සී. ඩබ්ලිව්. මැකී පී. එල්. සී. වෙතින් ‘ස්කෑන් කසාවා චිප්ස්’ රස 4 කින්
සී. ඩබ්ලිව්. මැකී පී. එල්. සී සතු ජනප්‍රියම ආහාර පාන සන්නාමය වන ස්කෑන් වෙළෙඳ නාමය යටතේ නවතම කසාවා චිප්ස් රස රැසකින් වෙළෙඳපොළට නිකුත්කොට තිබේ. Hot and spicy, ලුණු සහිත (Salted), චීස් ඇන්ඩ් අනියන් රසයන්ගෙන් සහ අලුතින්ම හඳුන්වා දුන් කොච්චි රසයෙන් පිරී ස්කෑන් කසාවා චිප්ස් ග්‍රෑම් 50 ප්‍රමාණයෙන්ම සහ පාරිභෝගිකයන් අතර ජනප්‍රියතම ග්‍රෑම් 30 පැකට්ටු වශයෙන් වෙළෙඳපොළට නිකුත් කෙරෙයි.
ශ්‍රී ලාංකේය ස්නැක් වෙළෙඳපොළේ ජම්බෝ පීනට් නිෂ්පාදන අංශයේ සියයට හැත්තෑවකට අධික වෙළඳපොළ ප්‍රතිශතයකට හිමිකම් කියන ස්කෑන් ජම්බෝ පීනට් අත්කරගෙන ඇති සාර්ථකත්වය මෙන්ම පසුගිය කාලයේ සිට දේශීය ස්නැක් නිෂ්පාදන සඳහා වර්ධනය වෙමින් පවතින ඉහළ ඉල්ලුම සලකා බලා සී. ඩබ්ලිව්. මැකී පී. එල්. සී. රස වර්ග හතරකින් ස්කෑන් කසාවාචිප්ස් වෙළඳපොළට හඳුන්වා දී තිබෙයි.
සෞඛ්‍ය හා නිෂ්පාදන සම්මාන 2025
ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන්ගේ සංගමය (COYLE) සහ ජපාන විදේශ වාණිජ සංවිධානය (JETRO) එක්ව සංවිධානය කරන ශ්‍රී ලංකා සෞඛ්‍ය හා නිෂ්පාදන සම්මාන 2025 (SLCHPA) වැඩසටහන පැවැත්වීමට නියමිතය.
තෙවන වරටත් මෙවර මෙම සම්මාන උලෙළ සංවිධානය කර ඇති අතර මෙවර(JETRO)ප්‍රධාන සහයෝගිතාව ලෙස එක්වීම ජාත්‍යන්තර මට්ටමේ මිනුම් විශේෂඥතාව සහ ලෝකයේ හොඳම සෞඛ්‍ය පුරුදු රටාවන් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට ගෙන එයි.
මේ සඳහා ප්‍රධාන අනුග්‍රහකත්වය දරන්නේ සම්පත් බැංකුවයි.
SLCHPA 2025 සඳහා අයදුම්පත් www.slchpa.com වෙතින් බාගත කළ හැකි අතර ඉදිරිපත් කිරීම් 2025 ඔක්තෝබර් 31 දක්වා භාරගනු ලැබේ.
SpaceX – STARLINK හි බලයලත් අලෙවිකරු SINGER
අමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් SpaceX විසින් ශ්‍රී ලංකාවේ Starlinkහි බලයලත් අලෙවිකරු ලෙස මෙරට ප්‍රමුඛතම පාරිභෝගික විදුලි හා ගෘහ උපකරණ අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා සමාගම පත් කළ බව පසුගියදා නිවේදනය කරන ලදි.
මෙය Starlink – සිංගර් සබඳතාව මඟින් සිදු කරන රට පුරා අන්තර්ජාලය වෙත පිවිසීමේ විප්ලවීය වෙනසක් ලෙස සඳහන් කළ හැකිය.
ගෝලීය අභ්‍යවකාශ නවෝත්පාදකයකු ලෙස SpaceX විසින් නිර්මාණය කරන ලද Starlink යනු ලෝකයේ ඕනෑම තැනක සිටින පුද්ගලයකුට වේගවත්, විශ්වාසදායී හා අසීමිත අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම වෙනුවෙන් හඳුන්වා දී ඇති ඉහළ කාර්යසාධනයක් සහිත චන්ද්‍රිකා අන්තර්ජාල පද්ධතියකි.
කෝදාගොඩ ශ්‍රී ලංකා ජූනියර් මැච් ප්ලේ ගොල්ෆ් ශූරතාවලිය 2025
කෝදාගොඩ කුසලානය සඳහා වූ ශ්‍රී ලංකා ජූනියර් මැච් ප්ලේ ගොල්ෆ් ශූරතාවලිය 2025, පසුගිය දා සාර්ථකව පැවැත්විණි. ශ්‍රී ලංකා ගොල්ෆ් විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සහ කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේ සත්කාරකත්වය දරන මෙම ශූරතාවලිය අගෝස්තු 04 සිට 08වන දා තෙක් පැවැත්විණි. මෙම වසරේ කෝදාගොඩ කුසලානය සඳහා වූ ශ්‍රී ලංකා ජූනියර් මැච් ප්ලේ ගොල්ෆ් ශුරතාවලියේ බාලක ශූරතාව රේෂාන් අල්ගම විසින් ද, බාලිකා ශූරතාව කායා දළුවත්ත විසින් ද දිනා ගනු ලැබිණි.
කනිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය ක්‍රීඩා දක්ෂතාවන් ඔප් නැංවීමේ වේදිකාවක් ලෙස කටයුතු කරන කෝදාගොඩ ගොල්ෆ් ශූරතාවලිය ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ ඉදිරි අනාගතය වෙනුවෙන් කරන ක්‍රියාකාරී ආයෝජනයකි. ව්‍යාපාරික අරමුණුවලින් ඔබ්බට යමින් සිය ආයතනික සමාජ මෙහෙවරෙහි වැදගත්කම අවබෝධ කර ගනිමින් පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) වසර 11ක් පුරා ශුරතාවලියේ අනුග්‍රාහකයෙකු ලෙස කටයුතු කරයි.
SOS ළමා ගම්මාන සංවිධානය නිර්මාණය කළ වීඩියෝවට සුමති සම්මාන
පසුගියදා පැවැති 30 වැනි සුමති සම්මාන උලෙළේදී ‘විශිෂ්ටතම ඩිජිටල් වෙළෙඳ දැන්වීම’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා SOS ළමා ගම්මාන සංවිධානය සමත් විය. මෙම සම්මානය හිමි වූයේ ‘ළමා අපචාර වළකමු එය වැඩිහිටි ඔබේත් මගේත් වගකීමයි’ යන තේමාව යටතේ නිර්මාණය කරන ලද වීඩියෝව වෙනුවෙනි.
SOS ළමා ගම්මාන යනු දෙමාපිය රැකවරණය අහිමි වූ හෝ අහිමිවීමේ අවදානමට මුහුණ දී සිටින දරුවන්ට පවුලකට සමාන රැකවරණයක් යටතේ හැදී වැඩීමට අවස්ථාව ලබාදීම අරමුණු කරගත් සුවිශේෂී සංවිධානයකි. මේ වන විට දිවයිනේ ගම්මාන 6ක නිවාස 72ක් හරහා එම සංවිධානයෙහි මෙහෙවර ක්‍රියාත්මක වේ.