Wednesday, August 20, 2025
Epaper
Home ස්වයං රැකියාගෘහණියට, ස්වයං රැකියාවක් කියන්නේ යුගයේ අවශ්‍යතාවක්

ගෘහණියට, ස්වයං රැකියාවක් කියන්නේ යුගයේ අවශ්‍යතාවක්

‘මේධාවි‘ බෑග් හිමිකාරිනිය ඉරේෂා

by Thanushika

ජීවන වියදම ගැන සන්තාප වනවාට වඩා පවුලේ ආදායම වැඩිකර ගැනීමට වෙහෙසීම නුවණැති පිළිවෙතයි. ඒ නිසාම නි‍ෙවසේ ගෘහණිය වූ ඔබටත් අමතර ආදායමක් ඉපයීම ගැන සිතන්නට වෙනවා. තරුණී වෙතින් මේ දිරිය ලබා දෙන්නේ ඒ වෙනුවෙනි.

අද බොහෝමයක් පවුල් ආරවුල් ඇති වන්නට පවුලේ ආර්ථික ගැටලු බලපානවා. සැමියා හරි හම්බ කර, ගෙනෙන මාසික වැටුප ප්‍රමාණවත් නොවන විට බිරියගේ දරුවන්ගේ අවශ්‍යතා මඟ හැරී යයි. මෙලෙස ආර්ථික අස්ථාවරත්වයක් ඇති පවුලක ගැටුම් ඇතිවීම ස්වභාවිකයි. මේ ප්‍රශ්නයට වඩාත් සාර්ථක විසඳුම වන්නේ රැකියාවක් නොකරන, නි‍ෙවසේ රැඳී සිටින කාන්තාව ස්වයං රැකියාවකට යොමු වීම යෝග්‍යයි. නි‍ෙවසේ වැඩ කටයුතු කරගෙන යන අතරතුර යම් මුදලක් ඉපයිය හැකි නම් එය කොතරම් අගනේ ද?

ඇය ඉරේෂා අබේකෝන්. කොට්ටාවේ පදිංචි අැය උපන්නේ පවුලේ වැඩිමහල් දියණිය ලෙසිනි. උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් පෙනී සිටි ඇය පෞද්ගලික ආයතනයක ගිණුම් අංශයේ රැකියාවක් කළාය. තම පවුලට යුතුකම් ඉටු කරමින් සිටින මේ දිරිය ගැහැනියට නිමල් අබේකෝන් නම් තරුණයාගෙන් විවාහ යෝජනාවක් ආවේය. ඇගේ ජීවිතයට සැබෑම අත්වැලක් වෙමින් ඔවුන් දෙදෙනාගේ විවාහය තීරණය වුණි. බොහෝමයක් යුවතියන්ට විවාහයෙන් පසුව රැකියාව තහනම් ය. ඇගේ සැමියාගේ අදහස වූයේ ද ඇය රැකියාවක් නොකර, ගෙදර දොර දරුවන් බලා කියා සිටීම ය. ඒ අනුව ඇය බිමන් සහ මෙතුලි යන දරුවන් දෙදෙනා බලා ගනිමින් නි‍ෙවසේ රැඳෙන්නට වූවාය.

කාලයත් සමඟ සැමියාගේ වැටුප ප්‍රමාණවත් නොවිණි.
‘මට මගේ මහත්තයාගේ හිත රිදවා රැකියාවකට යන්න බැහැ. ඉතින් මම ගෙදර ඉඳන් යමක් කරන්න ඕනේ කියලා කල්පනා කළා. මගේ අම්මාගේ උරුමයෙන් මැහුම් ගෙතුම් මට පුළුවන්. මුලින්ම පිටකොටුවෙන් බෑග් අමුද්‍රව්‍ය අරන් බෑග් මැහුවා. මුල්ම බෑග් එක රුපියල් අසූවකට විකුණුවේ. අද වන විට ඒකම රුපියල් 1800 වගේ මිලක් ගන්නවා. මේ වගේ මම මහන බෑග්වලට ඉල්ලුමක් ආවා. මම ‘මේධාවි බෑග්‘ නමින් අලෙවි කරන්න ඇනවුම් ලබා ගත්තා, බාධක මැඩගෙන ඒ අතරින් ආ ගමන් මග අද වන විට පැහැබරයි. පවතින ආර්ථික රටාව හමුවේ මම මෙවැනි ස්වයං රැකියාවක් සිදු කිරීම ඇත්තෙන්ම පවුලේ ආර්ථිකයට ලොකු සවියක්.

අචිනි ලක්මාලි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?