ඉවෙන්ට් ලංකා වෙතින් සිවුවැනි වරටත් සංවිධානය කරන “රූ රෑ” නර්තන ප්‍රසංගය සැප්තැම්බර් 02 වැනිදා සවස 5ට නෙළුම් පොකුණේ දී පැවැත්වේ.
ශ්‍රී ලංකාව පුරා සිටින රූපලාවණ්‍ය ශිල්පි ශිල්පිනී 100ක් එදින නර්තන හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට නියමිතය. එම අවස්ථාවට කලාකරුවන් සහ රූපලාවණ්‍ය ශිල්පීන් 1250ක් පමණ සහභාගි වීමට නියමිතය. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින රූපලාවණ්‍ය ශිල්පි ශිල්පිනීන් එකම තැනකට ඒකරාශී කිරීමේ අරමුණින් සහ ඔවුන්ගේ හැකියාව ප්‍රදර්ශනය කිරීමේ අරමුණෙන් සංවිධානය වන මෙම නර්තන ප්‍රසංගයේ පුහුණු වීම් කටයුතු කරනු ලබන්නේ තරංගා නර්තන ඇකඩමිය විසිනි.