිඳියක වූ ශ්‍රියානි වීරසිංහගේ කුලුඳුල් කාව්‍ය සංග්‍රහයයි “ආවර්ජනා” ඇය විසින් වසර කිහිපයක් පුරාවට විවිධ පුවත්පත් සඳහා යොමු කළ කාව්‍ය නිර්මාණ මෙන්ම ඇගේ ඇස ගැටුණු සිදුවීම්, ඇය ලැබූ විවිධ අත්දැකීම් ඇසුරෙන් ලියවුණු කාව්‍ය නිර්මාණ බොහොමයක් මෙයට ඇතුළත් වේ.

“කරළියේ රසමුසු මතක-2” ජනගත වේ

එඩ්වඩ් චන්ද්‍රසිරි විසින් “කරළියේ රසමුසු මතක” නමින් රචනා කරන ග්‍රන්ථ පෙළෙහි දෙවැනි කෘතිය වූ “කරළියේ රසමුසු මතක 2” මේ මස 15 වැනි සිකුරාදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී ජනගත වේ.

වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ නාට්‍ය නිෂ්පාදන කළමනාකරණයෙන්, නිෂ්පාදනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් දශක හතරක් ඉක්මවා ඔහු ලැබූ දීර්ඝකාලීන අත්දැකීම් මෙන්ම සොඳුරු අපූර්ව මතක සටහන් ඇසුරෙන් මෙම කෘති පෙළ රචනා කර ඇත.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?