මේෂ
සතුරන් මැඩගෙන ඉදිරියට යන සතියකි. ගේ දොර අසමගිය සහ අසල්වාසීන්ගෙන් ඇති වූ කරදර සියල්ල යටපත් වී යන සතියකි. මංගල කටයුතු ස්ථිර වන අතර දරුවන්ගේ අධ්‍යාපනය දියුණු වේ.
වාෂභ
සිතමින් සිටි අලුත් කටයුත්තක් කිරීමට බාධා ඇති කරන සතියකි. තමාගේම අයගෙන් දියුණුවට බාධාවේ. ගෙදර දොර ප්‍රශ්න මතු කරයි. තරමක් අලස ගති මතු වෙයි. රැකියාවේද කරදර මතු කරයි.
මිථුන
සිත සතුටින් කටයුතු කළහැකි සතියකි. වික්‍රමාන්විත ගති මතුවෙයි. නුරුස්සන කේන්තිකාරගති තරමක් පාලනය වේ. ආර්ථික හා වෘත්තිමය වශයෙන් උසස් වෙයි. මංගල යෝග උදා වේ. මානසික පීඩා අඩු වී යයි.
කටක
තරමක් සිතේ තිබුණ රැදුරු ගති වචනයෙන් පිටවීම නිසා සමාජයේ හා අන්අය අතර තීන්දු අපහාස ලබයි. අනුකම්පා සහගත ගති අඩු වී යයි. සෑම අතින්ම ප්‍රශ්න මතු කරයි.
සිංහ
අතවශ්‍ය ලෙස වියදම් දරන සතියකි. දුර ගමන් බිමන් යෙදේ. අලුත් සිතුවිලි මතු වෙයි. නමුත් ණයවීම්වලින් ඉතා ප්‍රවේසම් වන්න. මුදලින් ප්‍රශ්න මතු කරයි.
කන්‍යා
පෙර පැවති ලැබීම් හා ලාභ තරමක් බාධා වී නොලැබී යාමට යෝග ඇත. විදෙස් ගමන් සාර්ථක වේ. ව්‍යාපාර හා රැකියා දියුණුව සුබවාදී ලෙස යාමෙන් දියුණු කරගත හැකියි. ආශ්‍රය කරන අයගෙන් ප්‍රවේසම් වන්න.
තුලා
ලැබීම අතින් ඉතා සුබ වන අතර දියුණුව ඉහළ යයි. ආර්ථික සමාජය තත්ත්ව උසස්වන හා කැපී පෙනෙන තත්ත්ව මතුවෙයි. නමුත් ගෙදරින් සිත් රිදීමක් වන යෝග අැත. ප්‍රවේසම් වන්න.
වෘශ්චික
උගත් දෙයින් ලාභ උපයන සතියකි. රැකියාවේ හා වෘත්තියේ අලුත් අලුත් අදහස් නිසා දියුණුව මතුවේ. ව්‍යාපාර දියුණුව ද ඇති කරයි. පවුලේ ප්‍රශ්න ද තරමක් ඇති වුවත් තමාගේ දායකත්වය එයට දිය යුතුම සතියකි.
ධනු
පෙර පින් මතුවන සතියකි. අනාගතය ගැන සිතා කටයුතු කරන සතියකි. යහපත් සිතුවිලි මතුවෙයි. රැකියා – ව්‍යාපාරවලින් තිබූ පීඩා මෙන්ම මානසික පීඩා මඟහැරී යයි. අධ්‍යාපනයට ද සුබ වේ.
මකර
ආර්ථිකයට සාමාජීය තත්ත්වයට සුබවාදී සතියකි. ධනාත්මකව සිතීමෙන් සියල්ල දියුණු කරගත හැකියි. අඹු – සැමියන් අතර ප්‍රශ්න මතු වෙයි. අනතුරු මතුවීමට ඉඩ ඇත. ඉතා ප්‍රවේසම් වන්න.
කුම්භ
හවුලේ කරන කටයුතුවල ගැටුම් ඇති වෙයි. ව්‍යාපාරවලදී ඉතා ප්‍රවේසම් වන්න. මංගල කටයුතු වල දී දුරදිග සිතා කටයුතු කළ යුතු සතියකි. අධ්‍යාපනයේ ද බාධා මතුවේ. ඊර්ෂ්‍යාකාර සතුරු කරදර මතුවේ.
මීන
පෙර පැවති සතුරු කරදර යටපත් වී එයින් ඇති වූ පීඩා මඟහැරෙන සතියකි. මහන්සියේ තරමට ප්‍රතිඵල, ප්‍රශ්න කරදර සමඟ ලබයි. අලුත් අලුත් දේවල්වලට සිත දෙයි. සිතන දෙය එලෙසම කරන්න කාලය සමඟ ලාභ අඩුවේ. පෙර පැවැති රෝග අඩු වී යයි. ඇස් – පාද ආශ්‍රිත වේදනා ද මතුවේ.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී සංගීතා වික්‍රමසිංහ
අචිනි ලක්මාලි චන්ද්‍රසේකර