මේෂ
තමාගේ අලස බව නිදිමත බව මඟහැරී යන කාලයකි. සහජ දක්ෂතා මතු වේ. තැන්පත් ධනය වර්ධනය කෙරේ. පවුලේ කරන වැඩවලින් දියුණුව ලබයි. පෙර පැවති රෝග මඟහැරී යයි. අන් අය අතර ජනප්‍රිය වේ. රැකියා දියුණුව ද ඇති කරයි.
වෘෂභ
කලා කටයුතුවල සිටින අයට විශාල දියුණුවක් මතු වේ. විදෙස් හා රාජ්‍ය අංශවලින් අනුග්‍රහය දියුණුව ඇති කරයි. තම පෞද්ගලික බලය වැඩි වේ. මංගල යෝග ද හිමියි. දරුවන්ගේ, සොයුරන්ගේ දියුණුව ඇති වේ.
මිථුන
දෑතේ කර්මාන්ත කරන අයට දියුණුව හිමිවේ. අන් අයගේ ගෞරවය ලබයි. අධ්‍යාපනය වෙනදාට වඩා උනන්දුවෙන් කරයි. භූමි ලාභ ලබන අතර රැකියා හා වෘත්තිමය දියුණුව මතු වේ. අන් අයට ඒවා දකින්නට ලැබී තම තත්ත්වය උසස් කරගනී.
කටක
අලුත් අධ්‍යාපනයක් ලබන්න ආරම්භයට සුබ වේ. සිතේ බිය දුරු වී යයි. ඕනෑම වැඩක් කිරීමේ ශක්තියක් සිතට මතු වේ. වැවිලි ක්ෂේත්‍රයේ හා භූමි සම්බන්ධ කටයුතුවලින් වැඩි ලාභ හිමි වේ. රැකියාවේ ද පෙර කරදර බාධා නැති වී තම ස්ථාවරත්වය හිමි වේ. මංගල කටයුතුවලදී ඉතා ප්‍රවේශසම් වන්න. සුබ මංගල යෝග ද හිමිය.
සිංහ
යසස කීර්තිය වැඩි වේ. නායකත්වය ගෙන තම කටයුතු කරයි. අන් අයගෙන් ගෞරව ලාබ අතර ලැබීම් ද වේ. ගෙදර දොර ප්‍රශ්න මඟහැරේ. අධ්‍යාපනය දියුණු වේ. රැකියා ව්‍යාපාර යහපත්වන සතියකි. තරමක් රෝගී තත්ත්වවලින් පීඩා ඇති වෙයි. විදෙස් ගමන් ධනය ලබයි.
කන්‍යා
තම දක්ෂතාවලින් කරන වෘත්තියේ ස්වයං දියුණුව ඇති කරයි. අධ්‍යාපනය සාර්ථක වෙයි. කතාව මුල් කරගෙන කරන වෘත්තීන්ගේ ජනප්‍රියත්වය හා දියුණුව ඇති වේ. විදෙස් ගමන් හිමිය.
තුලා
දියුණුව මතු වේ. නව රැකියා බලාපොරොත්තු අයට ලැබීම් ඇති වේ. දෙස් විදෙස් ලාභ හිමිවේ. සාර්ථක අධ්‍යාපනයක් හා අන් අයගේ වරප්‍රසාද හිමි වේ. උසස් විවාහ යෝග මතු වේ. සුළු රෝග පැවතියත් ඒවා බලවත් නොවේ.
වෘශ්චික
වෘත්තීමය දියුණුව ආර්ථික දියුණුව මතුවේ. නව අදහස් මතු වී ව්‍යාපාර නවීකරණයවන අතර සතුරු කරදරවලින් පැවතී පීඩා මඟහැරී නිදහස ලබන සතියකි. විදෙස් ගමන් බාධා ඉවත් වී යයි. යුග දිවියේ ප්‍රශ්න නැති වී සමඟිය හා දියුණුව උදා කරයි. සෙම් රෝග, උෂ්ණ රෝග මතු කරයි.
ධනු
පෙර පින මතුවන කාලයකි. තරමක් ස්ථිර ගති මතු වී සිතුවිලි යටත් නොවන ගති මතු වේ. අධ්‍යාපනයට ඉතා සුබවන අතර දරුවන් හෝ පවුලේ අය නිසා සිත් රිදීම් මතුවන සතියකි. මානසික පීඩා මෙන්ම අස්ථි ආශ්‍රිත රෝග ඇතිවේ. රැකියාවේ තරමක් බාධා ඇති වේ.
මකර
පෙර පැවති මානසික පීඩා මඟහැරී යම් සහනයක් ලැබේ. නොසිතු ලෙස ධනයක් හිමි කරයි. දරුවන්ගේ ප්‍රශ්න හෝ ගෙදර දොර කරදර සහිත වේ. පිටස්තර අය හා විශ්වාසවන්ත සබඳතා ගොඩනැගේ. අධ්‍යාපනයට සුබය. මංගල යෝග උදා කරයි. පියාට හෝ පියපස ඥාතීන්ට (නෑදෑයන්ට) අසුබයි. පෙර පැවති බොහෝ රෝග මඟහැරි යයි.
කුම්භ
පවුලේ කරදර හා පීඩා මතුකරයි. නමුත් ඒවා විඳ දරාගෙන විසඳා ගැනීමට ශක්තියක් හිමිවේ. හදිසි අනතුරු මතුවේ. ප්‍රවේසම් වන්න. අධ්‍යාපනය යහපත්වන අතර සුළු රෝග නිතර ඇතිවීමෙන් බාධා ඇති වේ. ලැබීම් දියුණුව ඇත. පැවති ලෙඩ අසනීප නැවත මතුවන යෝග ඇත.
මීන
පවුලේ අඩදබර මතු කරයි. සිත් රිදීම් හා මානසික පීඩා ඇති කරයි. නමුත් සිතට බලවත් ශක්තියක් ඇති වී ඕනෑම දෙයක් විඳදරා ගනී. දරුවන්ගේ ප්‍රශ්න ද එයි. ආර්ථිකය තරමක් මඟ හැරේ. වියදම් අධික වේ. නොසිතූ ලෙස මුදලක් ලබන යෝග ඇත. සෙම් ආශ්‍රිත රෝග වැඩි වේ.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී සංගීතා වික්‍රමසිංහ