Wednesday, August 20, 2025
Epaper

BIZ ZONE

by Thanushika

‘පළාත් පාසල් ක්‍රීඩා උළෙල’ මෙවරත් සමපෝෂ අනුග්‍රහයෙන්

සමපෝෂ අනුග්‍රහකත්වයෙන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන ‘2025 සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උලෙළ’ බස්නාහිර උතුරු මැද වයඹ නැගෙනහිර ඌව දකුණ හා සබරගමු යන පළාත් 7 කේන්ද්‍ර කර ගනිමින් මේ මස දී ආරම්භ වෙයි. මෙවර ඔවුන් අනුග්‍රහකත්වය දරන්නේ නව වැනි වරටය.

මෙහිදී තරඟ ඉසව් 70කට අධික සංඛ්‍යාවක් සඳහා පාසල් 3000කට අධික ප්‍රමාණයක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25000කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතව ඇත. ජයග්‍රාහී පාසල් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් කුසලාන, සහතික පත්‍ර හා පදක්කම් පිරිනැමීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගනු ලබයි.
CBL සමාගම සෑම විටම ශ්‍රී ලාංකික දූ දරුවන්ගේ ක්‍රීඩා හා අධ්‍යාපන කටයුතු සඳහා ඇප කැපවෙමින් අනාගතය වෙනුවෙන් දක්ෂතාවන් සහිත දරු පරපුරක් බිහි කිරීමට බලාපොරොත්තුවෙන් සිටී.
බස්නාහිර පළාත් ක්‍රීඩා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පළමුව පැවැත්වෙන අතර දෙවනුව, තෙවනුව ආදි වශයෙන් පිළිවෙලින් ඌව පළාත් ක්‍රීඩා උළෙල දකුණු පළාත් ක්‍රීඩා උලෙළ …ආදී වශයෙන් පැවැත්වේ.

යල කන්නයේ දී හොඳ අස්වැන්නක් ලැබුණොත් රයිගම් ලුණු අඩු මිලට

ලුණු හිඟයක් මවා, මිල වැඩි කරමින් අධික ලාභයක් ලැබීමට රයිගම් සමාගම කටයුතු කළ බවට සිදුකරන සාවද්‍ය ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව රයිගම් වයඹ සොල්ටන්ස් පී.එල්.සී ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ පැවසීය.

වගකිවයුතු සමාගමක් ලෙස පැවැති සීමිත තොගය මේස ලුණු බවට පත් කර සලාක ක්‍රමයට මුළු රටම ආවරණය වන පරිදි සාධාරණ පදනමකට බෙදා හැරීමට කටයුතු කළ බව පැවසූ ඔහු, එසේ කටයුතු නොකළේ නම් වෙළෙඳපොළේ ඉතා අභාග්‍යසම්පන්න තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබුණ බව කියා සිටියේය.
යල කන්නයේ දී බලාපොරොත්තු වන පරිදි අස්වැන්න ලැබුණහොත් ඉදිරියේ දී ලුණු මිල අඩු කිරීමට පියවර ගන්නා බවත් දේශපාලන ප්‍රශ්න සඳහා රයිගම් අකුරු හතර භාවිත නොකරන්නැයි ඉල්ලා සිටින බවත් ගණක අමරසිංහ පැවසීය.

සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ ටශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) පසු ගිය අගෝස්තු 1 දා විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාතේ ශාඛා ජාලය පුළුල් විය.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ප්‍රධාන නිලධාරී – ව්‍යාපාර නාමලී ඒ සිල්වා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී- ජාතික විකුණුම් (ජීවිත) ජගත් වෙල්ගම, සහකාර සාමාන්‍යාධිකාරී/කලාප ප්‍රධානී පි. සතියන්, උතුරු මැද ප්‍රාදේශික කළමනාකාරීත්වය, අරලගන්විල සහ දෙහිඅත්තකණ්ඩිය ශාඛා කළමනාකාරීත්වය සහ ආරාධිතයින් රැසක් සහභාගී විය.

SpaceX – STARLINK හි බලයලත් අලෙවිකරු SINGER

අමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් SpaceX විසින් ශ්‍රී ලංකාවේ Starlink හි බලයලත් අලෙවිකරු ලෙස මෙරට ප්‍රමුඛතම පාරිභෝගික විදුලි හා ගෘහ උපකරණ අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා සමාගම පත් කළ බව පසුගියදා නිවේදනය කරන ලදි.

මෙය Starlink – සිංගර් සබඳතාව මඟින් සිදු කරන රට පුරා අන්තර්ජාලය වෙත පිවිසීමේ විප්ලවීය වෙනසක් ලෙස සඳහන් කළ හැකිය.
ගෝලීය අභ්‍යාවකාශ නවෝත්පාදකයකු ලෙස SpaceX විසින් නිර්මාණය කරන ලද Starlink යනු ලෝකයේ ඕනෑම තැනක සිටින පුද්ගලයකුට වේගවත්, විශ්වාසදායී හා අසීමිත අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම වෙනුවෙන් හඳුන්වා දී ඇති ඉහළ කාර්යසාධනයක් සහිත චන්ද්‍රිකා අන්තර්ජාල පද්ධතියකි.

කොමර්ෂල් බැංකුව සහ හේලීස් ඇග‍්‍රිකල්චර් ගොවීන් වෙනුවෙන් එක් වේ

කොමර්ෂල් බැංකුව සහ හේලීස් ඇග්‍රිකල්චර් අතර ඇති කරගත් හවුල්කාරිත්වයක් හරහා හේලීස් ඇග්‍රිකල්චර් වෙතින් සපයන උසස් තත්ත්වයේ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සඳහා ආයෝජනය කරන ගොවීන්ට අභිරුචිකරණය කළ ලීසිං හා ණය පහසුකම් ලබා දෙන බව නිවේදනය කර ඇත.

මෙම හවුල්කාරීත්වය යටතේ, හේලීස් ඇග්‍රිකල්චර් වෙතින් ට්‍රැක්ටර්, අස්වනු නෙළන යන්ත්‍ර සහ අනෙකුත් කෘෂිකාර්මික උපකරණ මිලදී ගන්නා ගොවීන්ට කොමර්ෂල් බැංකුවෙන් විශේෂ කෘෂි ලීසිං පහසුකම් සහ දිරිබල හරිත සංවර්ධන ණය ලබා ගැනීමට හැකි වේ.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?