හැඩැති කොළ රටාවන් ඇප්ලික් කරගත් සොඳුරු කුෂන් කවර සමූහයකි. වෙනස්ම වෙනස් ක්‍රමයකට නිමවා ගත් මේ කුෂන් රටා පෙළ ඔබේ ආලින්දයටත් විසිත්ත කාමරයටත් අගනා පෙනුමක් ගෙන දේවි.
අවශ්‍ය ද්‍රව්‍ය:-
ටැෆටා හෝ සැටින් රෙදි
කොළ කපා ගැනීමට ෆෙල්ට් හෝ බෝවා රෙදි
පැඩිං, ලයිනිං සඳහා රෙදි
ගැළපෙන වර්ණ නූල්
නිර්මාණය කිරීම:-
මෙම කුෂන් කවර අඟල් 16×16 ප්‍රමාණයට සකසා ඇත. ඒ නිසා මතුපිට රෙදි කොටස් (සැටින් හෝ ටැෆටා) අඟල් 16×1/4 ×16 1/4 ප්‍රමාණයට කපා ගන්න. කොළ හැඩයේ පතරොමක් සාදා එය භාවිත කර ෆෙල්ට් රෙදිවලින් හෝ බෝවා රෙදිවලින් කොළ හැඩතල කපාගන්න.
මතුපිට සාදා කපාගත් රෙදි කොටස් මත කපාගත් කොළ හැඩතල තබා අල්පෙනෙති ගසා ගන්න.
පසුව කොළවල හරි මැදින් මසා ගන්න. ඉන්පසු මතුපිට පළුව සඳහා ඔබට අවශ්‍ය නම් පැඩිං හා ලයිනිං තබා මසාගත හැකියි.
පසුව පිටුපස සඳහා කොටස් දෙකක් (අඟල් 16 1/2 × 8 1/2) කපා මැදින් සිප් එකක් තබා මසා හැඩ කරගත් මතුපිට පළුවට තබා මසාගන්න.
අවසානයේදී ඔබට මෙහි දැක්වෙන ලෙස හැඩැති කුෂන් කවර පෙළක් දැක ගත හැකියි.
ඔබේ දෑතේ හැකියාව මුවහත් කරගෙන දිරියෙන් ජීවිතයට මුහුණ දෙන්නට තරුණී වෙතින් අගනාම දේ හැමදාමත් ඔබට තිළිණ කරන්නෙමු. මෙලෙසින් අත්කම් පිටුවක් සරසන්නට ඔබටත් අවස්ථාව හිමි වේ.
ඔබේ අත්කම් නිර්මාණ ඉදිරිපත් කිරීමට තරුණී 0112429591 දුරකතන අංකය අමතන්න.
අචිනි ලක්මාලි චන්ද්‍රසේකර