අලුත විවාහපත් යුවළක් කිරි සිහිනය සැබෑ කරගැනීමේ අවිහිංසක බලාපොරොත්තුවක හැමවිටම නිමග්න වෙයි.
ස්වභාවික ක්‍රමයට දරුවකු පිළිසිඳ නොගත්විටදී ඒ සඳහා නළ දරු තාක්ෂණය භාවිත කළත් ඒ සඳහා වැයවන අධික මුදල හේතුවෙන් කිසිසේත්ම එම සිහිනය කරා ළඟා වන්නටවත් නොහැකිව ඒ සිහිනය බොඳ වූ යුවළ කොපමණ ඇද්ද?
කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව ඇති රාගම වෛද්‍ය පීඨය වසර 10ක 15ක සිටම සාඵල්‍යතා සායනයක් (Fertility Clinic) පවත්වා ගෙන යයි. එහිදී රුධිර පරීක්‍ෂණ ලබා ගැනීම් ගර්භාශයේ ධාතු තැන්පත් කිරීම (IUI), ස්කෑන් කිරීම ආදී දේ සහන පදනම මත ක්‍රියාත්මක වුණි.
සැමියාගේ හා බිරියගේ ශුක්‍රාණු හා ඩිම්බවල යම් යම් අඩුපාඩු ඇත්නම් ඒවාට ප්‍රතිකාර කිරීම මෙම සාඵල්‍යතා මධ්‍යස්ථානය ඔස්සේ මුල සිටම කෙරිණි.
ඒ මත පදනම්ව 2022 වසරේදී Reproductive Medical Unit එක ඇරඹිණි. ඒ අනුව රාගම වෛද්‍ය පීඨයේ නළ දරු තාක්‍ෂණය හෙවත් IVF ක්‍රමය 2024 වසරේදී සක්‍රියව ක්‍රියාත්මක විණි. ක්‍රමක්‍රමයෙන් එය දියුණු තත්ත්වයට ගෙන එන්නට විය.
IVF ක්‍රියාවලියට ඇතුළත් වන්නේ කාන්තාවකගේ ඩිම්බ කෝෂවලින් බිත්තර ලබා ගැනීම සහ පුරුෂයාගේ ශුක්‍රාණු සමඟ කෘත්‍රිමව සංසේචනය කිරීමයි. සංසේචනය කළ බිත්තරය කලලයක් ලෙස හැඳින්වේ. එය කාන්තාවගේ ගර්භාෂය වෙත මාරු කරනු ලැබේ.
පසුගිය වසරේ සාර්ථක පිළිසිඳ ගැනීම් දෙකක් සිදුවුවත් ඒවා පසුව ගබ්සා වීම්වලට ලක් විය. සම්මත ක්‍රමවේදයන්ට අනුව නළ දරු තාක්ෂණය යටතේ කලල දෙකක් මේ මවගේ ගර්භාශයේ තැන්පත් කෙරුණි.
ඇය අවුරුදු 31ක තැනැත්තියකි. විවාහ වී වසර 8ක් ගත වූ නමුත් ඔවුන්ට ස්වභාවික ක්‍රමයට දරුපල ලබා ගැනීමට නොහැකි වී තිබුණි. ඇය සාමාන්‍ය රැකියාවක නිරත වී සිටිය නිසා පෞද්ගලික අංශයේ රෝහලක් වෙත යොමු වී මෙම ප්‍රතිකර්මය සඳහා විශාල මුදලක් වැය කිරීමේ අවස්ථාව නොතිබුණි.
මේ මව රාගම රෝහලේ ලියාපදිංචි කර අවශ්‍ය ඖෂධ වර්ග ලබා දීම, ස්කෑන් සියල්ල ආදිය සිදු කෙරුණේ නොමිලයේය. නළ දරු තාක්ෂණයට අනුව කලලය ඇති කිරීම විද්‍යාගාරය යටතේ සිදුකෙරුණු අතර සීසර් ශල්‍යකර්මයකට අනුව දරු ප්‍රසූතිය අතිසාර්ථක අන්දමින් රාගම රෝහලේ දී සිදු කෙරුණි. මවත්, කිරිකැටි පුතුත් සුවයෙනි. දින 3ක් රෝහලේ ගතකර ඔවුන් නිවෙසට ගොසිනි.
නළ දරු තාක්ෂණයට අනුව කලලය පිළිසිඳ ගැන්වීම සිදු කෙරුණේ රාගම වෛද්‍ය පීඨයේ ප්‍රසව හා නාරිවේද අධ්‍යන්‍යංශයේ විශේෂඥ වෛද්‍ය හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුරංග හෙට්ටිපතිරණගේ මූලිකත්වයෙනි.
මෙය ශ්‍රී ලංකාවේ ප්‍රජනන සෞඛ්‍ය සේවාවේ වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කරන්නක් විය.
රාජ්‍ය අංශයේ IVF මධ්‍යස්ථානයකින් නළදරු තාක්ෂණය භාවිත කරමින් සිදුකළ, ගැබ් ගැන්වීමකින් රජයේ රෝහලකදී සිදු කරනු ලැබූ පළමු දරු ප්‍රසූතිය මෙය වීම සුවිශේෂී තත්ත්වයකි. වසරක පර්යේෂණ කාර්යයක සාර්ථක ප්‍රතිඵලයක් වූ මෙම නළ දරු ගැබ් ගැන්වීම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදුකරන ලද සුවිශේෂි කර්තව්‍යයකි.
කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රසව හා නාරිවේද අධ්‍යන්‍යංශයේ ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රසික හේරත් ප්‍රමුඛ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් සීසර් සැත්කම සිදුකරන ලදී.
කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඒකකයේ ඉමහත් කැපවීමක ප්‍රතිඵලයක් ලෙස මෙම අවස්ථාව සැලකිය හැකියි.
කලල අධිශීතකරණවල තැන්පත් කිරීමේ පහසුව ඇතත් ඒවා පවත්වාගෙන යෑමේ කර්තව්‍යය තවම සිදුවන්නේ නැත. ඒ සඳහා විශාල මුදලක් වැය වේ. මේ නිසා මෙතෙක් කිසිම කලලයක් අද ශීතකරණවල තැන්පත් කොට නැත.
ලක්ෂ 10ත් 15ත් අතර මුදලක් වැය කිරීමට නොහැකිකමින් දරු පල
සිහිනය යථාර්ථයක් කර ගැනීමට නොහැකි වූ යුවළ මෙතෙකැයි කිව නොහැකියි.
මෙතෙක් පුද්ගලික රෝහල්වලට පමණක් සීමාවුණු මේ සුවිශේෂී අවස්ථාව දැන් සාමාන්‍ය පවුල්වල යුවළ වලටද අවස්ථාවක් වී ඇත. 2025 වසර සඳහා ලියාපදිංචි කිරීම දැන් අවසන් වී ඇත. 2026 වසර සඳහා වන ලියාපදිංචි කිරීම් ඔක්තෝබර් මස සිට ඇරඹේ. සතියේ දින පහේම උදේ සිට හවස දක්වා මෙම සායනය පැවැත්වෙන අතර එහිදී ලියාපදිංචි වීම සිදුකරගත හැකියි.
දැනට මේ සඳහා වන සියලු වියහියදම් දරන්නේ විවිධ ප්‍රදානයන් ඔස්සේ ලැබුණු මුදල්වලිනි. ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් නළයක් තුළදී සංසේචනයට ලක් කොට කලලය ගර්භාශයේ තැන්පත් කිරීම දක්වා වන ක්‍රියාවලියට අවශ්‍ය වන ඖෂධ සහ අනෙකුත් උපකරණවලට විශාල මුදලක් වැය වේ. ඉතිරි වැඩ කටයුතු සියල්ලම පාහේ රෝහල වෙතින් සිදු කෙරේ.
ඉදිරියේදී මේ සඳහා වැය වන මුදල් එක්කෝ රජය විසින් දැරිය යුතු වෙයි. නැතිනම් මවුපියන්ට දරන්නට සිදුවෙයි. මෙම මුදල පෞද්ගලික රෝහලකදී අයවන මුදලට වඩා භාගයක් පමණ වේ.
අපේ රටේ රජයේ රෝහලක IVF එකක් කරන්නට වන නිර්ණායකයන් මේ වනවිට සකස් වෙමින් පවතී. එය රජයේ ප්‍රතිපත්තීන්ට අනුකූලව සිදුවේ.
ලියාපදිංචි වූ යුවළ පිළිවෙළින් ගෙන්වා ගෙන ඔවුන් අදාළ නිර්ණායකයන්ට යටත්ව ඇත්දැයි පළමුවෙන්ම සලකා බලයි. උදාහරණයක් ලෙස ශ්‍රී ලාංකික පුරවැසියකු වීම, දැනට ජීවතුන් අතර එක් දරුවකු හෝ සිටීම…. මේ සරල නිර්ණායකයි. මෙවැනි නිර්ණායකයන් තවත් බොහෝ එක් වේවි.
විශේෂ ස්තූතිය :
කැලණිය විශ්වවිද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය ඒකකයට
ආශිර්වාදිනි හෙට්ටිආරච්චි