Tuesday, September 2, 2025
Epaper
Home පුවත්සුරම්‍යාගෙන් සැලෝන් රන් රූ

සුරම්‍යාගෙන් සැලෝන් රන් රූ

by Thanushika

ජාතික රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ (වැඩසටහන්) තනතුරෙහි සිට මාධ්‍යවේදිනියක, ගී පද රචිකාවක, රංගන ශිල්පිනියක ලෙස සිය වසර 42ක මාධ්‍ය දිවියේ අත්දැකීම් ඇති සුරම්‍යා මාපිටිය පසුගියදා වෙනස්ම විදිහක වැඩකට අත තබා තිබුණා.

මොකක්ද මේ අලුත් වැඩේ?

මම පසුගියදා “සැලෝන් රන් රූ” නමින් පිළියන්දල සැලෝන් එකක් විවෘත කළා. මට හොඳ සේවක මණ්ඩලයක් ඉන්නවා. මට තියෙන අත්දැකීම් එක්ක මම මේ ව්‍යාපාරය කලාත්මක මුහුණුවරකින් ආරම්භ කළේ. ආයුර්වේද රූපලාවණ්‍ය වගේම ඉන්දියාවෙත් මම රූපලාවණ්‍ය පාඨමාලාවක් කළා.

නුගසෙවණ වැඩසටහන ආරම්භ කළේ මගේ සංකල්පයකින්. ලංකාවේ බොහොමයක් කාන්තා වැඩසටහන් බොහොමයක් මගේ මූලිකත්වයෙන් ගෙන ගියේ. ඒ නිසා කාන්තාවගේ පෙනුම ලස්සනට තියාගන්න එක ගැන මට හොඳ අත්දැකීම් තියෙනවා. ඉස්සර නම් පාසල, කඩේකට, ළඟපාතකට ගියා කියලා ලොකුවට සූදානම් වෙලා ලස්සනට යන්නේ නැහැ. හැබැයි දැන් අල්ලපු ගෙදරට ගියත් ලස්සනට යන්න අපේ කාන්තාවෝ පුරුදු වෙලා ඉන්නවා. ඒක හොඳ දෙයක්. ලස්සන කියන දේ මුලින්ම දකින්න ඕනේ තමන් දිහා බලලයි. ඒක ශාරීරිකව වගේම මානසිකවත් බලපානවා. ලස්සනට හිටියොත් ඒක සෞඛ්‍යටත් හොඳයි. මේ අවස්ථාවට රූපලාවණ්‍ය ශිල්පිනී චාන්දනී බණ්ඩාර ඇතුළු රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණ අය වගේම කලා ක්ෂේත්‍රයේ අයත් සම්බන්ධ වුණා.

ඇයගේ අලුත් කර්තව්‍යට තරුණී අපෙන් සුබ පැතුම් !

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?