හිමාලි සිරිවර්ධන, ඇය ගැන මේ දවස්වල බොහෝ දෙනා කතා කරන්නෙ සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ ඒ වීඩියෝව නිසා කිව්වොත් හරි. හිමාලි මුහුණදුන්න මේ හදිසි අනතුර ගැන බොහෝ අය විවිධ දේවල් කියලා තිබුණා. ඉතින් අපි හිතුවා ඇයගෙන්ම ඒ කතාව අහලා දැනගන්න.
ඇත්තටම හිමාලි එදා මොකද වුණේ?
මම අතුරුගිරිෙය ෂූට් එකකට ගියා. අපිට මේකප් කරන්න දීලා තිබුණේ එතැන උඩ තට්ටුවේ. ඉතින් මේකප් කරලා කොණ්ඩේ හදලා මං පහළට බැස්සේ ෂූට් එකට යන්න. ඒ වෙලාවේ වැහැලා තිබුණේ. ඒ නිසා පඩිපෙළ තෙමිලා. මගේ සෙරෙප්පුව ලිස්සලා වැටුණා. ඇත්තටම එතැන අල්ලගන්නවත් තැනක් තිබුණේ නැහැ.
ඇත්තටම එක සීන් එකකට තමයි මං එදා ගියෙත්. වැටුණට පස්සේ මම හිතුවේ ලොකු ඩැමේජ් එකක් වෙලා ඇති කියලා. මගේ කොන්ද හරි කැඩිලා ඇති කියලා. ඒ නිසා මං එකපාරටම නැඟිටින්න උත්සාහ කළේ නැහැ. එතැන හිමි අය ඉක්මනට කරන්න පුළුවන් ප්‍රථමාධාරත් ලබාදුන්නා. මං ගොඩක් වෙලා එතැන රෙස්ට් කළා. මගේ මුහුණට මල් පෝච්චියක් වැටුණා. ඒත් මුහුණට මුකුත් වෙලා තිබුණේ නැහැ. පොඩි පොඩි තැළීම් ටිකක් තමයි තිබුණේ. ඒවට අයිස් තියලා අවශ්‍ය මූලික දේවල් එතැනදී සිදුවුණා. ඒ ලොකේෂන් එකේ හිටිය අයට, ඒ ගෙදර අයට ස්තූති කරන්න ඕෙන මම, ඒ අවස්ථාවේ කරන්න ඕෙන හැම දෙයක්ම ඒ අය කළා. ඊට පස්සේ තමයි මම රෝහලට ආවේ මේ ගැන පරීක්ෂා කරගන්න. මේ සිද්ධියට පස්සේ දවසේ තමයි මේ වීඩියෝ එක ශෙයාර් වෙලා තිබුණේ.
මේ වෙනකොට සැපදුක් කොහොමද?
මේ වෙනකොට සුව වෙමින් ඉන්නේ. ඇත්තටම මට ලොකු ඩැමේජ් එකක් වුණේ නැහැ. ඒත් තැළීම්, සීරීම් තුවාල එහෙම තියෙනවා. ඒත් ගොඩක් දරුණු විදිහට වැටුණු හින්දා ඇඟේ වේදනාව තවම තිෙයනවා. ඒ අවස්ථාව එක්ක බලනකොට මේ වෙද්දී මට ඇත්තටම පොඩි සුවයක් දැනෙනවා.
මේ අනතුරත් එක්ක ක්ෂේත්‍රයට සම්බන්ධ ගොඩක් දෙනෙක් කතා කළා. මට වඩා මගේ පවුලේ අයට කතා කරලා සුවදුක් විමසලා තිබුණා. ඉතින් ගොඩක් ස්තූතිවන්ත වෙනවා මං ඒ අයට. මොකද අපිට කරදරයක් කියලා දැනගත්තාම එහෙම පිරිසක් අපිත් එක්ක ඉන්නවා කියලා දැනුණාම ඒ හයිය, ඒ සතුට ඇත්තටම මට දැනුණා.
ඉතින් අපිත් හිමාලිට ඉක්මන් සුව ප්‍රාර්තනා කරනවා.