වෛද්‍යවරයා රෝගයකට ඖෂධ ලබාදෙන විට කෑමෙන් පසු සහ පෙර යනුවෙන් නියම කරයි. නමුත් එය හරිම විදිහට ගන්නේ කොහොමද කියලා වැඩි දෙනෙක් දැනුම්වත් නැහැ. ඒ නොදැනුවත්භාවය නිසා ඖෂධයේ නියම ගුණය ශරීරයට නොලැබී යාවී. ඒ නිසා ඒ ගැන හරි අවබෝධයකින් කටයුතු කිරීම වැදගත්.
කෑමට පෙර
කෑමට පෙර යනුවෙන් සඳහන් කරන්නේ හිස් බඩ මේ ඖෂධය ලබා ගත යුතුය යන්නයි. එහිදී කෑමට විනාඩි 30 හෝ පැයක කාලයක් තුළ දී ඖෂධ ලබාගත යුතුය. ඒ හරහා ආහාරවලින් බාධාවකින් තොරව එම ඖෂධය වඩා හොඳින් අවශෝෂණය වේ. ඔමෙප්‍රසෝල්, පැන්ටොප්‍රසෝල් සහ යකඩ අතිරේක එයට උදාහරණ වේ.
කෑම සමඟ
ඇතැම් විෙටක සමහර ඖෂධ ආහාර සමඟ ගැනීමට නියම කරයි. එහිදී ආහාර ගන්නා අතරතුර හෝ කෑම ගත් වහාම ගැනීම කළ යුතුයි. එය ආමාශයේ අවශෝෂණය වැඩි දියුණු කිරීමට උපකාරී වේ. මෙට්ෆෝමින්, NSAIDs (ඉබුප්‍රොෆෙන්, ඩයික්ලොෆෙනැක්), මේද-ද්‍රාව්‍ය විටමින් (A, D, E, K) ඊට උදාහරණ වේ.
කෑමෙන් පසු
කෑමෙන් පසු යනුවෙන් සඳහන් කරන්නේ කෑම ගැනීමෙන් විනාඩි 30ක් ඇතුළත ඖෂධ ලබාගන්න යන්නයි. එය ආමාශයේ අවශෝෂණයට සහය වෙයි. ඔග්්මෙන්ටින් (ඇමොක්සිසිලින් + ක්ලවුලානික් අම්ලය) වැනි ප්‍රතිජීවක ඊට උදාහරණ වේ.
කෑම නොසලකා
එම ඖෂධ ලබා ගැනීමට ආහාර ගැන සැලකිමත්් විය යුතු නොවේ. එවැනි ඖෂධ ආහාර අවශෝෂණයට සැලකිය යුතු ලෙස බලපාන්නේ නැත. පැරසිටමෝල්, ඇම්ලොඩිපයින්, ඇටෝර්වාස්ටැටින් (රාත්‍රියේදී ගැනීම වඩාත් සුදුසුය) ඊට උදාහරණ වේ.
සාමාන්‍යයෙන්, ඖෂධ ගැනීම සඳහා සුදුසුම තේරීම වන්නේ කාමර උෂ්ණත්වයේ ඇති ජලයයි. ඒ නිසා ඖෂධ ලබා ගැනීමේදී සාමාන්‍ය ඇල් ජලය භාවිත කළ හැකිය.