අලංකාරවත් පෙනුමක් තියෙන ගෙයක් හදන්න අපි කවුරුත් ආසයි. ඒ වාගේ නිෙවසක වාසය කරන්න ඇත්නම්…. එන යන අය නිෙවසේ අලංකාරය ගැන වර්ණනා කරනවා නම්… ඊටත් වඩා දෙයක් නැති තරම්.
ඔබ දැක ඇති සමහර අය කෝටි ගණන් නිෙවස ඉදිකිරීම වෙනුවෙන් වියදම් කරනවා. ඒ වුණත්, නිෙවසට ගිය විට වියදමට සරිලන පෙනුමක් නැහැ. තවත් කෙනෙකු අවම මුදලකින් සාදන කුඩා නිෙවසේ කෝටි ගාණක පෙනුමක් තියෙනවා. මෙහෙම දේවල් වෙන්නේ ඇයි?
නිෙවසක ලස්සන කියන්නේ සල්ලිම නෙවෙයි. මුදල් වියදම් කරලා පසුවට වුණත් යම් යම් ආකාරවලින් නිෙවසක පෙනුම ගන්න පුළුවන් තමයි. ඒත් ඊට වඩා වටින්නේ එම ලස්සන ලබාගන්න මුලදීම කටයුතු කිරීමයි. මේ වෙනුවෙන් ගෘහ නිර්මාණ ශිල්පියා සහ ඉංජිනේරුවරයා මනා කැපකිරීමක් කළ යුතුයි. මොකද, ගෙවල් හදන හැමදෙනාටම ශිල්පීය දැනුමක් නැහැනේ.
නිෙසක පෙනුම හා වටිනාකම අඩු වෙන අවස්ථාවන් කිහිපයක් ගැන මා කියා දෙන්නම්.
වහලයේ අගේ නිෙවසටම දැනේ
ගෙදරකට වහලය කියන්නේ රජුට ඔටුන්න වගේ දෙයක්. වහලයකින් නිමවෙන නිෙවසක් නම් මේ ගැන දැනුම්වත් වෙන්න ඕනේ. මුදුන් වහලය සමඟ සරලව වහල කොටස් කිහිපයක් තිබීම නිෙවසේ ලස්සනට වාගේම වාස්තු විද්‍යාවටත් ගැළපෙන දෙයක්. නමුත්, ඇතැම් අය අලංකාරය ලබාගන්නට සිතා එක එක විදිහේ හැඩතලයන්ට අනුව වහලය ගසනවා. වහලයක් කියන්නේ ඉතා පරිස්සමෙන් සහ විමසීමෙන් කළ යුතු දෙයක්. වහලය යන අංගය සම්මතයෙන් බැහැරව සංකීර්ණ කිරීම තුළින්, නිෙවසේ ගෘහ මූලිකයා හෙවත් රජුගේ කීර්තිය, පෞරුෂය, අභිමානය පෙන්වන කිරීටය රැඳී සිරස විකෘති කිරීමට බලපාන ප්‍රධාන වාස්තු දෝෂයක්. මෙසේ වහලය අනවශ්‍ය ලෙස සංකීර්ණ කිරීම යනු අලංකාරයට වඩා ප්‍රායෝගික ගැටලු සහ වාස්තු දෝෂ ඇතිවීමට හේතුවක් බව සිතට ගන්න.
වහලයක ආනතියත් නිෙවසේ පෙනුමට අවශ්‍ය දෙයක්. අඩු ආනතියකින් ගැසූ වහලයක පෙනුම බලන්න ඇතැම් විට වහලයටම නඟින්න ඕනේ. අනිත් කාරණය තමයි වැස්සකදී ඒකක කාලයක් තුළ වහලය මත රැඳෙන ජල පරිමාව වැඩි වීම. එවිට විශාල වතුර බරක් වහලයට දරාගන්න වෙනවා සේම, නිෙවස තුළට වතුර කාන්දු වෙන්නත් පුළුවන්. වහලයේ කල්පැවැත්ම ගැන මෙහිදී අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අනිත් ප්‍රධානම කාරණය නම්, මෙලෙස වතුර කාන්දු වීමෙන් විදුලි පරිපථ හානි වී ලොකු විනාශයක් වෙන්න පුළුවන්. අලංකාරයත්, තාක්ෂණයත් එකිනෙක ගළපන්න ඕනෙ මේ වගේ තැන්වලදී.
වහලයක අගුව කියන්නේ ඉතා ප්‍රයෝජනවත් කොටසකට. ලස්සන විතරක් නොවෙයි, දොර ජනෙල් සහ බිත්තිවල ආරක්ෂාවටත් මෙය වැදගත්. වහලයක අගුව කෙටි වීම නිෙවසේ පෙනුම නැති වීමට හේතුවක්. වහල අතර මනා පරතරයක් තිබීමත් අත්‍යවශ්‍ය දෙයක්. අලංකාරය ගැන සිතා වැඩි වහල ගණනක් යෙදුවත්, ඒවා එකිනෙකට ගෑවිලා නම්, සහ වහලයේ ආනති සහ හැඩතල එකිනෙකට නොගැළපෙයි නම් බලාපොරොත්තු වන ලස්සන ලැබෙන්නේ නැහැ.
පඩිපෙළ නිෙවසට ආභරණයක් වගේ
ගෙදරකට පඩිපෙළක් තියෙනවා නම් එය ආභරණයක් වගේ. මෙය ලස්සනට නිෙවසට පලඳන්නේ කීයෙන් කී දෙනාද? වාස්තු විද්‍යාවට අනුව පඩිපෙළක් ඉදිකරන ස්ථානය, දිශාව, නඟින ආකාරය ගැළපිය යුතුයි. පඩිපෙළ නිසා අත්‍යවශ්‍ය ඉඩකඩක් ඇහිරී නොයන ආකාරයටත්, එය යට ඇති ඉඩකඩින් අවලස්සනක් නොවී උපරිම ප්‍රයෝජනයක් ගන්නට හැකි වන ආකාරයටත් නිර්මාණය කරන්න ඕෙන. ඔබ දැක ඇති සුපිරි නිවෙස්වල වුවත් ඇතැම් විට සාලයේ බිත්ති දිගේම පඩිපෙළ යොදා තිබෙනවා. මෙවැනි දේ තුළින් සිදුවන්නේ සාලයේ ප්‍රයෝජනවත් ඉඩකඩ අවම වෙනවා සේම අවලස්සනක්. අඳුරු ගුහා ඇතිවෙන්නත් පුළුවන්.
බැල්කනි නිවැරදිව යොදන්න
නිෙවසක් ලස්සන වෙන්නට බලපාන තවත් අංගයක් තමයි බැල්කනි කියන්නේ. මේවා යොදන අවස්ථාවේදී නිෙවසේ තරමට ගැළපෙන්න දාන්න ඕනේ. නිෙවසේ විශාල මුහුණකට කුඩා බැල්කනි තිබීම නොගැළපෙන්න පුළුවන්. බැල්කනි වටේම උස බිත්තිවලින් ආවරණය කිරීමත් වැරදි දෙයක්. අවලස්සන වාගේම, වාතාශ්‍රය, ආලෝකය නිෙවසට නොලැබී ඇහිරී යනවා.
හැමට අගේ ඇති වැරැන්ඩාව
වැරැන්ඩාවක් යනු නිෙවසක ලස්සන දෙගුණ තෙගුණ කරන, ඕනෑම නිෙවසකට යොදන්න පුළුවන් අංගයකට. නිවෙසක පහළම වහලය එන්නේ බොහෝ විට මෙයටයි. පොළොව මට්ටමේ සිට නිසි උසක් මෙම වහලයේ අගුවේ කෙළවරට තිබිය යුතුයි. එසේ නොවුණහොත් අවලස්සන වාගේම ජනෙල් දොරවලට ඉහළින් යොදන අලංකාරවත් ලී කැටයම් ආදිය නිෙවසේ ඉදිරියෙන් බලන විට නොපෙනී යන්නට පුළුවන්. වහලයක් ගැසීමේදී අනුගමනය කළ යුතු සියලු දේ මෙහිදීත් සලකන්න ඕනේ.
නිවැරදිව දොර ජනෙල් යොදමු
නිෙවසකට ලස්සන සහ ආකර්ෂණය ලබාදෙන තවත් අංගයක් තමයි මේ දොර ජනෙල්. නවීන මෝස්තරවලට මේවා නිමවන්න පුළුවන්. නමුත්, මේවායේ උස- පළල ප්‍රමාණ වගේම සවිකරන ස්ථාන ගැන හොඳින් විමසා බැලිය යුතු දෙයක්. නිෙවසේ බිත්තිවල වර්ගඵලවලට ගැළපෙන ආකාරයට සහ ඇතුළට ආලෝකය, වාතාශ්‍රය ප්‍රමාණාත්මකව ලැබෙන ලෙස නිපදවිය යුතුයි. සංඛ්‍යාත්මකව මේවායේ තිබිය යුතු ප්‍රමාණ ගැනත් වාස්තු විද්‍යාවේ සඳහන්. ඉදිරි ලිපිවලින් ඒ ගැන කතා කරමු.
ඉතා උස බිත්ති ඇති ස්ථාන සඳහා මෙම දොර ජනෙල්වලට ඉහළින් කුඩා ආරක්ෂිත වහළ කොටස් හෝ ස්ලැබ් කොටස් නිර්මාණය කිරීම වැදගත් දෙයක්. ඒ අව් වැසි ආදියෙන් මේවා ආරක්ෂාකර ගැනීම සඳහායි.
නිෙවසේ පිටත බිත්ති සඳහා අධික ලෙස වීදුරු යොදා නිමවන “වීදුරු ගෙවල්” නම් සුදුසු නැහැ. ආරක්ෂාව අඩු වීමත්, පිටත රස්නය වැඩිපුර ඇතුළට ඒමත් වාගේම වාස්තු විද්‍යානුකූලවත් නුසුදුසුයි. නිෙවසක් තුළ තිබිය යුතු “රැඳීම” කියන සාධකය අවම වෙන්නේ මේ විදිහේ නිවාසවල.
ඉතින්, විශාල මුදලක් වියදම් කර ගේ හදලා අවසන් කළ පසුව මෙවැනි අඩුපාඩු තිබේ නම් නිෙවසේ වටිනාකමත් සාපේක්ෂව අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඉදිකිරීම් වියදමට සරිලන පෙනුමක් ලැබෙන්නේ නැහැ. මුලදී නිෙවස ගැන තිබූ ආශාව අඩු වෙන්නත් මේ කරුණු හේතුයි. විශාල මුදලක් වියදම් කර හදපු නිෙවසින් ඔබේ සිතුම් පැතුම් ඉටු නොවුණේ නම් එය අපරාධයක්. ප්‍රායෝගික කාරණාවන් ගැන සිතා නිෙවස සැලසුම් කිරීමත්, ඒ අනුව ඉදිකිරීම් කටයුතු නිම කිරීමත් ඔබට වඩාත් වැදගත් වෙන්නේ මේ කාරණා නිසයි.
උපදෙස්:-
සිවිල් ඉංජිනේරු,
වාස්තු විද්‍යා විශාරද
ආචාර්ය ගයාන් එරමුදුගොඩ
ඔබටත් නිවෙසේ, ව්‍යාපාරික ස්ථානයේ යම්කිසි වාස්තු විද්‍යාත්මක ගැටලුවක් වේ නම් ‘තරුණී‘ අපට යොමු කරන්න.
අචිනි ලක්මාලි චන්ද්‍රසේකර