Tuesday, September 2, 2025
Epaper

BIZ Zone

by Thanushika

Doc990 සහ Allianz Insurance Lanka වෙතින් OPD Wallet

Digital Health (pvt) Ltd ( Doc990) සහ Allianz Insurance Lanka Ltd එක්ව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට රක්ෂණ සේවා ඒකාබද්ධ කෙරෙන OPD Wallet හඳුන්වා දේ.

Allianz සෞඛ්‍ය රක්ෂණ හිමියන්ට මෙම OPD Wallet එක හරහා දැන් Doc990 ඔස්සේ වඩාත් පහසුවෙන් වෛද්‍යවරුන් චැනල් කිරීමට හැකි අතර ඒ සඳහා වැයවන ගාස්තු OPD රක්ෂණ ප්‍රතිලාභ හරහා ස්වයංක්‍රීයව පියවේ. එවිට රක්ෂණ හිමියාට වෛද්‍ය ගාස්තු ගෙවීම සඳහා මුදල් ප්‍රතිපූර්ණයක් අයදුම් කිරීම අවශ්‍ය නොවන අතර මෙම ස්වයංක්‍රීය මුදල් ගෙවීමේ පහසුකම මඟින් ඔවුන්ට ඉතාම පහසු සෞඛ්‍ය සේවා අත්දැකීමක් හිමිවේ. එපමණක් නොව Doc990 හරහා වෛද්‍යවරුන් චැනල් කිරීමේ ගාස්තු සඳහා සියයට 35ක වට්ටමක්ද ලබාදෙයි.


HDFC වෙතින් හරිත ඉතුරුම් සැලසුම්

HDFC බැංකුව තම පළමු හරිත ඉතුරුම් ගිණුම HDFC Go Green නමින් පසුගියදා හඳුන්වා දෙන ලදී.

HDFC Go Green පාරිභෝගිකයන්ට ඉහළ මූල්‍ය ප්‍රතිලාභ පිරිනමන අතරතුර පරිසරයේ යහපැවැත්ම සඳහා දායක වීමේ අවස්ථාවද උදාකරයි.

2025 ලෝක පරිසර දිනය සමරමින් සාම්ප්‍රදායික බැංකු කරණීයෙන් ඔබ්බට යමින් මෙම ඉතුරුම් ගිණුම හඳුන්වා දෙන ලද අතර මේ මගින් රැස් කර කර ගන්නා අරමුදල් ආයෝජනය කරනු ලබන්නේ හරිත ණය සැලසුම් සහ පාරිසරික වශයෙන් තිරසාර ව්‍යාපෘති සඳහාය. Go Green ගිණුම් හිමියන්ගේ අර්ථවත් වැඩසටහනක් සඳහා දායක වීම ඇගයීමට හරිත ආයෝජන සහතිකයක් ලබා දෙයි. පාරිසරික දායකත්වය සඳහා දායක වීමට අමතරව පාරිභෝගිකයන්ට මේ සඳහා විශේෂ පොලී අනුපාතයක් පිරිනැමේ.


‘Know Your Neethi’ නීති ආධාර සහ දැනුම්වත් කිරීමේ කඳවුරු මඟින් නීති සහාය

නෛතික සාක්ෂරතාවය සහ යුක්තිය සඳහා ප්‍රවේශය වැඩි දියුණු කිරීම වෙනුවෙන් නීති ආධාර සහ දැනුම්වත් කිරීමේ කඳවුරු මාලාවේ Know Your Neethi වැඩසටහනේ තවත් අදියරක් බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙය යුරෝපා සංගමයේ අරමුදල් දායකත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ඒකාබද්ධව අධිකරණ අමාත්‍යාංශයේ සහායද ඇතිව ක්‍රියාත්මක කරනු ලබන යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතියේ තවත් එක් පියවරකි.

නෛතික දැනුම සහ යුක්තිය සඳහා පවතින අවස්ථාවන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව ගතික ප්‍රජා කේන්ද්‍රීය වේදිකාවක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි. සැමට සමානාත්මතාව යන තේමාව පෙරදැරි කරගනිමින් කාන්තාවන් ආබාධ සහිත පුද්ගලයන් සුළුතර ජන කණ්ඩායම් වැනි ආන්ත්‍රීකරණයට සහ අවදානම්වලට ලක්විය හැකි කණ්ඩායම් ඇතුළුව සාම්ප්‍රදායික අඩු පහසුකම් සහිත ප්‍රජාවන් සක්‍රියව දායක කරගැනීමේ අරමුණින් මෙම වැඩසටහන නිර්මාණය වී තිබුණි.


FACETS SriLanka 2026 Cinnamon Life හිදී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS SriLanka හි 32 වැනි ප්‍රදර්ශනය 2026 ජනවාරි 03 දා සිට 05 දා දක්වා Cinnamon Life City of Dreams හෝටල් පරිශ්‍රයේ The Forum හිදී පැවැත්වීමට නියමිතය.

FACETS ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ වටිනා උරුමය සහ එහි අනාගතය මැනවින් ඉස්මතු කරන දූරදර්ශී සංකල්පයක් හඳුන්වාදෙයි. නව ප්‍රදර්ශන අනන්‍යතාවක් සිත් ඇදගන්නා සුළු සුවිශේෂී අත්දැකීමක් මෙන්ම නවෝත්පාදනය පදනම් කරගත් ව්‍යාපෘතියක් වන FACETS 2026 හරහා මැණික් සඳහා විශේෂ වූ අන්තර්ජාතික ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ උරුමය විඳගැනීමට ලෝකයට ඇරයුම් කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මැණික් අලෙවිකරුවන් ස්වර්ණාභරණ නිර්මාණ ශිල්පීන් සහ නැඟී එන නිර්මාණකරුවන් ඇතුළු ප්‍රදර්ශකයන් සියයකට අධික සංඛ්‍යාවක් මෙවර FACETS 2026 ප්‍රදර්ශනය සඳහා සහභාගි වීමට නියමිතය. මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නියැළී සිටින කාන්තාවන් සවි බල ගැන්වීම ද මෙම ප්‍රදර්ශනයට සමගාමීව සිදුවේ.


ඇම්රැක් සහ ඩීකින්, ශ්‍රී ලාංකික හෙද සිසුන් ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනයට

ඇම්රැක් වෛද්‍ය විද්‍යා ආයතනය සහ ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලය, ශ්‍රී ලාංකික හෙද සිසුන්ට ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි හෙදියන් වීමට මාවතක් විවර කිරීම උදෙසා හවුල්කාරිත්වයකට එළැඹ තිබේ.

මේ තුළින් ඇම්රැක්හි තෙවැනි වසරේ හෙද සිසුන්ට ඔවුන්ගේ අවසන් වසරේ අධ්‍යයන කටයුතු සඳහා ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලයට පිවිසිය හැකි අතර අධ්‍යයන කටයුතු අවසානයේ දී, ඩීකින් විශ්වවිද්‍යාලයේ උපාධියක් සහිතව ඔස්ට්‍රේලියාවේ හෙදියන් ලෙස ලියාපදිංචි වීමට සහ සේවය කිරීමට අවස්ථාව හිමිවේ.

හෙද සහ සෞඛ්‍ය විද්‍යා වැඩසටහන් සඳහා ගෝලීය ශ්‍රේණිගත කිරීමක් සහිත ඩීකින් විශ්වවිද්‍යාලය, මෙම හවුල්කාරීත්වයට අධ්‍යයන විශිෂ්ටත්වය සහ නවෝත්පාදනය එක් කරන අතර, JCI-අනුමැතිය ලත් ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යයන සහ සායනික පුහුණුව සමඟින් ඇම්රැක් එය තවදුරටත් ශක්තිමත් කරයි.

ඇම්රැක්, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) අනුමත ආයතනයක් වන අතර එහි උපාධිධාරීන් පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන කවුන්සිලය (PHSRC) යටතේ ලියාපදිංචි වීමට ද සුදුසුකම් ලබයි.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?